2010-01-04

බියෙන් අත්මිදීම කැලනියෙන් ඇරඹුණ වගයි

(2010 ජනවාරි 04 -W3Lanka) කැලනියේදී සරත් ෆොන්සේකාගේ ආධාරකරුවන්ට පහර දීමට ආ 'දුටුගැමුණුගේ' මැර පිරිසට පහර දී පළවා හැරීම ෆොන්සේකාට කඩේ යන මාධ්‍ය විසින් ද මේ වන විට අමතක කර දමා තිබේ. 


එහෙත් අප මෙම සිද්ධිය දකින්නේ දේශපාලනිකව වැදගත් සන්ධිස්ථානයක් ලෙසයි. කැලනියේ විරුද්ධ පක්ෂ දේශපාලනය තහනම් කිරීම සමස්ත රාජ්‍ය යන්ත්‍රය ම විපක්ෂයට එරෙහිව ක්‍රියාවේ යොදවා තිබෙන රාජපක්ෂ පාලනයේ 'ප්‍රජාතන්ත්‍රවාදයේ' පාතාල ප්‍රකාශනයයි. 

'දුටුගැමුණුගේ' දේශපාලන පාතාලයේ ප්‍රහාර ජන බලයෙන් අභිබැවීම දේශපාලනිකව අතිශය වැදගත් ය. රූපවාහිනී සංස්ථා සේවකයන් විසින් උගන්වනු ලැබූ පාඩම 'දුටුගැමුණුට' පමණක් නොව මහ රජ්ජුරුවන්ට ද නො තේරිණි. ‍කැලනියේදී සිදු වී ඇත්තේ ඒ පාඩම යළි මතක් කර දීමක් හෙවත් පුනරීක්ෂණයකි. 

ෆොන්සේකාගේ ආධාරකරුවන්ට පොලිසිය කියන්නේ ඔවුන්ගේ මග ඉදිරියේ පිරිසක් පොලු අරගෙන පහර දීමට සිටින බැවින් විසිර යන ලෙසයි. පොලිසිය හරි නම් කළ යුතුව තිබුණේ එවැනි නීති විරෝධී රංචු ගැසීමක් වී නම් එය විසුරුවා හැරීමයි. ඒ වෙනුවට පොලිසිය කරන්නේ පොලුවලට බිය වී දුවන ලෙස උපදෙස් දීමයි. එනම්, පොලු තියාගෙන ඉන්න චණ්ඩි අයියලාගේ පණිවුඩය ගෙන ඒමේ මල්ලි භූමිකාවයි.



කැලනියේදී ජන බලය විසින් පරාජය කළේ මෙවැනි අවනීතියකි. එම අවනීතියට මුහුණ දුන් ජනතාව ෆොන්සේකාගේ ආධාරකරුවන් වීම එය වීරකමක් ලෙස හැඳින්වීමට බාධාවක් නොවේ. 


සමාජය බියෙන් අත්මිදීම ආරම්භ කළ යුතු ය. කැලනිය ඒ සඳහා හොඳ තැනකි.

3 comments:

  1. මෙවැනි දේට හොඳම ප්‍රතිචාරය පොලු අතට ගැනීම නොව විඩියෝ පහසුකම් සහිත ජංගම දුරකථන ලඟ තබාගැනීමයි. අන්තර්ජාලය හා අඩු මිලට ගතහැකි විඩියෝ උපකරණ තිබියදී ප්‍රසිද්ධ ජනමාධ්‍ය වල කල් ක්‍රියාව ගැන කණස්සලු විය යුතු නැත.

    උදාහරණයක් වශයෙන් මෙම වාර්තාව තුල පොලු ගත් මැර පිරිසගේ දර්ශන කිසිවක් දක්නට නැත: http://www.youtube.com/watch?v=eg1pF4Ic07k

    අවට උන් අය පටිගත කළේ නම් දර්ශන මීට වඩා වෙනස් වන්නට තිබිනි.

    ReplyDelete
  2. මොන වීඩියෝද සහෝ...‍දෙකේ දෙකේ පොලු කෑලි ටිකක් අරගෙන දෙමළ සිංහල කලා උළෙලෙදී සිංහල ජාතිවාදීන්ට ගැහැව්වා වගේ මුන්ට එලව එලවා ගහනවා මිසක්...

    ReplyDelete
  3. eka nam aeththa.. kiribathgoda policiya mare maru..okkoma Police ekai...

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.