2010-01-04

කඳුරට දෙමළ අනන්‍යතාව වෙනුවෙන් සටන් කළ චන්ද්‍රසේකරන්ට අපේ ආචාරය!


(2010 ජනවාරි 04 -W3Lanka) කඳුරට ජනතා පෙරමුණේ හිටපු නායක පී. චන්ද්‍රසේකරන් අද සිය ජනතාවගෙන් සමු ගනියි. 


1957 ඉපිද හැටන් හයිලන්ඩ්ස් විදුහලෙන් අධ්‍යපනය ලබා හිටපු වතු කම්කරු නායක සෞම්‍යමූර්ති තොන්ඩමන් යටතේ ලංකා කම්කරු කොංග්‍රසයට බැඳී 1977දී එහි උප සභාපති ධුරයකට තේරී පත් වූ චන්ද්‍රසේකරන් තිස් වසරකට පසු වතු කම්කරු ජනයා සර්වජන ඡන්ද බලය උර ගෑ 1977 මහ මැතිවරණයේදී තොන්ඩමන්ට නුවරඑළිය - මස්කෙළිය අසුනෙන් තුන්වන මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වීමට වැඩ කළේ ය. 


කඳුරට දෙමළ ජනයාගේ පුරවැසි හිමිකම් සහ නිදහස වෙනුවෙන් සටන් කළ සටන්කාමී නායකයකු වන ඔහු 1989දී ලංකා කම්කරු කොංග්‍රසයෙන් බිඳී කඳුරට ජනතා පෙරමුණ බිහි කළේ ය. 


ත්‍රස්ත චෝදනා පිට අත්අඩංගුවේ සිටියදී 1993දී මධ්‍යම පළාත් සභාවට තේරී පත් වූ චන්ද්‍රසේකරන් 1994දී එජාප පාලනය පෙරළා දැමීම සඳහා විපක්ෂයට වතු කම්කරු ජනයාගේ සහාය ලබා දුන් නියමුවකු විය. 


ඉන්දීය දෙමළ, වතු දෙමළ ආදී වශයෙන් හැඳින්වුණු කඳුරට දෙමළ ජනයාගේ අනන්‍යතාව කඳුරට දෙමළ ලෙස සලකුණු කිරීම සඳහා චන්ද්‍රසේකරන්ගේ අරගලය ඉවහල් විය. අපි මෙම සුළු ජාතික නායකයාට ආචාර කරමු.




No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.