2010-01-01

දෙමළ ජාතික සන්ධානයේ සිවාජි සහ ශ්‍රීකාන්ත බාහුට සහාය පළ කරති


(2010 ජනවාරි 01 -W3Lanka)  ජනාධිපතිවරණය පිළිබඳව තීරණයක් ගැනීමට දෙමළ ජාතික සන්ධානය තවමත් අසමත් වී තිබෙන අතරතුර එම සන්ධානයේ තවත් අපේක්ෂකයෙක් පසුගියදා වාමාංශික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නට සහාය පළ කළේය.

එම මන්ත්‍රීවරයා එන්. ශ්‍රීකාන්තයි. නව සමසමාජ පක්ෂයේ 32වන සංවත්සර රැස්වීමට සහභාගි වෙමින් ඔහු මේ බව නිවේදනය කළේය.

ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කරන එම්. කේ සිවාජිලිංගම් මන්ත්‍රීවරයා ද වික්‍රමබාහුට සහාය පළ කර තිබෙන අතර මේ දෙදෙනා එක් වේදිකාවක සිට දෙසැම්බර් 30දා කොළඹ නව නගර ශාලාවේ පැවති රැස්වීමක් ඇමතූහ.
 

නව වසරේ මේ වන විට මේ දෙපළ යාපනයේ එකට ප්‍රචාරක කටයුතුවල යෙදෙමින් සිටිති. දෙමළ ජාතික සන්ධානයේ තවත් මන්ත්‍රීන් ගණනාවකගේ සහයෝගය ඉදිරි කාලයේදී තමන්ට ලබෙනු ඇති බවට වික්‍රමබාහු බලාපොරොත්තු පළ කළේය.

No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.