2009-12-08

අපේ උද්ඝෝෂණය රහුමාන්ලා, අජ්මාල්ලා කඩාකප්පල් කළා -වික්‍රමබාහු


(2009 දෙසැම්බර් 08 - W3Lanka) 'මුස්ලිම් වාමාංශික පෙරමුණ' විසින් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා වන මහින්ද රාජපක්ෂට හා සරත් ෆොන්සේකාට එරෙහිව පසුගිය සිකුරාදා සංවිධානය කර තිබුණු උද්ඝෝෂණයක් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ පිරිස් විසින් කඩාකප්පල් කරන ලද බව වාමාංශික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක  ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසයි. 

සිකුරාදා යාඥාවලින් පසු පැවැත්වීමට සංවිධානය කර තිබුණු මෙම උද්ඝෝෂණය කඩාකප්පල් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ දේශපාලනයකු වන මුජිබර් රහුමාන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනඥයකු වන අජ්මාල් මව්ජූඩ් මැදිහත් වූ බව වාමාංශික පෙරමුණ පවසයි. 

මෙම උද්ඝෝෂනය හරහා මුස්ලිම් ජනයා අනතුරට හෙළන බව ඔවුන් විසින් පෙන්වා දෙන ලද බව පැවසේ. 


මුජිබර් රහුමාන් එක්සත් ජාතික පක්ෂයට බැඳීමට පෙර වාමාංශික නැඹුරුවක් සහිත මුස්ලිම් පක්ෂයක් වූ මුස්ලිම්එක්සත් විමුක්ති පෙරමුණේ නායකයායි. එකල වික්‍රමබාහු කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් නව සමසමාජ පක්ෂය හා මුස්ලිම් එක්සත් විමුක්ති පෙරමුණ එක්සත් ක්‍රියාමාර්ගවල සිටියහ.


වික්‍රමබාහු පවසන 'මුස්ලිම් වාමාංශික පෙරමුණ' ප්‍රසිද්ධ සංවිධානයක් නොවේ.


කොළඹ නගරය විශාල මුස්ලිම් ජනගහණයක් ජීවත් වන ප්‍රදේශයකි.

1 comment:

  1. MUSLIM LEFT FRONT LEAD THE STRUGGLE AGAINST THE BAN ON LONG DRESS, THE AGITATION AGAINST KILLINGS IN CUSTODY, THE AGITATION AGAINS RACKET ON MUSLIM PILGRIMS.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.