2010-01-02

දේශප්‍රේමියෝ චීන්නු ඉන්න මහින්දගේ සල්ලි කොළේ හොරෙන් අච්චු ගසති


(2010 ජනවාරි 02 -W3Lanka) ජනාධිපතිවරණය සමයේ මහජන මුදලින් අතිරේක ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා මුද්‍රණය කරන ලද අලුත් රුපියල් දාහේ නෝට්ටුවලට සමාන හොර නෝට්ටු මුද්‍රණය කළ තරුණ 'දේශප්‍රේමීන්' පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණයන්ගේ ක්‍රියාව සෑම අතකින් ම මුදල් ඇමති වන ජනාධිපතිගේ හා මහ බැංකුවේ ක්‍රියාකලාපයන්ට සමපාත වන බැවින් ඔවුන් පමණක් අත්අඩංගුවට ගැනීම යුක්ති සහගත ද යන ප්‍රශ්නය මතු වේ.

මෙම මුදල් ‍නෝට්ටුව හොරට මුද්‍රණය කිරීමෙන් පවා අමතර ප්‍රචාරයක් ලැබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂටයි. එසේ ම, මෙම කාර්යය මෙහෙයවූ තරුණයා පවසා ඇත්තේ තමන් විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රචාරක නියෝජිතායතනයකට වැඩ නැති නිසා එය පවත්වාගෙන යාමට මුදල් අච්චු ගැසූ බවයි. ඉතින් මහ බැංකුව කරන්නේ ද මෙම කාර්යයට සමාන එකකි. එනම් රටට ලැබෙන ආදායම මදි නිසා සල්ලි අච්චු ගසා මුදල් වැඩි කිරීමයි.

මේ මුදල් නෝට්ටුව ගැන තවත් කරුණක් කිව යුතු ය. මෙය නිකුත් කර තිබෙන්නේ රණවිරුවන්ට උපහාර පිණිස යැයි කීවත් මෙහි රූපයේ සිටින රණ විරුවෝ ලංකාවේ වැසියෝ නම් නො වෙති. එකෙක් ඉතා පැහැදිලි ලෙස ම මොංගෝලයිඩ් පෙනුම ඇත්තෝ ය. සමහර විට මේ චීන්නු වන්නට ඇත. තනි මිනිහකුට එසවිය හැකි සිංහ කොඩියක් මුන් පස්දෙෙෙක් පණ දාගෙන උස්සති.

ලංකාවේ ජනතාවට එකිනෙකා සමග යුද්ධ කරන්නට දෙපැත්තට ම ආයුධ විකිණූ චීන්නු නම් මාර පොරවල් ය. රණවිරුවන්ට උපහාර පළ කරන්නට කියා චීනුන්ගේ රූප එක පැත්තක දමා අනෙක් පැත්තේ තමන්ගේ ම රූපය දැමූ ජනාධිපතිතුමා නම් මාර ම වීරයෙකි.


ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් නෝට්ටුවක් සැලසුම් කිරීමට වෘත්තීය චිත්‍ර ශිල්පියකු හයර් කර ගන්නටවත් බැරි තරම් බංකොලොත් වී ඇති බව මේ නෝට්ටුවෙන් පෙනේ. ඔවුන්ගේ චිත්‍ර ශිල්පියා කර ඇත්තේ පළමු ලෝක යුද්ධ කාලයේ පිටරටක චිත්‍රයක් පිටපත් කිරීමයි.  

4 comments:

  1. මේක අර Iwo Jima දූපතේදී ඇමෙරිකානු සෙබලුන් ඔවුන්ගේ කොඩිය උස්සන ඡායාරූපය බලාගෙන හදපු එකක් නේද? චීන මූණු ආපු එක නං ප්‍රස්නයක් තමා..

    ReplyDelete
  2. see
    http://en.wikipedia.org/wiki/Marine_Corps_War_Memorial

    copied the idea from iwojima (Marine Corps War Memorial )

    Donald Gaminitillake

    ReplyDelete
  3. Also see the currency note carefully

    All currency notes in Sri Lanka carries the printers name but not on this note

    The Sinhala FONTS also different. The Sinhala in the front is not readable (Sri lanka maha bankuwa)

    By LAW you cannot scan sri lanka curreny notes. You must get permission from the central bank.

    ReplyDelete
  4. මෙම වෙබ් අඩවියත් ඊ නිව්ස්‌ එකම වෙනත් නමකින්ද

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.