2010-01-05

මහින්දගේ එක ගලෙන් ෆොන්සේකා, ගෝඨා, බැසිල් යන කුරුල්ලන් තිදෙනා ම බිම

(2010 ජනවාරි 05 -W3Lanka) කිසිදා මාතෘ භූමිය හැර වෙනත් රටකට යන්නේ නැතැයි ද රටවල් දෙකක වීසා තමන් සතුව නැතැයි ද කියමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ සරත් ෆොන්සේකාටත්, සිය පවුල තුළ තම පුතුන්ගේ ඉදිරි ගමනට අභියෝග වී සිටින ගෝඨාභය හා බැසිල් රාජපක්ෂ සහෝදරයින්ටග් එක ගලෙන් පහර දුන්නේ ය.


තමන්ට උරුම වී ඇත්තේ උපන් මාතෘ භූමිය වන ශ්‍රී ලංකාවේ වීසා එක පමණක් බවත් රාජපක්ෂවරු මේ රට හැර ගියේ නැති බවත් ඊයේ අරලිය ගහ මන්දිරයේ දී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හමු වූ අවස්ථාවේ දී අවධාරණය කළේ ය.


සරත් ෆොන්සේකාට එක්සත් ජනපදයේ නිත්‍ය පදිංචිය හිමි ය. ගෝඨාභය හා බැසිල් රාජපක්ෂ සහෝදරයින් ඇමරිකා එක්සත් ජනපද පුරවැසියෝ ය.

1 comment:

  1. බෝගම්බරද වඩා හොඳ නැත්නම් ලොස්-ඇන්ජලීස්ද?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.