2010-01-08

චැනල්-4 වීඩියෝව අව්‍යාජ බවට එක්සත් ජාතීන්ට වාර්තාවක්


(2010 ජනවාරි 08 -W3Lanka) ලංකාවේ හමුදා සාමාජිකයන් යයි සැක කරන කීපදෙනෙකු සිංහලෙන් කතා කරමින් දෙමළ යයි සැක කෙරෙන පුද්ගලයකු වෙඩි තබා මරා දමන ආකාරය දැක්වෙන හමුදා සාමාජිකයකු විසින් ම ජංගම දුරකථනයකින් වාර්තාගත කරන ලද්දක් යයි කියැවුණු බ්‍රිතාන්‍යයේ චැනල්-4 රූපවාහිනිය විසින් විකාශය කරන ලද වීඩියෝව අව්‍යාජ එකක් බව නීති ප්‍රකාර නොවන අත්තනෝමතික ඝාතන පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ සම්බන්ධීකාරක පිලිප්ස් ඇල්ස්ටන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසයි.


ඒ සඳහා පශ්චාත් මරණ ව්‍යාධිවේද, පශ්චාත් මරණ වීඩියෝ විශ්ලේෂක, ගිනි අවි සාක්ෂි විශේෂඥ උපදෙස් ලබා ගෙන ඇත. එම විශේෂඥ වාර්තා විසින් වීඩියෝව සත්‍ය බවට ප්‍රබල ලෙස යෝජනා කරන බව ඇල්ස්ටන් පවසයි.


"I retained three experts: in forensic pathology (Dr Spitz), forensic video analysis (Mr Spivack), and firearm evidence (Mr Diaczuk). Together, the reports by these experts strongly suggest that the video is authentic."


ශ්‍රී ලංකා හමුදාවට සේවය කළ දෙදෙනෙකු ඇතුළු 'ස්වාධීන' විශේෂඥයන් සිව්දෙනෙකු මගින් ලබා ගන්නා ලද වාර්තා ඔස්සේ රජය මෙම වීඩියෝව ව්‍යාජ එකක් බව ප්‍රකාශ කරන ලදී.


මීට පෙර බ්‍රිතාන්‍යයේ 'ද ‍ටයිම්ස්' පුවත්පත වෙනුවෙන් එක්සත් ජනපද රජයේ FBI පරීක්ෂණ කාර්යාංශයේ උපදේශකවරයකු හා කැනඩාවේ වැන්කුවර් පොලිස් වෝහාරික වීඩියෝ අංශයේ හිටපු ප්‍රධානී ග්‍රාන්ට් ෆ්‍රෙඩ්රික්ස් විසින් කරන ලද විශ්ලේෂණයකින් ද මෙම වීඩියෝව සත්‍ය එකක් බව ප්‍රකාශ විය.


ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි යුද අධිකරණය වෙත යා යුතු බවට එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්‌ටන් විශේෂ වාර්තාවක්‌ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව රජයට වාර්තා වී තිබෙන බව විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා "දිවයින" ට විශේෂ ප්‍රකාශයක්‌ කරමින් ඊයේ පැවසූ බව අද එම පුවත්පත වාර්තා කළේය.


මේ පිළිබඳ චැනල්-4 වෙබ් අඩවියේ පළ වූ සවිස්තර ප්‍රවෘත්තිය කියවීමට සහ වීඩියෝව බැලීමට මෙතැන ක්ලික් කරන්න.
http://www.channel4.com/news/articles/world/asia_pacific/sri+lanka+video+aposappears+authenticapos/3491637






5 comments:

  1. It doesn't prove a thing. The executed are most likely to be captured LTTE members, not innocent civilians.

    ReplyDelete
  2. මහින්දගෙ කැම්පේන් එක නැගලා යනව වගේ !!!!!!

    ReplyDelete
  3. විශ්ලේෂණය දකින තෙක් මෙය නම් විශ්වාස කරන්න අමාරුයි. විඩියෝවේ 'පැහැදිලි කළ නොහැකි' කරුනු කිහිපයක් තිබූ බව විශේෂඥයින් කියා තිබිනි.

    ReplyDelete
  4. අම්මෝ! සුද්දෙක් කිව්ව නම් මේක ඇත්ත කියල අපිට මොන කතාද? අපේ රටේ ඉන්නෙ මොන experts ල ද? ආමි එක මේ අහිංසක දෙමළ මිනිස්සු මැරුවම තමා!

    ReplyDelete
  5. මේ ආමි කාරයින්ට කැමරා තියෙන ‍ෆෝන් දීලා තියෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ කුමණ්ත්‍රණයකින් වෙන්නැති.71 සහ 89 මුන්ට ෆොන් තිබ්බ නම් කී දෙනෙක් ගස් යවන්න තිබුණද?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.