2010-01-07

ඡන්ද පොලිතින් ප්‍රතිචක්‍රීයකරණය කරනු! පරිසර සංවිධාන ඉල්ලයි


(2010 ජනවාරි 07-W3Lanka) මැතිවරණ ප‍්‍රචාරය සඳහා පොලිතින්, ප්ලාස්ටික් භාවිතයට ගැනීම සිදු නොකරන මෙන් පාරිසරික සංවිධාන 06ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ අපේක්ෂකයින් සහ ඔවුන්ගේ සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් ඊයේ කරනු ලැබීය. 

මැතිවරණ කටයුතු සඳහා පොලිතීන් භාවිතා කිරීමට නීතිමය තහනමක් නැතිවූවද, ආදර්ශයක් ලබාදීම පරිසර හිතකාමිත්වය පෙන්නුම් කිරිමක් බව එම සංවිධාන අවධාරණය කරති. 


පොලිතින් සහ ඒ ආශි‍්‍රත නිෂ්පාදන භාවිතයෙන් පසු අවිධිමත්ව බැහැර කිරීම තුලින් විශාල පාරිසරික සහ සෞඛ්‍යමය ගැටළු රාශියකට මෑත කාලයේ මුහුණ දිමට සිදුවිය. දේශපාලන දැන්වීම් පුවරු, පොලිතීන් සැරසිරි ඉවත් කිරීමෙන් පසුව ඒවා අදාළ ප‍්‍රතිචකී‍්‍රකරන ආයතන මගින් යළි ප‍්‍රති නිෂ්පාදනය කෙරේ.

පොලිතින් සහ ප්ලාස්ටික් වර්ග පහත සඳහන් ආයතන වලට ප‍්‍රතිචකී‍්‍රයකරණය සඳහා භාරදිය හැකිබව එම නිවේදනයේ සඳහන්ය. 


එනම් හෝමාගම හබරකඩ රණාල පාරේ වෝක් ලංකා ඉන්ඩස්ටී‍්‍රස්(දුරකථනය 077-7309217), 
මල්වාන, වල්ගම උඩහිටිවලපාරේ ඉසඞ් කේ හෝල්ඩන් සූ ආයතනය (077- 9377732) එම ආයතන වේ.

-Election Reporter



No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.