2010-01-03

මහින්දගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වන්නැයි පොලිස් විශේෂ කාර්ය බලකායට 'චක්‍රලේඛයක්'



(2010 ජනවාරි 03 -W3Lanka) සරත් ෆොන්සේකා ජනාධිපති තරගයට ඉදිරිපත් වීමත් සමග බියපත් වී සීමාන්තික අන්දමින් පොදු දේපල සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදාගෙන තිබෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ ‍දැන් රජයේ නිලධාරීන් පමණක් නොව පොලිසිය ද විවෘතව ම තම මැතිවරණ ජය වෙනුවෙන් යොදා ගනිමින් සිටියි


ජනාධිපති පනත, ආයතන සංග්‍රහය හා මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද උපදෙස් තඹ දොයිතුවකට මායිම් නො කරන මහින්ද රාජපක්ෂ පාලනය දැන් තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වන්නැයි පොලිස් විශේෂ කාර්ය බලකායට චක්‍රලේඛ නිකුත් කරන තත්වයට පත් වී තිබේ. 

මෙම ඊනියා චක්‍රලේඛයෙහි පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එම්. සරත්චන්ද්‍රගේ යයි කියැවෙන අත්සනක් හා විශේෂ කාර්ය බලකායේ රබර් මුද්‍රාව  ද තිබේ.


කෙසේ වෙතත්, මෙම ලේඛනය ව්‍යාජ එකකැයි දැන් පොලිස් ලොක්කෝ පවසති. එහෙත්, මෙම නීති විරෝධී චක්‍රලේඛය මේ වන විටත් බෙදා හැර ඇතැයි දැනගන්නට ඇත. 



විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකා මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කර ඇත.







No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.