2010-01-08

කොටි සංවිධානය හා දෙමළ ජාතික සන්ධානය යනු දෙකක් නොව එකක් බව සොයා ගත්‍ කෙහෙළිය යුරේකා කියමින් පාරේ දිවූ කතාව බොරුවක්

(2010 ජනවාරි 08 -W3Lanka) කොටි සංවිධානය හා දෙමළ ජාතික සන්ධානය යනු දෙකක් නොව එකක් බව දැන් වැඩි සද්ද බද්ද නැති එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට කරණමක් ගසා ඇමතිකමක් ලබා ගත් කෙහෙළිය රඹුක්වැල්ල විසින් හදුසියේ ම සොයාගෙන තිබේ.


ඔහු ආකිමිඩීස් මෙන් 'යුරේකා! යුරේකා!'යි කියමින් නිරුවතින් පාරේ දිවූ බවට ඇති ප්‍රචාර බොරු බව අපි වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු. ලංකාවේ ඇමතිවරුන් රෙදි ඇඳගෙන සිටියත් නැතුව සිටියත් වැඩි වෙනසක් නැති බැවින් එහෙම දෙයක් වුණත් එහි ප්‍රවෘත්තිමය වටිනාකමක් නැති බැවින් අපි එය වාර්තා නො කරන්නමු.


එල්.ටී.ටී.ය හා ටී.එන්.ඒ යනු දෙකක් නොව එකම කණ්ඩායමක් බවත් ප්‍රභාකරන්ගේ ඊළාම් අරමුණ වෙනුවෙන් විවිධ ස්වරූපයන්ගෙන් ක්‍රියා කළ මේ කණ්ඩායමට පසුගිය මැයි 18දා අහිමි වුණු ජීවය අද වන විට යළි ලැබී ඇති බවත් රඹුක්වැල්ල කීය.

පසුගිය දිනවල මේ 'දෙකක් නොව එකක්' සමග ජනාධිපති මහින්ද රාජපක්ෂ ද සාකච්ඡා කළේය. ඒ ඔවුන්ගේ සහාය රාජපක්ෂට ලබා ගැනීමටයි. රඹුක්වැල්ල මේ සොයාගැනීම කර තිබෙන්නේ දෙමළ ජාතික සන්ධානය සරත් ෆොන්සේකාට සහාය පළ කිරීමෙන් අනතුරුව ය.

1 comment:

  1. මුන් වගෙ බලලොබී තිරිසනුන් ඉන්නකල් ජාතීන් දෙක හැමදාම සැකෙන් එකිනෙක දිහා බලාවි. දෙගොල්ලො කොටාගන්න දාලා මුන් පැති මාරු කරමින් හැමදාම බලයෙ ඉදිවි.මෙක තෙරෙන එකා මුන්ගෙ අබුදරුවන්ටත් සාපකරාවී,නොතේරෙන බහුතරය හැමදම මුන්ගෙ කටවල් වලින් ව්හිදෙන ජරාව විස්වාස කරමින් එකිනෙකා දිහා සැකයෙන් බලාවි.තුහ් මුන්ගෙ වලවල් වලටත් හෙන ගහනව මෙ අවුලන කතා වලට.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.