2010-01-08

කොටි සැකකරුවන් නිදහස් කිරීමේ රජයේ වැඩපිළිවෙලට ඇමති චම්පිකගේ විරෝධය


(2010 ජනවාරි 08 -W3Lanka) 'ත්‍රස්‌තවාදී සැකකරුවන් නිදහස්‌ කිරීමද බරපතල ප්‍රශ්නයක්‌. මෙය පරාජය කළ ත්‍රස්‌තවාදය යළි ගොඩනැගීමේ ව්‍යාපෘතියක්‌ද?' යි ජාතික හෙළ උරුමයේ සැබෑ නායක පරිසර හා ස්වභාවික සම්පත් ඇමති චම්පික රණවක ඊයේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාගෙන් ඇසීය.


එහෙත්, රජය විසින් පුනරුත්ථාපනය කළ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 713 දෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නියමයකට අනුව නිදහස්‌ කර යෑවීම හෙට (09 වැනිදා) සිදු කෙරෙනු ඇතැයි ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රකාශකයෙක්‌ පැවසූ බව අද "දිවයින" වාර්තා කරයි. මේ දිවයින වාර්තාවෙන් උපුටා ගත් කොටසකි.


එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සන්නද්ධ, බුද්ධි, මරාගෙන මැරෙන කළු කොටි සාමාජිකයන් ලෙස කටයුතු කළ 11000 කට අධික පිරිසක්‌ මේ වන විට රජය මගින් පුනරුත්ථාපනය කරමින් සිටී. මෙම පිරිසට ආරක්‍ෂක අංශ විසින් පසුගිය මාස කීපය තුළදී අත්අඩංගුවට ගත් සහ ආරක්‍ෂක අංශ වෙත භාරවූ පිරිස්‌ අයත් වෙති. ඔවුන්ට පාසල් අධ්‍යාපනය සහ විවිධ වෘත්තීය පුහුණුව ලබාදීමට කටයුතු යොදා ඇත.


මෙසේ පුනරුත්ථාපනයට ලක්‌වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 429 දෙනෙකු මීට පෙරද රජය නිදහස්‌ කර යවා ඇත. ඔවුන් තිලිප්පලෙයි, පූන්තෝට්‌ටම්, වැලිකන්ද හා අඹේපුස්‌ස යන පුනරුත්ථාපන මධ්‍යස්‌ථානවල සිටියදී නිදහස්‌ කර යවා ඇත.


ඒ අනුව පුනරුත්ථාපනය ලබන කොටි සාමාජිකයන් 11000 කට අධික පිරිසගෙන් දහසකට අධික පිරිසක්‌ රජය විසින් නිදහස්‌ කර යෑවීමට පියවර ගෙන ඇත.


සෙසු කොටි සාමාජිකයන් අතරින් වරින් වර ඉදිරියේදීද කණ්‌ඩායම් වශයෙන් නිදහස්‌ කර යෑවීමට පියවර ගනු ලබන බව එම ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

4 comments:

  1. එකෙක් කියන එක අනිකා දන්නේ නෑ.අනේ මන්දා මුන්ටනේ අපි චන්දේ දෙන්නේ......

    ReplyDelete
  2. The government is only going to let go those who were abducted or otherwise coerced to fight. Fonseka has agreed to free all suspects, including hardened cadres.

    ReplyDelete
  3. කොහොමත් කවදා හරි නිදහස් කරන්න එපැයි.මහින්දට වඩා හොඳට ෆොන්සේකා කොටි ගැන දන්නවා.ඒක නිසා එයා කළ යුතු විදියට කරයි.මහින්ද ඡන්දේ ළං වුනාමනේ එය හැමදෙයක්ම කරන්න පටන් ගත්තේ?

    ReplyDelete
  4. මතකය හරිනම් ඡන්ද ප්‍රකාශයට දින 2කට කලින්

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.