2010-01-06

ගෝඨාභයගේ දේශපාලන කථා නතර කරනු; එක්සත් ජාතික පෙරමුණ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලයි


(2010 ජනවාරි 06 -W3Lanka) ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රටේ පිළිගත් මැතිවරණ නීතියට ඉහළින් සිටින පුද්ගලයෙකු ලෙස කටයුතු කරන බැවින් ඔහුට විරුද්ධව වහා විනයානුකූල පියවර ගන්නැයි එක්සත් ජාතික පෙරමුණ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියි. 

අමාත්‍යංශ ලේකම්වරුන්ද ඇතුළුව දේශපාලන අයිතිය නැති සියළු රාජ්‍ය නිලධාරින් ජනාධිපතිවරණ සමයේදී පක්‍ෂ දේශපාලනයෙන් ඈත්වී සිටිය යුතු යයි මැතිවරණ කොමසාරිස්වරයා මුලදීම උපදෙස් දී තිබිණ. එහෙත් ඇතැම් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිහු මෙම උපදෙස්වලට පටහැනිව යමින් සෘජු ලෙස හා වක‍්‍ර ලෙස මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් සිටින බව ද මොවුන් අතුරෙන් මැතිවරණ නීතිය ප‍්‍රසිද්ධියේම උල්ලංඝනය කරන රාජ්‍ය නිලධාරියා බවට පත්ව සිටින්නේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ බව ද මොහු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවලට සහභාගි වෙමින් ප‍්‍රසිද්ධියේ පක්‍ෂ දේශපාලනයේ නිරත වනවා පමණක් නොව දැන් ප‍්‍රසිද්ධ දේශපාලන රැස්වීම්වලටද සහභාගි වෙමින් සිටින බව ද මෙම රැස්වීම්වලදී ඔහු සිය ප‍්‍රතිවාදි දේශපාලන කි‍්‍රයාකාරිකයින්, විශේෂයෙන් සරත් ෆොන්සේකා විවේචනයට ලක් කරන්නට පටන් ගෙන තිබෙන බව ද එක්සත් ජාතික පෙරමුණ පවසයි. 

පසුගිය දිනක පැවැති රැස්වීමකදී ඔහු රාජපක්‍ෂ පවුලේ දේශපාලන ඉතිහාසය ගැන කථා කොට ඇති අතර අම්බලන්ගොඩට ගොස් රැස්වීම් කිහිපයක්ම පවත්වා ජනරාල් සරත් ෆොන්සේකා මහතාට අපහාසාත්මක වන ප‍්‍රකාශ ගණනාවක් කර ඇති බව එක්සත් ජාතික පෙරමුණ පවසයි.



දැන් ”විජයග‍්‍රහණය අද සහ හෙට” යන මැයෙන් වූ සම්මන්ත‍්‍රණ මාලාවක් සංවිධානය කර ඇති මේ ලේක්මවරයා” යුද්ධයට මුවා වෙමින් දේශපාලන ප‍්‍රතිවාදීන්ට පහර දෙන්නට පටන් ගෙන ඇති බව ද ආරක්‍ෂක ලේකම්වරයාට අවශ්‍ය නම් යුද්ධය ගැන කථා කළ හැකි මුත් ඔහුට මෙම සාකච්ඡා හා සම්මන්ත‍්‍රණ ජනාධිපතිවරණ දේශපාලන වේදිකාවක් බවට පත් කර ගැනීමට ඉඩ දිය නොහැකි බව ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා මැතිවරණ නීතිය ගැන තුට්ටුවකට හෝ සැලකිල්ලක් නොදක්වමින් මෙසේ දඩබ්බර ලෙස හැසිරෙන්නේ තමාගේ ජනාධිපති අයියා වන මහින්ද රාජපක්‍ෂගේ හයිය ඇඟට ගෙන බව ද මේ උද්දච්ච නිලධාරියා මෙල්ල කළ යුතු කාලය දැන් උදා වී ඇති බව ද එක්සත් ජාතික පෙරමුණ කියයි.  

"ගෝඨාභය රාජපක්‍ෂට දේශපාලන වේදිකාවට පිවිසීමට අවශ්‍ය නම් ඔහුට සිය ලේකම් ධූරයෙන් ඉල්ලා අස් වී එසේ කළ හැකිය. එක් පැත්තකින් රජයෙන් පඩි ලබමින් සියළු රාජ්‍ය වරප‍්‍රසාද භුක්ති විඳිමින් අනෙක් පැත්තෙන් දේශපාලනයේ යෙදීමට කිසිදු පරිපාලන නිලධාරියෙකුට අයිතියක් නැත. මෙය පරිපාලන සේවය මෙතෙක් රැුකගෙන ආ කීර්තිය හෑල්ලූවට පත් කිරීමකි. එසේම මෙය ඉතාම නරක පූර්වාදර්ශයක්
සැපයීමකි." එබැවින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා රාජ්‍ය නිලතල දරමින් කරන දේශපාලනය නතර කරන්නේ නැතිනම් ඔහු වහා තනතුරෙන් ඉවත් කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා මැදිහත් විය යුතු යයි එක්සත් ජාතික පෙරමුණ කියා සිටියි. මොහුගේ මෙම හැසිරීම නතර නොකලහොත් එය නිදහස් හා සාධාරණ ජනාධිපතිවරණයක් පැවැත්වීමට බාධාවක් වනු ඇති බව ද ඔවුහු පවසති.

4 comments:

  1. Putha koti gannan wiyadam keranawa. Sahodarayoth emadiwate. Me ka Mahinda ge budalayanne. Anne appita wuna deyak.

    ReplyDelete
  2. "ඔව් නීති කැඩුවා, පුළුවන් දෙයක් කරපල්ලා" යැයි කියනා සෙයක් පෙනේ. අනාගතය මෙයද?

    ReplyDelete
  3. Lankawe aya thaama Modai...balamuko 26 mokada wenne kiyala..

    ReplyDelete
  4. Mathiwarana Comasaris Hire yanna kemathi neha gotabaya gana hoyala

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.