අජිත් පැරකුම් ජයසිංහ
යුද්ධයේ අමන්දානන්දයෙන් විශේෂයෙන් සිංහල ජනයා මුසපත්ව සිටින අතර ඔවුන්ගේ රජය නව අභියෝග රැුසක් සමග පොරබදමින් සිටියි. ඉන් ප‍්‍රධානම අභියෝගය ඇත්තේ ආර්ථික පෙරමුණෙහිය.
ලංකාව සමස්ත රාජ්‍ය වියදමෙන් පහෙන් පංගුවක් වය කරන්නේ ආරක්ෂාවටයි. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ පමණින් යුද වියදම් අඩුවන්නේ නැත. පරාජය කර, යටත් කරගත් එදිරිවාදී ප‍්‍රජාවකගෙන් අල්ලා ගත් භූමිය රැකගෙන සිටීම සඳහා වැඩි වැඩියෙන් ආරක්ෂක හමුදා හා පොලීසිය තර කිරිමටද, කොටි සංවිධානයෙන් එල්ල විය හැකි ගරිල්ලා ප‍්‍රහාරවලට මුහුණදීමටද, ඉදිරියේදී තව තවත් ආරක්ෂක පිරිවැය ඉහළ නැංවීමට සිදු වේ. එපමණක් නොව ලක්ෂ දෙකක්වත් වන අවතැන් වූවන් පුනරුත්ථාපනය කිරීමටද, විනාශ කරන ලද උතුරු පළාතේ යටිතලය ප‍්‍රතිසංස්කරණය කිරීමටද තවත් දැවැන්ත වියදමක් දරන්නට සිදු වනු ඇත.
මෙම අභියෝගයට ලංකාව මුහුණ දෙන්නේ ලෝක ආර්ථික අවපාතයේ රස්නය ලංකාවට දැඩිව දැනෙන්නට පටන් ගෙන ඇති මෙහොතකය. එක්සත් ජනපදයේ ආර්ථික බෝම්බය පුපුරා ගිය ආකාරයටම ලංකාවේද සිදුවීම් පෙළගැසෙමින් තිබීම සුවිශේෂී වේ. එක්සත් ජනපදයේ වූවා සේම ලංකාවේද ‘සබ්ප‍්‍රයිම්‘ හෙවත් උපප‍්‍රධාන උකස් වෙළඳපොළ දැඩි අර්බුදයකට මුහුණ දී සිටියි. දෙවන පෙළේ ආයෝජකයන්ට හා තැන්පතුකරුවන්ට ඉහළ පොලී ගෙවමින් ලබා ගන්නා ධනය ප‍්‍රධාන වශයෙන්ම දේපල හා වාහන වෙළඳාමෙහි ආයෝජනය කිරීම ලංකාවේ උපප‍්‍රධාන උකස් වෙළඳපොළෙහි ප‍්‍රධාන ලක්ෂණය විය. දේපලවල මිළ කෘත‍්‍රිම ලෙස ඉහළ නංවමින්, විශාල වෙළඳපොළක් මවාපාමින් නිර්මානය කරන ලද ‘දේපල බුබුල‘ දැන් පුපුරා ගොසිනි. දේපල වෙළඳ සමාගම්වලට දැන් කෘත‍්‍රිම ලෙස ඉහළ නංවන ලද මිළගණන්වලට ඉඩම් විකුණාගත නොහැකිය. පාරිභෝගිකයන් ගිනි පොළියට ණයට ගත් ඉඩම් සඳහා ණය වාරික ගෙවාගත නොහැකිව බොහෝ ඉඩම් නැවත දේපල වෙළඳ සමාගම්වලටම සින්න වී ගොසිනි.
ගෝල්ඩන් කී වැනි මුල්‍ය සමාගම්වල සිදු වූ වංචාද, සක්විති රණසිංහ වැනි පිරමිඞ් ජාවාරම්කරුවන්ගේ පිල්ලිගැසීම්ද හමුවේ ලංකාවේ උපප‍්‍රධාන උකස් වෙළඳපොළ කෙරෙහි ගනුදෙනුකාර විශ්වාසය බිඳීගොසිනි. ප‍්‍රමුඛ බැකුවේ මුදල් තැන්පත් කළ අයට විසඳුම් ලැබුණේ තැන්පතුවල සැබෑ හෙවත් මූර්ත වටිනාකම් බෙහෙවින් අඩු වූ පසුය. ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට තවමත් විසඳුම් නැත. පිරමිඞ් ජාවාරම්කරුවන්ට හසු වූ අයගේ සල්ලි ගඟේ මුහුදේ ගියා වැනිය.
ජනතා ප‍්‍රශ්න මෙසේ තිබියදී දැන් රජය සහන දෙන්නේ මෙම තත්වය නිර්මානය කිරීමට දායක වූ සමාගම් හා ඒවාට ණය පහසුකම් සපයමින් දිරි දුන් බැංකුවලටයි. එසේ කරන්නේද ජනතාවගේම බදුමුදල්වලින්ය. රජය විසින් බැංකු සහ මුල්‍ය සමාගම්වලට පුදනු ලබන සහනය රු. බිලියන 4.2කි. එය මුළු රටේම ජනතාවගේ සෞඛ්‍යය වෙනුවෙන් රජය වැය කරන මුදල හා සමානය. එමගින් පසුගිය කාල පරිච්ෙඡ්දයේදී කෘත‍්‍රිමව දේපල මිළ ඉහළ යවමින් ගිනි පොළියට ඉඩම් හා නිවාස ණයට දී, අධික ලෙස ලාභ ගරා ගත් මුල්‍ය සමාගම්වල නොවිකිණී ඉතිරි වී තිබෙන ඉඩම් 67%ක වටිනාකමකට රජයට අයත් ලංකාපුත‍්‍ර බංකුවට පවරාගැනීමට නියමිතය. ඉතිරිය යෙදවෙන්නේ බැංකු විසින් සීමා කර තිබෙන ණයදීම් යළි දිරිගැන්වීමටයි. වානිජ බැංකු විසින් මහ බැංකුවේ නීතිප‍්‍රකාරව තැබිය යුතු අනිවාර්ය සංචිත මට්ටම පසුගිය මාස කීපය තුළ කීප වරක් පහත දමා එම මුදල්ද බැංකු වෙත මුදාහරිනු ලැබිණි. ආර්ථික අර්බුදය මැද බදු අඩු කර ජනතාවට සහන දීමේ හා පොලී අනුපාතික අඩු කර ජනතාව ආයෝජනවලට උනන්දු කිරීමේ ප‍්‍රවණතාවක් සෙසු ආසියාතික රටවල දක්නට ලැබෙනමුත් ලංකාවේ සිදු වන්නේ එහි අනෙක් පැත්තයි.
