|
|
|
කිලිනොච්චිය අල්ලා ගත් රජයේ හමුදා
|
කිලිනොච්චියත් ඇල්ලුවා! ඉතිං ඊට පස්සෙ…
(අජිත් පැරකුම් ජයසිංහ)
දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් ලංකාවේ උතුරු-නැගෙනහිර ප‍්‍රදේශවල පවත්ගෙන ගිය අර්ධ රාජ්‍යයේ පරිපාලන මධ්‍යස්ථානය වූ කිලිනොච්චිය රජයේ හමුදා විසින් අත්පත් කර ගැනීම වත්මන් සිංහල ජාතිකවාදී ව්‍යාපෘතියේ විජයග‍්‍රහණයක් බව නිසැකය. ඒ තරමටම එය කොටි සංවිධානයේ පරාජයක්ද වේ.
සමස්ත රාජ්‍ය බලයම මුළු ගන්වන ලද හමුදාවක් ඉදිරියේ කොටි සංවිධානයේ දරාගැනීමේ ශක්තිය ධීර ගුණයෙන් යුත් බව සත්‍යමුත් කිලිනොච්චිය අතහරින්නට සිදු වීම පරාජයක් ලෙස මිස, අන් ආකාරයකින් පැහැදිලි කළ නොහැකිය. කොටි සංවිධානය සිව්වන ඊලාම් යුද්ධයකට අරඇන්දේ මිලිටරි වශයෙන් රාජ්‍ය හමුදාව පරාජය කළ හැකිය යන විශ්වාසය දෙමළ සමාජය තුළ තහවුරු කරමිනි. සූදු ක‍්‍රීඩාවක් බඳු වූ එම ක‍්‍රියාමාර්ගයේ ජය-පරාජය දෙක මිස අතරමැද ස්ථාන නැත. මේ මොහොත වන විට පරාජය භුක්ති විඳිමින් සිටින්නේ දෙමළ පාර්ශ්වය විසිනි. වන්නියෙන් අවතැන් වූවන්ට වවුනියාවේ අවතැන් කඳවුරුවල රත් වුණ යකඩ තහඩු මැද ගුලි වී හමුදාව සපයන බත් පි`ගන් අතින් ගෙන සිනාසෙමින් ඡුායාරූපවලට පෙනී සිටීමට සිදු වීමේ සිට ධනපති මහරාජාගේ මාධ්‍ය ජාලය ගිනිබත් වීම දක්වා විපාක එහි අඩංගු වේ.
සිංහල පාර්ශ්වයට තවතවත් ප‍්‍රීත්‍යෝත්සව පැවැත්වීම සඳහා අවස්ථාව ලබා දෙමින් අලිමංකඩ, මුලතිව් වැනි තවත් උපායික ස්ථාන අත්හැර දැමීමට කොටි සංවිධානයට නුදුරේදීම සිදු වන බව නිසැකය. නැගෙනහිරදී මල්ටිබැරල් හසු වූ පරිද්දෙන් උතුරේදී සැහැල්ලූ ගුවන් යානා හමුදාව අතට පත් වීමටද, තොප්පිගල මෙන් මුලතිව් කැළයද හමුදාව අතට පත් වීමටද ඉඩ නැතුවා නොවේ.
තමන් විසින් බලයට ගෙන එන ලද රාජපක්ෂ රෙජිමය රැුකගැනීම පිණිසද කොටි සංවිධානයේ මෙම කැපකිරීම් මහෝපකාරී වී තිබේ.
කොටි සංවිධානය තම ප‍්‍රබලම සේනා අන්තිම සටනට ඉතිරි කරගෙන සිටින බවත්, ඕනෑම මොහොතක ඉදිරියට පැමිණ ප‍්‍රබල ප‍්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇති බවත් ඇතැම් යුද විශ්ලේෂකයෝ පවසති. කෙසේ වෙතත්, තව නොබෝ දිනක් ගත වන විට කොටි සංවිධානය අත ඉතිරි වන්නේ සිය උපායික මර්මස්ථානය පමණි. මේ වන විට ඔවුහු වන්නියේ ජනතාව එම ප‍්‍රදේශයට රැුස් කරගෙන හමාරය. මේ ජනකාය රජයේ පාලන ප‍්‍රදේශයට පළා ඒමට පුල පුලා බලා සිටින පිරිසක් හා හුදු මිනිස් පළිහක් ලෙස සැලකීම යුක්තියුක්ත නොවේ. කොටි සංවිධානයේ මිලිටරි, දේශපාලනික කටයුතු හා බැඳුණු පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වල අයගෙන් සැදුම් ලත් බහුතරයකින් සමන්විත මෙම ජනකාය කොටි පාලන ප‍්‍රදේශ හැරදා පළා එනු ඇත්තේ අවසාන මෙහොතේදීය.
කොටි සංවිධානය පරාජයෙන් ගැලවීමට නම්, එක්කෝ ෆීනික්ස් පක්ෂියකු මෙන් අළු මතින් නැගී සිට රජයේ හමුදා අන්දමන්ද වන අන්දමේ ප‍්‍රහාර මාලාවක් එල්ල කළ යුතුය. නැතිනම් තමිල්නාඩු බලපෑම මත ඉන්දියාව මැදිහත් වී සටන් විරාමයක් ඇති කළ යුතුය. එක්සත් ජනපදය, යුරෝපය හෝ එක්සත් ජාතීන් මේ මොහොතේ ලංකාවට ලොකු බලපෑමක් කළ හැකි සීමාවක නැත.
