2010-01-03

රාජපක්ෂගේ ස්පෑම් එස්.එම්.එස්. ගැන අපට ලැබුණු ප්‍රතිචාරයක්


(2010 ජනවාරි 03 -W3Lanka) (අලුත් අවුරුද්දට සුබ පතා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එවන ලද මැතිවරණ දූෂණයක් ද වන කරදරකාර එස්.එම්.එස්. පණිවුඩය පිළිබඳව අප පළ කළ  පුවතට බුමුතුරුණු වෙතින් ලැබුණු ප්‍රතිචාරයකි.)

මටත් රාජපක්ෂගෙන් අවුරුදු සුභ පැතුම් පණිවිඩයක් ලැබුණි. වෙළෙද භාණ්ඩ විකුණා ගැනීම සදහා දිනකට එවන ස්පෑම් පණිවුඩ තුන හතර අතර රාජපක්ෂගේ පණිවිඩය මට අරුමයක් නොවීය. මට ඇතිවූයේ සතුටකි.


මේ සියවසේදීත් කුරහන් කන හම්බන්තොට බයියා නවීන තාක්ෂණය යොදා ගනිමින් රට වැසියාට සුභ පැතීම කෙතරම් නම් සතුටකට හේතුවක් ද?


ලෝක සංස්කෘතික මිශ්‍රණයකට බියෙන් සිංහල බෞද්ධ මූල ධාර්මික මඩ ගොහොරුවක ගිලී සිටින රාජපක්ෂ ලෝක තාක්ෂණික දියුණුවේ නවීන සංස්කෘතිය සමග පෙළගැසීම කෙතරම් නම් සතුටට හේතුවක්ද?


පැවැත්ම සදහා විටෙක මූල ධර්මවාදය ද විටෙක සංස්කෘතික මිශ්‍රණය ද කර පින්නා ගන්නා සිංහල බෞද්ධ බයියන්ගේ දෙපිටකාට්ටුකම රාජපක්ෂයන්ගේ මෙම ක්‍රියාවෙන් මොනවට පැහැදිලි වේ.


රාජ්‍යයෙන් කෙරෙනා විවිධාකාර තාඩන පීඩන මත ලාංකික පීඩිතයා සැමදා විඳවමින් සිටී. නමුත් මධ්‍යම පන්තිය තමන්ට ලැබෙන්නා වූ ස්පෑම් කෙටි පණිවුඩයකින් පවා කෝප වේ.


මගේ සතුට සාධාරණ නොවේද?


No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.