2009-12-04

ජනාධිපති රුපියල් දාහට


(2009 දෙසැම්බර් 04 - W3Lanka) ජනාධිපතිවරණයක්සඳහා නාම යෝජනා කැඳවා තිබියදී එහි අපේක්ෂකයකු වන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රුව රැගත් රු. 1000 මුදල් නෝට්ටුවක් මහ බැංකුව විසින් රට පුරා සංසරණය කිරීමට එරෙහිව එක්සත් ජාතික පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර විසින් මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව පැමිණිල්ලක් කිරීමට නියමිත බව වාර්තා වේ.


මෙම මුදල් නෝට්ටුවේ එක් පැත්තක ජනාධිපතිවරයාගේ රූපය ද, අනෙක් පැත්තේ සිංහ කොඩිය ඔසවා ගත් සොල්දාදුවන් පිරිසක් ද දැක්වෙන අතර, එය නිකුත් කර ඇත්තේ යුද ජයග්‍රහණය සැමරීම සඳහා ය. 





1 comment:

  1. නැත,එය යුද්ධ ජයග්‍රහණය සැමරිමට නොව,මහින්ද අත් ඔසවා පෙන්නන්නේ ඔහු හමුදාවට සහ එහි නායකයා වු සරත්ට යටත් බවයි.අනික ලංකාවේ ඉන්න දෙමළ මිනිස්සු මේ නොට්‍ටුව සමඟ ගනුදේනු කරද්දි ඔවුන්ට කුමක් හඟේණු ඇත්ද?ඒ නොට්‍ටුවේන් පිහියක් මිලදි ගෙන එකෙන් බඩට ඇනගෙන ඌ මියයැම හෝ ඌගේ හතුරාට පිහියේන් ඇන ඌ හිරේ යැම.ඇත්තටම මහින්දට මොරේ.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.