සම්ප‍්‍රදායික යුද්ධයෙන් කොටි සංවිධානය පරාජය වූ පමණින් එය දේශපාලනිකව අවසන් වන්නේ නැත. නැගෙනහිර නවෝදය මැද කොටි නැගෙනහිර පළාත තුළ ගරිල්ලා ක‍්‍රියාකාරකම් හා රහසිගත දේශපාලනය ආරම්භ කළ ආකාරය උතුරු වසන්තය මැද ජනතාව වන්නියේ ප‍්‍රදේශවල යළි පදිංචි කරද්දීද නැවත සිදු වනු ඇත.
දේශපාලනිකව සලකා බැලූ කල, දෙමළ ජාතික හිමිකම් සඳහා වූ අරගළයේ තවත් අවධියක අවසානය සලකුණු වෙමින් තිබෙන බැව් අපි මීට බොහෝ කලකට ඉහතදී පැවසුවෙමු. දෙමළ ජනතාවගේ යුක්තියුක්ත හිමිකම් සඳහා අරගළය හුදු මිලිටරි යුද්ධයක් ලෙස සැලකූ කොටි සංවිධානයේ යුදමය පරාජය විසින් ඔප්පු කරමින් තිබෙන්නේ එම සත්‍යයයි. දෙමළ ජාතික හිමිකම් සඳහා අරගළය ඉදිරියට යාමට නම්, සියලූ ප‍්‍රගතිශීලී බලවේග එකට බලමුළුගැන්වීමේ හැකියාව සහිත පුළුල් දේශපාලන ව්‍යාපාරයක් දෙමළ සමාජය වෙතින් පැනනැගිය යුතුව තිබේ.
අනෙක් පැත්තෙන් කොටි සංවිධානය පරාජය කළ පමණින් සිංහල දේශපාලන ප‍්‍රජාවේ සකල දෝෂ නිවාරණය වන්නේද නැත. කොටි විරෝධී දේශපාලන ව්‍යාපෘතියෙන් අවසානයේදී සිදු වන්නේ සැබැවින්ම ජාතියට කිසිදු හිතෛෂීභාවයක් නැති, පවුල්වාදී, කට්ටිවාදී අතළොස්සකට දේශපාලන බලය රිසි සේ රස විඳීමේ හා ජාවාරම් ආර්ථික ලොතරැුයියක ජයග‍්‍රහණ භුක්ති විඳීමේ අවස්ථාව තහවුරු වීම පමණි. සාමාන්‍ය ජනතාවට ලැබෙන්නේ බදු බර දරා කැඩුණු කොඳු නාරටි වාවාගෙන, නිරන්තර ත‍්‍රස්ත ප‍්‍රහාර අවදානම මැද, හිස් රාක්ක දෙස බල බලා හූල්ලමින්, අතින් කටින් පාර්සල් ඩැහැගෙන, නඩත්තු නොකළ මාර්ගයන්හි වලවල වැටි වැටී බස්වල හිටගෙන යාම වැනි නීරස අවස්ථා පමණි.
තවත් ජාතියක අරගළයක් යටපත් කරගැනීමෙහිදී සාර්ථක වූ පමණින් ජාතියක උන්නතිය සාක්ෂාත් කර ගත නොහැකිය. අඩු තරමේ ආර්ථික හා දේශපාලනික වශයෙන් ලංකාව නම් දිවයිනේ දිග-පළලටවත් පුළුල් දේශපාලන ප‍්‍රජාවක් බවට පත් වීමටවත් සමත් නොවෙතොත්, සිංහල ජාතියට සුබවාදී අනාගතයක් නැත. යටත් කර ගැනීමේ හා වෙන් වීමේ ව්‍යූහයන් වෙනුවට සුළු ජාතීන් දිනාගැනීමේ හා ලෝකය සමග එක් වීමේ ව්‍යූහයන් ගොඩන`ගා ගැනීමට සිංහලයා සමත් වන්නේ කවදාද?
වර්තමානය දිග්විජය කර තිබෙන ජාතිවාදය ඔස්සේ සිංහලයාට මිලිටරි තලයේ හැර, ආර්ථික - සංස්කෘතිකාදී අන් කවර හෝ පෙරමුණක කිසිදු සාධනීය ප‍්‍රවේශ මාර්ගයක් පාදා ගැනීමට ලැබෙන්නේ නැත.
මේ ලියන මොහොත වන විට ජාත්‍යන්තර දේශපාලනයේ මතු වෙමින් ඇති වැදගත් ප‍්‍රවණතා දෙකක් කෙරෙහි අවධානය යොමු කරමින් මෙම සටහන සමාප්ත කරමි. ඉන් පළමුවැන්න නම්, කිලිනොච්චි ජයග‍්‍රහණයෙන් අනතුරුව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙන් කියවුණ කරුණයි. එනම්, දෙමළ ජනයාගේ යුක්තියුක්ත ඉල්ලීම් පිළිබඳව දැන් සාකච්ඡුා ආරම්භ කළ යුතු බවයි. දෙවැන්න නම්, රජය කිලිනොච්චි ජය පිළිබඳ ප‍්‍රීත්‍යෝත්සව පවත්වන අතරතුර ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කච්චතිවු දූපත ආපසු පවරා ගන්නා ලෙස මධ්‍යම රජයට නියෝග කිරීමයි.
අභියෝග අලූත් වෙමින් තිබේ. ඒවා ජය ගන්නේ යයි තමන් සිතන පිළිවෙල තුළ, ජාතික වශයෙන් සිංහලයා ලෝකයෙන් දුරස්ථ වන ප‍්‍රමාණය හා සංස්කෘතික වශයෙන් සිදු වන පරිහාණිය පිළිබඳ තක්සේරුවක් කර ගත යුතුව තිබේ.
ඔබේ අදහස්
විකල්ප ඊමේල් ලිපිනය: w3lanka@gmail.com
|
|
|