2010-01-30

බ්‍රිතාන්‍යයේ ඊලාම් ජනමත විචාරණය මේ සති අන්තයේ

(2010 ජනවාරි 30 -W3Lankaඊලාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා දෙමළ දේශපාලන නායකත්වය එකඟතාවකට එළඹුණු පළමු අවස්ථාව වන 1976 වඩුක්කොඩෛහි පැවැත්වුණු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු සම්මේලනයේදී නිකුත් කරන ලද වඩුක්කොඩෛ ප්‍රකාශය යළි බලාත්මක කිරීම පිණිස විදෙස්ගත දෙමළ ජාතිකවාදීන් විසින් පවත්වනු ලබන ජනමත විචාරණ මාලාවේ මීළඟ අදියර මේ සති අන්තයේ පැවැත්වේ.


එහිදී බ්‍රිතාන්‍යයේ ජීවත් වන ලාංකික දෙමළ ජනයා සිය ඡන්දය දීමට නියමිත ය.


මීට පෙර ද මෙවැනි ජනමත විචාරණ මාලාවක් නෝර්වේ, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය හා ඕලන්දය යන රටවල පැවැත්විණි.


ජර්මනිය, ස්විට්සර්ලන්තය හා ඕලන්දය යන රටවල ජනමතවිචාරණ ගිය සතියේ පැවැත්විණි. මේවායෙහිදී අති බහුතර ඡන්දයෙන් ඊලාම් රාජ්‍යයක අවශ්‍යතාව තහවුරු කරගෙන ඇත.


කොටි සංවිධානයේ යුදමය අරගලයේ පරාජයෙන් පසු දෙමළ ජාතිකවාදීන්ගේ උපායමාර්ගය වී තිබෙන්නේ යළි තහවුරු කර ගන්නා ලද ජනවරමක් ඔස්සේ දෙමළ ඊලාම් විමුක්ති අරගලය නව මුහුණුවරකින් දියත් කිරීමයි.

No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.