2010-01-08

ක.රෝ.ල. පියදාසගේ සමීක්ෂණ වාර්තාව මහින්ද රාජපක්ෂ පිළි නො ගන්නේ ඇයි?


(2010 ජනවාරි 08 -W3Lanka) විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිසුන් ඇතුළු සියයක පමණ සමීක්ෂණ කණ්ඩායමක් සමග අවුරුදු දහ අටේ සිට විවිධ වයස් කාණ්ඩයන්හි පිරිස් යොදාගෙන ජනාධිපතිවරණය පිළිබඳ දිස්ත්‍රික්ක විසිපහම නියෝජනය වන පරිදි ස්වාධීනව පවත්වන ලද පූර්ව සමීක්ෂණයක් අනුව, 73.32% ක් ප්‍රතාශ කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයේ ජය ගන්නා බව යයි කථිකාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.


"විශ්‍රාමික ෆොන්සේකා මහතා ජයග්‍රහණය කරන බවට 24.17% ප්‍රමාණයක් පමණක් ප්‍රකාශ කරනු ලැබුවේ ය. මෙම සමීක්ෂණය අනුව යුද්ධය ජය ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුල් වූ බවට 63.10% ක් ප්‍රකාශ කළ අතර ඒ සඳහා ෆොන්සේකා මහතා මුල් වූ බව ප්‍රකාශ කර තිබෙන්නේ 17.04%ක ප්‍රමාණයක් පමණි. මෙම වකවානුවේ ජනතාවට වඩාත් දැනුණු දේශපාලන දැන්වීම ලෙස ‘තාරුණ්‍යයට හෙටක්’ දැන්වීම සඳහා වැඩිම ජනතා ප්‍රසාදය ඇතැයි මෙම සමීක්ෂණයේ දී තහවුරු විය," යි ඔහු අද දිනමිණ පුවත්පතට පවසයි.


මෙම සමීක්ෂණ ප්‍රතිඵල අනුව මහින්ද රාජපක්ෂ මීළඟ ජනාධිපතිවරණයේදී ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගන්නා බව නියත ය. එහෙත්, අවාසනාවට ඇත්ත කතාවක් වන්නේ රාජපක්ෂලා මේ සමීක්ෂණ වාර්තාව පිළි නො ගැනීමයි. මෙය ජන සන්නිවේදනය පිළිබඳ ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගේ පැත්තෙන් බැලූ කල අතිශය කණගාටුදායක තත්වයකි.


රෝහණ ලක්ෂ්මන් පියදාසලාගේ සමීක්ෂණ වාර්තා අළුයම ලූ කෙළ පිඬු සේ ඉවත දමා ඇති රාජපක්ෂ පාලනය ජනාධිපතිවරණය පරදිනු ඇතැයි බියෙන් දඟලයි. හැම අහු මුල්ලක ම තඩි කටවුට් ගසයි. රජයේ මාධ්‍යවල එපා වන තුරු පොල්ලට ඇඩ් දමයි. උදේ සිට රෑ වන තුරු විපක්ෂ අපේක්ෂකයාට මඩ ගසයි.


රෝහණ ලක්ෂ්මන් පියදාස වැනි ජන සන්නිවේදන ආචාර්යවරුන් කියන දේ පවා රජය පිළි නො ගැනීම විසින් ප්‍රකාශ වන්නේ බුද්ධිමතුන්ට ගොස් තිබෙන කලදසාව නො වේද?


1 comment:

  1. So are you saying that MR is going to win. Do you expect him to be complacent because he's going to win?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.