2009-12-02

'ලංකාවේ මීළඟ ජනාධිපති විය යුත්තේ කවුරුද?' ජනමත සමීක්ෂණයේ ප්‍රතිඵල

(2009 දෙසැම්බර් 02 - W3Lanka) අප විසින් සිංහල භාෂාව පරිහරණය කරන අන්තර්ජාල ප්‍රජාව අතර පවත්වන ලද පූර්ව ජනාධිපතිවරණ ජනමත සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඉදිරියෙන් සිටින්නේ විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකායි.


එක් ඊමේලි ලිපිනයකින් එක් වරක් පමණක් ඡන්දය ප්‍රකාශ කළ හැකි වූ මෙම ජනමත සමීක්ෂණයේදී අප විසින් අසන ලද පැනය 'ලංකාවේ මීළඟ ජනාධිපති විය යුත්තේ කවුරුද?' යන්නයි. 


එහිදී 889ක් අදහස් දක්වා තිබුණු අතර   468 (52%)ක් ප්‍රකාශ කර තිබුණේ සරත් ෆොන්ස්කා ජනාධිපති විය යුතු බවයි.   අදහස් දැක්වූවන් 317 (35%)ක් මහින්ද රාජපක්ෂ ජනාධිපති විය යුතු බව පවසා තිබිණි. 


රනිල් වික්‍රමසිංහ ජනාධිපති විය යුතු බව පවසා තිබුණේ 41 (4%)ක් පමණි. 'මේ කිසිවකු නොවේ' යන පිළිතුර දුන් සංඛ්‍යාව 63 (7%)කි. 

අපගේ බ්ලොග් අඩවිය ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ම දැඩිව විවේචනය කළ එකකි. මෙම ජනමත විමසුම පිළිබඳ අප කිසිදු ප්‍රචාරයක් නො කළ අතර, අදහස් දැක්වීම අප බ්ලොග් අඩවියට පිවිසි අය විසින් අහම්බෙන් එය දැකීමෙන් කරන ලදී. 


මෙම ජනමත සමීක්ෂණයේ ප්‍රතිඵලය සමස්ත ඡන්දදායක සමාජය සඳහා ම අදාළ වේ යයි අපි නො සිතමු. මෙම ප්‍රජාව අතර දෙමළ බස භාවිතා කරන පිරිස් වූයේ අවමයකි. පරිගණක භාවිතය හා අන්තර්ජාලය පිළිබඳ නො දත් ලංකාවේ බහුතර ජනයාගේ අදහස් මේ ඔස්සේ නිරූපණය වේ යයි ද අපි නො කියමු. 


එහෙත්, මෙම ජනමත විමසුමේ තීන්දුව අනාගත දිශානතිය පිළිබඳ සංඥාවක් සපයන බව අපගේ විශ්වාසයයි. ලංකාවේ ජනමත ගොඩනැඟීමේ කාර්යයේදී මෙම අන්තර්ජාල ප්‍රජාව විශාල වැඩ කොටසක් කරති. 



4 comments:

  1. ාමාන්‍යයෙන් මැතිවරණයකදී කිසිම අ‍‍පේක්ෂකයෙක=ට සහාය නොදක්වන අය මැතිවරණ ප%චාරක ව්‍යාපාරයෙන් පසුව අවසන් දින කිහිපයේ තම ජන්දය බොහෝ දුරට භාවිතා කරයි. මේ කිසිවෙක් නොවේ යන ප%තිශතයෙන් 4%ක් තම අපේක්ෂකයා වෙත වෙනස් කර ගන්නට ජනතා විමුක්ති පෙරමුණේ ප%චාරක යාන්ත%ණයට හැකිවුවහොත් මහින්ද රාජපක්ෂට පැහැදිලි අභියෝගයක් එල්ල කිරීමට හැකිය.
    - 4% උපකල්පනය ඉහත සමීඣෂණය පාදක කර ගනිමිනි-

    ReplyDelete
  2. Blogger එකේ තියන poll එකේ එක්කෙනෙකුට එකකට වඩා votes කරන්න පුලුවන් එක නිසා ඕක %100 නිවැරදි නැහැ

    http://web.graphics.lk/
    මෙකේ තියන poll එක,එක PC එකකින් එක්කෙනෙක්ටයි votes කරන්න පුලුවන්,

    %100 correct

    ReplyDelete
  3. මේක පිලිබද 100%ක් විශ්වාස ක‍්රන්න අමාරුයි මොකද blogger එකේ poll widget එක සාධාරන නෑ. polldaddy එකෙන් හදන poll වල එක ip address එකකින් සහ එක ප‍රිඝනකයකින් එක ඡන්දයක් පමණයි දාන්න පුළුවන්.
    http://waranaya.blogspot.com/2009/11/who-will-be-next-president-of-sri-lanka.html

    ReplyDelete
  4. ඔක කොහොමත්ම විශ්වාස කරන්න බැහැ Router එක off කරලා ගත්තාම IP වෙන එකක්නේ තියෙන්නෙ,

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.