2010-01-05

ඝාතනය කර වසරක් පිරෙන 8දා ලසන්ත සිහි කර රැස්වීමක්


(2010 ජනවාරි 05 -W3Lanka) ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කර වසරක් ගතවීම සිහි කිරීම සඳහා නිදහසේ වේදිකාව විසින් සංවිධානය කරනු ලබන සමරු රැස්වීමක් 2010 ජනවාරි 8 වෙනි සිකුරාදා දින පෙ.ව 10.00 සිට 12.30 දක්වා කොළඹ 07, ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වේ.

2009 ජනවාරි 08 වන දින දහවල් කොළඹ අධි ආරක්ෂිත කලාපයක් තුළ දී ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කරන ලදී. මෙම බිහිසුණු ක‍්‍රියාව සිදුවී වසරක් ගත වුවද ඒ සඳහා වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ඒම සඳහා ආණ්ඩුව තවමත් සමත් වී නැත.

ලීඩර් පබ්ලිකේෂන්ස් ආයතනයේ සභාපති ලාල් වික‍්‍රමතුංගගේ ද සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමරු රැස්වීම අමතා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන්, සිරිතුංග ජයසූරිය, රාවය පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කේ.ඩබ්ලිව්.ජනරංජන සහ නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන යන මහත්වරු අදහස් දක්වනු ඇත.


No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.