2010-01-06

අපි බුරුමය පසුපස - බුරුමය අප පසුපස


(2010 ජනවාරි 07 -W3Lanka) බුරුමය වත්මන් පාලනය යටතේ ලකාවට සිටින අඹ යහළු රටකි. අපේ පාලකයෝ බුරුමය අනුගමනය කරති. බුරුමය අපේ පාලකයන් අනුගමනය කරයි. 


ලංකාව තිස්සනායගම්ට විසි වසරක සිර දඬුවමක් දුන්නේය. දැන් බුරුමය විදේශයක සිට පවත්වාගෙන යන බුරුම ප්‍රජාතන්ත්‍රවාදී හඬ මාධ්‍යයට වාර්තා සැපයුවේ ය යන චෝදනාව මත හ්ලා හ්ලා වින් නම් නිදහස් වීඩියෝ වාර්තාකාරියකට විසි වසරක සිර දඬුවමක් දී ඇත. 


පසුගිය සැප්තැම්බරයේ සිට අත්අඩගුවේ සිටින මෙම 25 වියේ පසු වන මාධ්‍යකාරියට ඔක්තෝබරයේදී සත් වසක සිර දඬුවමක් නියම කරන ලදී.


ඇයට සහාය දැක්වූ පුද්ගලයෙකුට 26 වසරක සිර දඬුවමක් නියම කර තිබේ. අඩු වශයෙන් බුරුම මාධ්‍ය හා බ්ලොග්කරුවන් 13දෙනෙකුවත් රළු තත්වයන් තුළ සිරගත කර තිබේ.


රාජපක්ෂ පාලනය යටතේ ලංකාවේ තත්වය ද මෙය වීමට පුළුවන. බ්ලොග්කරුවනි බිය වන්න!


4 comments:

  1. නියමයි! දැන් ඉතිං වෙනස බුරුමේ ඉන්නවා වගේ අවංකවම මිනිසුන් වෙනුවෙන් කැප වුණු අවිහිංසාකාරී භික්ෂුන් වහන්සේලායි.

    ReplyDelete
  2. ලබන සිකුරාදාවට ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසරක් සපිරෙන බවත් අමතක නොකරන්න

    ReplyDelete
  3. රාජපක්ෂ පාලනය යටතේ ලංකාවේ තත්වය ද මෙය වීමට පුළුවන.

    මිගාර සහ කසාපබ්බත හැර සියළු බ්ලොග්කරැවන් බිය විය යුත=ය.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.