2009-12-05

අම්ම, මුත්ත කාලෙ නො දැක්ක ලොකු ළූනු පෝලිම


(2009 දෙසැම්බර් 05 - W3Lanka) ලොකු ළූනු කිලෝව රුපියල් 85කට සතොස වෙළෙඳ සල් වලින් මිලදී ගැනිමට පාරිභෝගිකයින්ට ඊයේ සිට (04) අවස්ථාව තිබෙන බව වෙළෙඳ අලෙවි සංවර්ධන, සමුපකාර හා පාරිභෝගික සේවා ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි. 


එහෙත්, පසුගිය දිනවල ලොකු ළූනු ගන්නට රජයේ අලෙවි සල් වෙත ගිය පාර්භෝගිකයන්ට දිගු පෝලිම්වල රැඳෙන්නට හා ප්‍රමිතියෙන් බාල ලොකු ළූනු මිළ දී ගන්නටත්, ඇතැම් විට හිස් අතින් ආපසු එන්නටත් සිදු විය. 

ඇතැම් කළමනාකාරවරු මෙම ලොකු ළූනු කුඩා තොග වශයෙන් පෞද්ගලික වෙළඳුන්ට විකිණූ බව ද වාර්තා වේ. ඔවුහු එම ළූනු වැඩි මිළට විකුණා ඇත. 


ස්වභාවික විපත් හේතුවෙන් ඉන්දියාවේ ළූනු හා අල නිෂ්පාදනයට හානි පැමිණ ඇති බවත් මේ නිසා ළූනු ආනයනය කිරීමේ කටයුතු අවම වී තිබෙන බව බන්දුල ගුණවර්ධන ඇමතිවරයා පෙන්වා දෙයි. 





2 comments:

  1. බන්දුල උඹ ප්‍රවාහන ඇම[ටි] කමත් ගනිං,එවිට ළුණු පොලිමේ ඉන්න එවුන්ට ‍රැ එලිවෙන එක ප්‍රශ්ණයක් නොවන්න පුලුවනි,ඊට පස්සේ සෞක්‍ය ඇමති කමත් ගනිං,එවිට පොලිමේ ඉඳලා කලන්තේ හැදෙන උන්ට වෙදකමත් කලහැකි.ඊට පස්සේ ප්‍රිතියි,ගිලින පෙතියි ගෙන්නන එක නවත්ත්පං,පොලිමේ ‍රැ එලි වෙනකම් ඉන්න කොට බෝකිරිල්ල නවතිනවා,කටවල් අඩුවුනාම උඹට කන්න දෙන අමාත්‍යාංශය ආං බාං කිරිල්ල ලේසි වෙනවා.උඹට සල්ලි ඉතිරි කිරිල්ලයි ගාන කැපිල්ලයි ගානට බැලන්ස් කලහැකි,උඹට දෙන්න තව හොඳ හොඳ ඇඩ්වයිස් තියෙනවා.ඔන්නං අහපං,කියලා දෙන්නම්.මේ වගේ ගොං ඇඩ්වයිස් ඉගනගත්තෙත්න් උඹෙන්මයි,මම A/L වලට ටියුෂන් ගත්තේ උඹෙං බං

    ReplyDelete
  2. සල්ලි දී හරි ඉගෙනගත්ත ගුරුවරයකුට මෙ වගේ අමතා, සමාජයට දෙන නරක ආදර්ශයද වේදනා සහගතය.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.