2010-01-10

යුද අපරාධ චෝදනා මගහරවන්න දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් දෙන්න


(2010 ජනවාරි 10 -W3Lanka) බොරැල්ල නව මැගසීන් බන්ධනාගාරයේ හදිසි නීති රෙගුලාසි යටතේ සහ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රදවාගෙන සිටින දේශපාලන සිරකරුවන් 96 දෙනෙකු විසින් ජනවාරි 05 වනදා ආරම්භ කරන ලද උපවාසය මේ වන විට අනුරාධපුරය, ති‍්‍රකුණාමලය, යාපනය, බුස්ස හා මීගමුව බන්ධනාගාර හා රැඳවුම් කඳවුරු වෙත ද පැතිර තිබේ.


උපවාසයේ නිරතව සිටින කොටි සැකකරුවන්ගේ ප‍්‍රධාන ඉල්ලීම වී ඇත්තේ තමනට නඩු පවරන ලෙස හෝ චෝදනා නොමැතිනම් නිදහස් කරන ලෙසය.


ආහාර හා ජලය වර්ජනය කර ඇති උපවාසකරුවන්ගෙන් කීපදෙනෙකුගේම තත්වය බරපතල වීම නිසා මේ වන විට රෝහල්ගත කර තිබේ.


මෙම දේශපාලන සිරකරුවන් බොහෝ දෙනෙකු වසර ගණනාවක් තිස්සේ නඩු නොමැතිව රඳවා සිටින අයයි.


රජය පසුගිය සමයේ භාර වූ කොටි නායකයන් දෙදෙනෙකු ඇප මත මුදා හරින ලදී. පොලිස් නිලධාරීන් හා හමුදා නිලධාරීන් සිය ගණන් මරා දැමීම හා නිරායුධ සිංහල හා මුස්ලිම් වැසියන් සිය ගණනින් මරා දැමීම පිළිබඳ වග කිව යුතු ඇතැම් කොටි නායකයන්ට ඇමති පදවි ද පිරිනමා තිබේ.


නඩු නොපැවරිය නොහැකි කරුණක් සොයා ගත නොහැකිහදිසි නීතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවා මෙම රැඳවියන්ට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අසමත් වීමෙන් පොලිසියේ කාර්යක්ෂමතාව පෙනේ. 


පසුගිය කාල පරිච්ඡේදයේ මෙම රැඳවියන්ගේ සුබසාධනය පිළිබඳ සොයා බැලූ මනෝ ගනේෂන්, වික්‍රමබාහු කරුණාරත්න හා සිරිතුංග ජයසූරිය වැනි අය දැන් ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරවල තත්පරව සිටින නිසා උපවාසකරුවන් පිළිබඳ සොයා බලන්නට කෙනෙක් නැති තරම් ය. 


ලංකාවේ රජයට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වී තිබෙන මෙම සමයේ ඒවා පිළිබඳ ජාත්‍යන්තර ක්‍රියාමාර්ග ඉදිරියට යාම වළක්වා  ගැනීමටත්, විරසක වී සිටින දෙමළ සමාජය සමග සංහිඳියාව ආරම්භ කිරීමටත් රජයට ගත හැකි සංවේදී ක්‍රියාමාර්ගයක් වන්නේ මෙම දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් පිරිනැමීමයි. 

ඔවුන් යළි ත්‍රස්තවාදය වෙත නැඹුරු වීම පිළිබඳ ඇති කුකුස දුර ලාගෙන විශ්වාසයෙන් යුතුව මෙම පිරිස් සමාජ ගත කිරීම සඳහා ජාතීන්ගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීම ද ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය හා නීතියේ ආධිපත්‍යය පිහිටුවීම ද අවශ්‍ය ය.


4 comments:

  1. They are not political prisoners. They have been imprisoned for terrorist activities. Trust a UNPer not to know the difference.

    ReplyDelete
  2. මෑත කාලයේදී ලොව පුරා ම රජයන් විසින් දේශපාලන සිරකරුවන් හඳුන්වා දී ඇත්තේ ත්‍රස්තවාදී සැකකරුවන් ලෙසයි. 1971 කැරැල්ල සමයේ අත්අඩංගුවේ සිටි අය ද කර තිබුණු ක්‍රියා මූලික වශයෙන් මෙවැනි ම ඒවා වනමුත් එදා ඔවුන් හැඳින්වුණේ දේශපාලන සිරකරුවන් ලෙසයි. 1953දී මොන්කාඩා බැරැක්කයට කස්ත්‍රෝගේ නායකත්වයෙන් එල්ල වූ ප්‍රහාරය ඉන් පනස් වසරකට පසු සිදු වූවා නම් එය ද ත්‍රස්ත ප්‍රහාරයකි. එවිට කස්ත්‍රෝ ද දේශපාලන සිරකරුවකු වන්නේ නැත. නූතන අර්ථකථන අනුව චේ ගුවේරා ද ත්‍රස්තවාදියෙකි. මෙහි ඇත්තේ කාලය සමග සිදු වූ සංකල්පීය වෙනස්කම් ප්‍රමාණයකි. මූලික හරයන් වෙනස් වී නැත. අපි ඇමරිකාව විසින් සපයන අර්ථකථන පිළි නොගන්නා බැවින් මෙම පිරිස් දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වන්නෙමු. මෙම පිරිස් විස්න් කරන ලද අපරාධ ම සිදු කළ එහෙත් සිරකරුවන් බවට පත් නොවූ අය දේශපාලකයන් ලෙස දිගට ම ඉන්නේත්, ඇමති පදවි පවා දරන්නේත් ඔවුන් කර තිබෙන්නේ දේශපාලනයක් නිසා ය. එම දේශපාලනය ම නිසා සිරගත වූවන් දේශඵාලන සිරකරුවන් වන්නේ ඒ අනුව ය.

    ReplyDelete
  3. පොදු සමාවක් දීලා ආත්ම ඝාතක බෝම්බ කාරයෙක් එවලා අවශ්‍ය කෙනා මරා දාන්න ඇහැකිනෙ. කොහොමද ටිකිරි මොළේ?

    ReplyDelete
  4. මේ මිගාර කියන එකාට පිස්සුද මන්දා ප්රශ්න තේරෙන්නේ නැත්තේ. මිගාර තමුන් නොදන්නේ තමුන්ගේ ටිකිරි මෝඩ මොලේ නිසා බව කාටවත් නොදැනෙන්න මේ කමෙන්ට්ස් නොලියා ඉන්නවා.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.