2010-01-06

විදේශ ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් දෙන බවට ජනාධිපති පොරොන්දුව ඡන්ද ගුංඩුවක් නොවේවා!


(2010 ජනවාරි 06 -W3Lanka) විදේශ රටවල රැකියා කරන ලාංකිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් පිරිනමන බවට පොරොන්දුවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඊයේ එවැනි ශ්‍රමික පිරිසක් සමග අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී නිකුත් කරන ලදී.

මෙය මැතිවරණ සමයේදී කට කහනවට කියන කතාවක් හා හිස් ඡන්ද ගුංඩුවක් නො විය යුතු වැදගත් පොරොන්දුවකි. ජනාධිපතිවරයා ම කියන පරිදි සිය තරුණ විය රටට මුදල් ඉපැයීම සඳහා යොදවන මෙම පිරිස වියපත් වූ පසු ඔවුන් නො තකා හැරීම වැරදි ය. 



2009 වසරේ ද විදේශ රැකියා ලංකාවේ ප්‍රධාන ම විදේශ විනිමය උත්පාදන මාර්ගයක් විය. ලංකාවේ පාලකයන්, ඔවුන්ගේ පවුල් හා ඇම්බැට්ටයන් සැප ගන්නේ මේ පීඩිතයන් විදේශිකයන්ට කඹුරා උපයන තුට්ටු දෙකෙන් බැවින් ඔවුන් වෙනුවෙන් සුබසාධනය සැලසීම ආණ්ඩුවේ සදාචාරාත්මක වගකීමකි.


ලංකාවේ විදේශ ශ්‍රමිකයන් විසින් උපයනු ලබන ආදායම රටේ පුරවැසියන්ගේ සංඛ්‍යාවෙන් බෙදු විට ලැබෙන ඒක පුද්ගල විදේශ ශ්‍රම ආදායම මේ වන විට වසරකට එක්සත් ජනපද ඩොලර් 131ක් හෙවත් රු.14,000ක් පමණ වේ. මෙය දකුණු ආසියාතික රටවල සාමාන්‍ය අගය වූ ඩොලර් 33 මෙන් අටගුණයකි.

2008 වසරේදී පිට රටවල වැඩ කරන ලංකාවේ මිනිස්සු ඩොලර් මිලියන 2527ක හෙවත් රු. කෝටි 26,000ක ආදායමක් මෙරටට ගෙන ආහ. එය රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 8%කි. මෙය රටේ ප්‍රධාන ම ආදායම් මාර්ගයකි.



2008දී 252,021ක් ලාංකිකයන් විදෙස් රැකියා සඳහා නික්ම ගොස් තිබෙන අතර, එයින් බහුතරය ගෘහ සේවිකා කාන්තාවෝ වෙති.





1 comment:

  1. When will they put a stop to these entitlement politics? Isn't it bad enough that we let these low class village women go overseas, work as maids and destroy our country's reputation. Don't they earn enough money by doing so? Why should we then pay them a pension? It's up to them to properly invest their ill-gotten money for retirement. F-ck them!

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.