2009-12-04

කටවුට් යුද්ධය ඇරඹේ. කටවුට් නැඩුවාට එරෙහිව කලුතර එජාප උද්ඝෝෂණ


(2009 දෙසැම්බර් 04 - W3Lanka) විහාර මහා දේවි උද්‍යානය අසල සවි කර ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දැවැන්ත රූප පුවරුව අප සිතන පරිදි ඉතිහාසයේ සුවිසල් ම ප්‍රචාරක පුවරුවයි. උද්‍යානයේ දැවැන්ත තුරු කරටිවලට ඉහළින් කුරහන් සාටකය ඇඳි ජනාධිපති මහින්ද රාපක්ෂ පැරණි නොමෑඩ් පිටියේ චීනය විසින් අලුතින් ඉදි කරනු ලබන සංස්කෘතික මධ්‍යස්ථානය දෙස අත දිගු කරගෙන සිටියි. 

වට රවුම වටේට ම පනාධිපතිගේ විශාල ප්‍රචාරක පුවරු ය. මේවාට 'සිංහලෙන්' කියන්නේ කටවුට් කියා ය. මෙවැනි කටවුට් ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දීමෙන් අනතුරුව නම් නීති විරෝධී වේ. අදාළ පළාත් පාලන ආයතනවලට නියමිත බදු මුදල් ගෙවා නොමැති නම් ජනාධිපති දැම්මත් මෙම කටවුට් නීති විරෝධී ය. එහෙත් වර්තමාන ලංකාවේ බුදු පිළිමවලටත්, මහින්ද රාජපක්ෂගේ කටවුට්වලටත් අත තියන්නට සමත් ජගතෙක් නැත. 

මෙහි පළ වන ඡායාරූපය විපක්ෂ ජනාධිපති අපේක්‍ෂක ජනරාල් සරත් ෆොන්සේකාගේ කටවුට් කඩා දැමීමට එරෙහිව කළුතරදී එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වන ලද උද්ඝෝෂණයක දර්ශනයකි. සරත් ෆොන්සේකා වෙනුවෙන් ප‍්‍රදර්ශනය කළ කටවුට් ආණ්ඩුවේ මැරි පිරිසක් විසින් 02දා කඩා බිඳ දමා තිබූ බව කියමින්, එයට විරෝධය පළ කිරීම සඳහා එජාප කළුතර දිස්ති‍්‍රක් සංවිධායකයින් විසින් 03දා පෙරවරුවේ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණ.



1 comment:

  1. කටවුට් වලට යන වියදම කෝටි 45 හේ හොරාට දෙනවා ඔයි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.