රජය මෙම ක්ෂේත‍්‍රයට ලබා දෙන සහනාධාරවලින් යළි ගනුදෙනුකාර විශ්වාසය තහවුරු කළ හැකි වේද යන්න සැක සහිතය. මුදල් අච්චුගසමින් දෙන මේ ණයවලින් සිදුවන්නේ රුපියලේ අගය තව තවත් පහළ යාම හා බඩු මිළ ඉහළ යාමයි.
මේ අතර, 2008 දෙසැම්බර් වන විට, ශ‍්‍රී ලංකාවේ නිල විදේශ විනිමය සංචිත ප‍්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 1.75ක අනතුරුදායක මට්ටමට පහත බැස තිබිණි. මෙය වනාහි 2008 ජුලි මාසයේ තිබුණු ඩොලර් බිලියන 3.56 මට්ටමේ සිට හරි අඩකටත් වඩා බිඳවැටීමකි. අපනයන ආදායම් බිඳවැටීම සහ විදේශ ආයෝජන හි`ගය නිසා මෙම සංචිත යථා තත්වයට පත් වන්නේද නැත. බොහෝවිට සිදු වනු ඇත්තේ රුපියලේ අගය තව තවත් අවප‍්‍රමාණ කිරීමයි. දැනටමත් මෙය ආරම්භ කර තිබේ. 2008 ඔක්තෝබරය වන විට ඩොලරයට සාපේක්ෂව රු. 108ක් වූ දේශීය විනිමය අනුපාතිකය මේ ලියන මොහොත වන විට රු. 115ට පහත වැටී තිබේ.
ෆිච් රේටිංග්ස් ආයතනය පෙබරවාරි අවසානයේදී ශ‍්‍රී ලංකාවේ දීර්ඝකාලීන විදේශ විනිමය ස්වෛරී ණය දර්ශනය ස්ථාවර මට්ටමේ සිට ඍණ තත්වයට පහත හෙලූවේය. මෙමගින් කියවෙන්නේ රජයේ ණය ගෙවීමේ හැකියාව සහ රටේ ආනයන වියදම් පියවාගැනීමේ හැකියාව අනතුරුදායක මට්ටමක පවතින බවයි. රජයට දැන් පසුගිය සමයේ කළ ආකාරයට කෙටිකාලීන ඩොලර් ණය ලබාගැනීම පවා දුෂ්කර වී තිබේ. ලංකාව බේරාගැනීමට උදව් කරන විදේශ මිතුරන්ද මේ ආණ්ඩුවට නැත.
උග‍්‍ර විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජය කරන්නට යන්නේ කුමක්ද? ඒ අන් කිසිවක් නොව, රනිල් වික‍්‍රමසිංහ අගමැති පදවිය හෙබවූ 2001 - 2004 සමයේදී පෙරට ගෙන එන ලද ‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා‘ නමින් හැඳින්වුණ නවලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිසංස්කරණ යෝජනාවලිය දූලි ගසා යළි මේසයට වැඩවීමයි. එම වැඩසටහනේ ඉලක්කය වූයේ රජය ව්‍යවසාය කටයුතුවලින් ඈත් කර, ආර්ථිකය හැසිරවීමේ ඇන්ජිම බවට පෞද්ගලික අංශය පත් කිරීමයි.
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් රුපියල් කෝටි 20කට අධික ණයක් ඉල්ලා ඇති ලංකාව දැන් නැවත වටයකින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ග‍්‍රහණයට හසු වෙමින් සිටියි. නැතහොත් ගැලවූ ප්ලග් යළි ගසාගනිමින් සිටියි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර නිකම් එන්නේ නැත. නවලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිසංස්කරණ සමුදායක් ඒ හා බැඳී තිබේ.
රටේ විදුලිබල යටිතලය පෞද්ගලික අංශයට මූලිකත්වය ලැබෙන පරිදි ප‍්‍රතිව්‍යූහගත කිරීම මෙම සැලැස්මෙහි ප‍්‍රධාන කොටසකි. ඒ සඳහා ලංකාවේ දෙවන ප‍්‍රධාන ණයදෙන්නා වන ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 750ක ණයක් දීමට සූදානම්ය. එහෙත් මෙම කාර්යය සම්පූර්ණ කිරිමට නම් විදුලිබල ජනනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම සඳහා ඒකාධිකාරය ලංකා විදුලි බල මණ්ඩලයට පවරා තිබෙන 1950 ලංකා විදුලිබල මණ්ඩල පනත සංශෝධනය කළ යුතුය. රජය අලූත් පනතක් මාර්තු 03දා සම්මත කරගත්තේ ඒ වෙනුවෙනි.