2009-12-03

ඔක්කොම කුණු බේරුවල්බොක්කට; ප්‍රියංගා කොතලාවලත් ජානිපෙට


(2009 දෙසැම්බර් 03 - W3Lanka) පසුගියදා ලොකු සද්දයක් දමාගෙන ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා අස් වූ බව නිවේදනය කළ හිටපු මධ්‍යම කමිටු සාමාජිකාවක හා සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා වී සිටි ප්‍රියංගා කොතලාවල ඊයේ පැවති ජාතික නිදහස්‌ පෙරමුණේ සම්මේලනයේදී එම පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තාය.


2009 මාර්තු 08වෙනිදා පැවති කාන්තා දින සමරු උළෙල ඇමතූ සමාජවාදී කාන්තා සංවිධානයේ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල "‍සියලු භේද පසෙක තබා එකම අරමුණක් වෙත, එකම ඉලක්කයක් වෙත යන්න සූදානමින් අපි අද මෙතැනට ඇවිත් ඉන්නවා. ඒ අරමුණ ජයගන්න අප හමුවේ තිබෙන අභියෝගය ජයගන්න කවුරුත් සවිඥානිකව මැදිහත්විය යුතුයි. ඒ සදහා කාන්තාවන් දැනුවත් කළ යුතුයි. කාන්තාව සංවිධානය කළ යුතුයි" යි පැවසූ බව ලංකා ටෲත් වෙබ් අඩවිය පවසයි.


අපට දැනගන්නට ඇති අන්දමට ප්‍රියංගා කොතලාවල ජවිපෙ මධ්‍යම කමිටුවෙන් ඉවත් කර තිබේ. ඒ මීට මාස ගණනාවකට පෙරයි. ජවිපෙන් අස් වන අයගේ තාවකාලික ලැගුම්පළ හා ධනේශ්වර පක්ෂ දේශපාලනයට පිවිසෙන බිහි දොර බවට දැන් පත්ව ඇත්තේ ජානිපෙ ය. 


ජවිපෙන් අස් කළ නන්දන ගුණතිලක දැන් වැඩ බලන තැපැල් ඇමති වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පානදුර ආසන සංවිධායක ධුරයට කෙළ හළන්නේ ද, ජවිපෙන් කැපී යමින් සිටි, ජවිපෙ පූර්ණකාලිකයකු මැරූ බවට චෝදනා ලබා සිටින පියසිරි විජේනායක සංස්කෘතික ඇමතිකමක් කරන්නේ ද, වසර කීපයකට පෙර ජවිපෙන් අස් වී යන එන මං නැතිව සිටි කමල් දේශප්‍රිය මන්නවත්ත දැන් ඇමති කාර්ය මණ්ඩලයක රස්සාවක් කරන්නේ ද ජානිපෙට පිං සිදු වන්නට ය.


එහෙත්, විමල් වීරවංශ නම් දක්ෂ මිනිසාගේ වලිගේ එල්ලී දෙව්ලොව යන්නට සැදී පැහැදී සිටින මෙම උන්නතිකාමී අවතැන් වූවන්ට තිබෙන ප්‍රශ්නය දිව්‍ය ලෝකයේ ඔවුන් වැනි හාල් කෑලිවවලට පුරප්පාඩු නැතිකමයි.

මේ අතර, විමල් වීරවංශ උත්සාහ කරමින් සිටින්නේ අඩු තරමේ සිය ප්‍රාණ සම මිතුරා වන අචල සුරංග ජාගොඩවවත් කැබිනට් ඇමතිකමක් දී කොළඹට ගෙනැවිත් තමන්ගේ පානේ ආලෝකයෙන් ඊළග පාර්ලිමේන්තුවට එගොඩ කර ගැනීමටයි. 



අනෙක් අයට නම් ඉතින් සොරි තමා ය.



4 comments:

  1. මේ ලිපියේ දේශපාලනික දේ වෙනුවට ඇත්තේ උපහාසයයි. කරැණාකර එතැනින් විතැන්වෙන්න. ඔබේ අඩවියේ ගැනය රැකගන්න.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Kumara is right.
    But infact this how JVP is acting now. In late 1990s or early 2000 when I put my first vote for JVP I liked the way they point out the facts and figures.
    Now these guys are no diffrent from mud slinging UNFP and UNP. Simply pathetic.

    ReplyDelete
  4. JVP එකේ හොඳ අය නම් හිටියේ අස්වුන අය නරක අය වෙන්නේ කොහොමඳ? කවදා වන විටද JVP එකෙන් නරක අය ඔක්කෝම අය අස්වී JVP එකේ නරක නායකයන් නැතිවන්නෙ. මමත් මුලදී JVP අනුමත කළ මිනිහෙක්. මගේ අදහසට අනුව, දැන් JVP එක අනෙක් පක්ෂ වලටත් වඩා නරකයි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.