2010-01-08

ලසන්ත ඝාතනයෙන් වසරකට පසු "බොරු කීවා දැන් ඇති. වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන එනු!"


(2010 ජනවාරි 08 -W3Lanka) මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහ මගදී කෲර ලෙස මරා දමා අදට වසරකි. එනම දින 365කි. 

ඝාතකයෝ තවමත් නිදැල්ලේ ය. පොලිසියට ඔවුන් පිළිබඳ කිසිදු කරුණක් සොයා ගැනීමට බැරි ඇයි? ඔවුන්ට රැකවරණය සපයන්නේ කවුරුද? 

මෙම ඝාතනයට අණ දුන්නේ යයි චෝදනා එල්ල වන්නේ රජයටයි. ආණ්ඩුව සරත් විපක්ෂ ‍ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා දෙසට ඇඟිල්ල දිගු කරයි. 

ෆොන්සේකා සිය ජනාධිපති අපේක්ෂකත්වය නිවේදනය කළ පළමු රැස්වීම නීතිඥයන්ගේ හමුවක් වූ අතර එහිදී ඔහු නීතිඥයකු ද වූ ලසන්ත වික්‍රමතුංගගේ රූපයට මල් මාලයක් පැළැන්දුවේ ය.



තමන් බලයට පත් වූ පසු මෙවැනි අපරාධ කළවුන් නීතිය ඉදිරියට ගෙන එන බව ෆොන්සේකා කියයි. ආණ්ඩුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ අඩු තරමේ එවැනි ප්‍රකාශයක්වත් නො කරයි. ඔහු කියන්නේ ඔහුගේ අතේ ලේ නැති බව පමණි. ලේ තැවරී ඇත්තේ කා අතේ ද?


නිදහසේ වේදිකාව අද ලසන්ත සමරා රැස්වීමක් කොළඹදී පවත්වයි. මාධ්‍ය සංවිධාන 12දා කොළඹදී පෙළපාලියක් පවත්වති. "බොරු කීවා දැන් ඇති. වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන එනු!" එහි සටන් පාඨය එයයි.





No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.