2009-12-04

ජවිපෙ මාධ්‍ය මර්දනය ගැන මාධ්‍ය සංවිධාන ගොළු වෙලා


(2009 දෙසැම්බර් 04 - W3Lanka) ජවිපෙ විසින් රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පනවා තිබෙන මාධ්‍ය වාරණය පිළිබඳ ජනමාධ්‍ය සංවිධාන තවමත් කිසිවක් ප්‍රකාශ කර නැත. 

රජයේ මාධ්‍ය මේ වන විට කරමින් සිටින්නේ ආණ්ඩුවේ කුණු හේදිල්ල හා විපක්ෂයට මඩ ගැසිල්ල බව ඇත්තකි. මහජන මුදලින් නඩත්තු වන මෙම ආයතන ඵලදායී හා ප්‍රජාතාන්ත්‍රික කාර්යයක යෙදවීම සඳහා බල කළ යුතු ය. එහෙත් මෙවැනි වාරණයකින් එවැන්නක් සිදු වන්නේ නැත. 

මෙම වාරණය හා මර්වින් සිල්වා සිරසට කැලනිය තහනම් කිරීම අතර කිසිදු වෙනසක් නැත.



අනෙක් පැත්තෙන්, ජවිපෙ ආණ්ඩුව සමග දීග කෑ කාලයේ ද මේ රාජ්‍ය මාධ්‍ය හැසිරුණේ මේ අන්දමට ම බව ජවිපෙට දැන් අමතක වී තිබේ. තම දේශපාලන විරුද්ධවාදීන්ට අවලාද නැඟීම සඳහා එදා ජවිපෙ සිටි විමල් වීරවංශ ඇතුළු හිටපු සහ වර්තමාන නායකයන් කීදෙනෙක් මේ අන්දමින් ම රාජ්‍ය මාධ්‍ය පාවිච්චි කළා ද යන්න පරණ පත්තර පිටු පෙරළූ විට සහ පරණ වැඩසටහන් ඇසූ, නැරඹූ විට වටහා ගත හැකි ය.


තමන්ට පුළුවන් අවකාශයෙන්හිදී ජවිපෙ වර්තමානයේදී පවා හැසිරෙන්නේ ද මේ අන්දමට ම බව රෑට පෝස්ටර් ගහන්න යන ජනයා දනිති. අනුන්ගේ පෝස්ටර් ඉවක් බවක් නැතිව වසන ජවිපෙ බලයෙන් අඩු අයෙකු හෝ තමන්ගේ පෝස්ටරයක් වැසුවහොත් මරා ගන්නට එයි. 


ජවිපෙ කිසි කලෙක ප්‍රකාශනයේ නිදහසට ගරු කළ පක්ෂයක් නොවේ. ජවිපෙ රැස්වීමක් ඇති අහළ පහළක හෝ තම මතය හැර වෙන දෙයක් ප්‍රකාශ කරන ප්‍රකාශනයක් බෙදා හරින්නට ජවිපෙ මැරවරයෝ ඉඩ නො දෙති. 

මෙහි ඇති පුදුමය වන්නේ මාධ්‍ය නිදහසට ඇල්පෙනෙත්තකින් ඇන්නත් වහා අවදි වන ලංකාවේ ජනමාධ්‍ය සංවිධාන ජනතා විමුක්ති පෙරමුණේ මෙම නීති හා සදාචාර විරෝධී භාවිතාව පිළිබඳ මුනිවත රැකීමයි.


(ඡායාරූපය උපුටා ගනු ලැබුවේ ජවිපෙට සම්බන්ධ ලංකා ටෲත් වෙබ් අඩවියෙනි.)



2 comments:

  1. malli meka poddak aha ganna. jvp 1ta oya madha mada gahuwaneda? eka harida? anika jvp1k kawadawath oya madha yodagena wenath deshapalana paksha walta madagahala naha. anika eda oya kiwweth waradi niwaradai karagannathuru jvpe wda walata rajya madha gennannaha kiyalai. anika jvp nemei onama ayathanayakata aithiyak thiyenawa thamange wadawalata gennana madha ayathanaya mokakda kiyala thiranaya karanna.

    ReplyDelete
  2. I am challanging You to find any threat which done by JVP when they are in coalition with government. Dont write like this.
    තම දේශපාලන විරුද්ධවාදීන්ට අවලාද නැඟීම සඳහා එදා ජවිපෙ සිටි විමල් වීරවංශ ඇතුළු හිටපු සහ වර්තමාන නායකයන් කීදෙනෙක් මේ අන්දමින් ම රාජ්‍ය මාධ්‍ය පාවිච්චි කළා ද යන්න පරණ පත්තර පිටු පෙරළූ විට සහ පරණ වැඩසටහන් ඇසූ, නැරඹූ විට වටහා ගත හැකි ය.
    Find witnssse and write it. Dont ask us to find witnesses.
    But when JVP inopposition they have to protect them selves. U are not going to protect them from thugs of government & Henchmens of government.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.