2010-01-06

මැතිවරණ නිරීක්ෂක සංවිධාන දූෂණ හෙළි වේ; රෙදි ගැලවේ

(2010 ජනවාරි 06 -W3Lanka) මැතිවරණ නිරීක්ෂණයේ යෙදුණ ප්‍රධාන රාජ්‍ය නො වන සංවිධානයක් වන පැෆරල් හෙවත් සාධාරණ හා නිදහස් මැතිවරණ සඳහා ජනතා ක්‍රියාකාරිත්වය මැතිවරණ නිරීක්ෂණය සඳහා එය පැවැත්වෙන දිනයේ එක් දේශීය නිරීක්ෂකයකුට රුපියල් 150ක මුදලක් සහ කෑම පාර්සලයක් ලබා දෙයි. 

එහෙත් පැෆරල් ආයතනයට එක් මැතිවරණ නිරීක්ෂකයකු වෙනුවෙන් ලැබෙන මුදල රුපියල් 700ක් බව ද ඉන් සොච්චමක් නිරීක්ෂකයන් වෙනුවෙන් වැය කර ඉතිරි මුදල ගසා කා ඇති බව ද පැෆරල් සංවිධානයෙන් ඉවත් වූ සේවක පිරිසක් දැන් පවසති. විවිධ රාජ්‍ය නො වන සංවිධානවල ප්‍රාදේශීය නියෝජිතයින් හරහා මැතිවරණ නිරීක්ෂණය සඳහා අවශ්‍ය පිරිස් බඳවා ගනු ලබන අතර ජාකික ම්ටමේ මැතිවරණයකදී නිරීක්ෂකයන් 10,000ක් පමණ පැෆරල් විසින් යෙදවනු ලබන බව වාර්තා වේ.


මෙම ජාවාරම කලක් තිස්සේ ‍කරගෙන ගොස් තිබේ. මෙම සේවකයන් පවා එය හෙළිදරව් කරන්නේ එම සංවිධානය දෙකඩ වීමෙන් පසු ය.


මෙවැනි දූෂණවල යෙදුණු පැෆරල් සංවිධානයේ හිටපු සභාපති කිංස්ලි ගුණතිලක එම දූෂණ වසා ගැනීම පිණිස පාලකයන්ගේ මැතිවරණ දූෂණ සැඟවීමේ ගනුදෙනුවක සිටි බව ද, ඔහුට වර්තමාන පාලකයන් විසින් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් පවා ලබා දී තිබුණු බව ද ඉවත් කරන ලද පැෆරල් සේවකයෝ පවසති.



දැන් පැෆරල් දෙකඩ වී තිබේ. පැෆරල් හිටපු සභාපති කිංස්ලි ගුණතිලකගේ බිරිඳ වන මොනිකා චිත්‍රාංගනී ඇතුළු පිරිසක් ඩැෆරල් හෙවත් ප්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණ මැතිවරණ සඳහා ජනතා ක්‍රියාකාරිත්වය නම් නව රාජ්‍ය නො වන සංවිධානයක් ආරම්භ කර තිබේ. එහි විධායක අධ්‍යක්ෂවරයා වසන්ත පුෂ්පකුමාර ය.  ප්‍රධාන ලේකම් දමිත් හෙට්ටිආරච්චි ය. 

පැෆරල් සංවිධානයේ ලේකම් වන සාම මණ්ඩලය ඇතුළු රාජ්‍ය නො වන සංවිධාන රැසක නායකයකු වන ජෙහාන් පෙරේරා තම නිවස පැෆරල් සංවිධානයට කුලියට දී මසකට රු. 40,000 බැගින් ලබා ගත් බව ඩැෆරල් කට්ටිය පවසති. පැෆරල් විධායක අධ්‍යක්ෂවරයා රෝහණ හෙට්ටිආරච්චි ය.  

1 comment:

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.