2010-01-07

ඇමතිවරු පෙළක් සරත් ෆොන්සේකාගේ සහායට එති

(2010 ජනවාරි 07 -W3Lanka) විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාට  සහාය පළ කරමින් ආණ්ඩුවේ ඇමතිවරු පෙළක් ම ඉදිරි දින කීපය තුළ විපක්ෂයට එක් වීමට නියමිත  බව වාර්තා වේ. 

තැපැල් නියෝජ්‍ය ඇමති එම්. එස්. සෙල්ලසාමි අද පෙරවරුවේදී සරත් ෆොන්සේකාගේ 'විශ්වසනීය හෙටක්' ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වන අවස්ථාවේදී ඔහුට සහාය පළ කරමින් විපක්ෂය සමග එක් විය.

ඇමති නවීන් දිසානායක ද සිය තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය. ඔහුගේ සොයුරු අම්පාර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන සංවිධායක මයන්ත දිසානායක දෙදිනකට පෙර අම්පාරේදී සරත් ෆොන්සේකාට සහාය පළ කළේය. 


මේ දෙදෙනා නැසී ගිය එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයකු වන ගාමිණී දිසානායකගේ ප්‍රත්තු වෙති. ඔහුගේ හදිසි අභාවයෙන් පසු 1994 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අපේක්ෂකයා වූ ශ්‍රීමා දිසානායක මයන්ත හා නවීන්ගේ මව ‍වන්නී ය.



1 comment:

  1. මෙහෙම දේශප්‍රේමීන්, දේශද්‍රෝහීන් වෙන එක හරිද මන්දා

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.