2009-12-03

හැන්දෑවට දුවන්නේ නැති වුණාට ප්‍රයිවෙට් බස්වලට ජී.පී.එස්.


(2009 දෙසැම්බර් 03 - W3Lanka) බස් මගීන්ට Global Positioning System (GPS) නම් සිටින ස්ථානය හඳුනා ගැනෙන තාක්ෂණය සහිත බස් ටිකට් පතක් හැකි ඉක්මණින් නිකුත් කරන බව ලංකා පෞද්ගලික බස් සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

එහෙත්, ලංකාවේ බස් මගීන්ට අවශ්‍ය හොඳ ටිකට් පතක් පමණක් නොවේ. හොඳ බස් සේවයක් ද අවශ්‍ය ය. බස්වල අධික ලෙස සෙනග පටවන බව, ඇතැම් බස් සේවකයන් අවිනීත බව හා ඇඳිරි වැටුණු පසු පාරේ පෞද්ගලික බස් නැති බව මගීහු චෝදනා කරති.


ජනවාරි 01 සිට බස් සේවකයන්ට නිල ඇඳුම් අනිවාර්ය කරන බව ද ගැමුණු විජේරත්න පවසයි. නිල ඇඳුම් ඇන්ද පමණින් බස් සේවකයන් විනීත වන්නේ නැති බව මගීහු පෙන්වා දෙති.


මේ අතර, බස් සේවකයන් අද දිවයින පුවත්පතට ප්‍රකාශ කරන්නේ "බස්‌ සේවක නිලඇඳුම්වල ප්‍රමිතියක්‌ නැහැ. ඒවා ඇඳගෙන වැඩකරන්න බැහැ. දුරකථන සමාගම් වලින් නිල ඇඳුම්වලට ලබාදුන් රුපියල් ලක්‍ෂ 93 ක මුදල සමහර බස්‌ සංගම් විසින් යටි මඩි ගහලා. ඒ විතරක්‌ නොවෙයි අපිට නිලඇඳුම් දීලා ඒවට සල්ලිත් ගත්තා." යනුවෙනි.


පුද්ගලික බස්‌ රථ සේවකයන් නිලඇඳුම් අඳින්නෙ‍් සේවක අයිතීන් ලබා දෙන්නේනම් පමණක්‌ බවත්, යෝජිත බස්‌ සමාගම් ක්‍රමයට තමන් විරුද්ධ බවත් සමස්‌ත ලංකා පෞද්ගලික බස්‌ රථ සේවකයන්ගේ සංගමයේ සාමාජිකයෝපවසති.



4 comments:

  1. GPS witharai private bus walata aduwela thibbe. :)

    ReplyDelete
  2. තව ටිකක් ගාණ වැඩි කරන්න ක්‍රෙම්කුත් එපැයි. අපිට ටිකට් එකට නිකං කොල කෑල්ලක් අතිං ලියල දුන්නත් ඇති. අනිත් ඒවා හරි නං. ලැයිස්තු ඕන නෑනෙ. යන කට්ටිය දන්නවනේ.
    /කුම්භකර්ණයා

    ReplyDelete
  3. The image you are using is one of mine and is licensed under a Creative Commons license for free use as long as it is attributed.

    I hope you have the decency to update the photo giving credit to the photographer.

    ReplyDelete
  4. Here I give due credit to the photographer, the bus, the bus owner, the foot board travellers, yellow bus and all the rest of it.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.