2010-01-02

රාජපක්ෂලාගේ ස්පෑම් එස්.එම්.එස්. ඔබටත් ලැබුණා ද?

2010 ජනවාරි 02 -W3Lanka)ජනාධිපති මහින්ද රාජපක්ෂ‍ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ නවතම දූෂණය වන්නේ 'ස්පෑම්' හෙවත් අනවසර කරදරකාර එස්.එම්.එස්. පණිවුඩ එවීමයි.


මේ අනුව, “Kiwu paridi obata NIDAHAS, NIVAHAL RATAK laba dunnemi. Idiri anagathaya sarwapparakarayenma Wasanawantha Wewa! SUBA NAWA WASARAK WEWA! Mahinda Rajapaksa,” යි සඳහන් පණිවුඩයක් මේ වන විට ඔබේ ජංගම දුරකථනයටත් ලැබී ඇති.


එක් කෝටි විසි හය ලක්ෂයක් වන සියලු ජංගම දුරකථන ග්‍රාහකයන්ට මෙම පණිවුඩය යැවීම සඳහා දළ වශයෙන් රුපියල බැගින් ගෙවන්නේ නම් ජනාධිපති අපේක්ෂක මෙම ප්‍රචාරක කර්තව්‍යය සඳහා රු. එක් කෝටි විසි හය ලක්ෂයක් වැය කළ යුතු ය. මේ වියදම දරන්නේ නවුරුද?


මොබිටෙල් සමාගමේ කොටස්වලින් වැඩි ප්‍රමාණය හිමි රජයට නිසා මොබිටෙල්ට මුදල් නො ගෙවා මෙම කාර්යය කර ගෙන තිබේ නම් ජනාධිපතිවරයා කර තිබෙන්නේ බරපතල මැතිවරණ දූෂණයකි. ඩයලොග් කියන පරිදි ජනාධිපති ඉල්ලීම පරිදි ඔවුන් මෙම පණිවුඩය ග්‍රාහකයන් වෙත යවා තිබේ. ජනාධිපති යනු ජනාධිපතිවරණයේ එක් අපේක්ෂකයෙකි. සෙසු අපේක්ෂකයින්ට ද මෙම අවස්ථාව ලබා දීමට ඩයලොග් සූදානම් ද?


අනෙක් ප්‍රශ්නය වන්නේ අපගේ පෞද්ගලික ජංගම දුරකථනයට අනවසරයෙන් මෙම පෞද්ගලික පණිවුඩ එවීම කෙතරම් සදාචාරාත්මක ද යන්නයි. දැනට පිටරටවල සිටින මෙරට ජංගම දුරකථන හිමියන්ට මේ සඳහා මුදල් ගෙවීමට ද සිදු වේ. මෙය රාජ්‍යය විසින් 'ස්පෑම්' කිරීමේ යෙදීමකි.

3 comments:

  1. We agree. I have three mobile phones and I got six messages, two from each, may be due to an oversight.
    It was in Siglish and hard to read, there was no choice but to delete it after opening.

    ReplyDelete
  2. මගේ phone එකටත් ඕක ආවා.මහ මුස්පේත්තු පණිවුඩේ.අවුරුද්ද කාලකණ්නි වුණොත් මහරජ වගකියන්න ඕනේ.

    ReplyDelete
  3. මටත් රාජපක්ෂගෙන් අවුරුදු සුභ පැතුම් පණිවිඩයක් ලැබුණි. වෙළෙද භාණ්ඩ විකුණා ගැනීම සදහා දිනකට එවන ස්පෑම් පණිවුඩ තුන හතර අතර රාජපක්ෂගේ පණිවිඩය මට අරුමයක් නොවීය.මට ඇතිවූයේ සතුටකි.

    මේ සියවසේ දීත් කුරහන් කන හම්බන්තොට බයියා නවීන තාක්ෂණය යොදා ගනිමින් රට වැසියාට සුභ පැතීම කෙතරම් නම් සතුටකට හේතුවක් ද?

    ලෝක සංස්කෘතික මිශ්‍රණයකට බියෙන් සිංහල බෞද්ධ මූල ධාර්මික මඩ ගොහොරුවක ගිලී සිටින රාජපක්ෂ ලෝක තාක්ෂණික දියුණුවේ නවීන සංස්කෘතිය සමග පෙළගැසීම කෙතරම් නම් සතුටට හෙතුවක්ද?

    පැවැත්ම සදහා විටෙක මූල ධර්මවාදය ද විටෙක සංස්කෘතික මිශ්‍රණය ද කර පින්නා ගන්නා සිංහල බෞද්ධ බයියන්ගේ දෙපිට කාට්ටු කම රාජපක්ෂයන්ගේ මෙම ක්‍රියාවෙන් මොනවට පැහැදිලි වේ.

    රාජ්‍යයෙන් කෙරෙනා විවිධාකාර තාඩන පීඩන මත ලාංකික පීඩිතයා සැමදා විද වමින් සිටී.නමුත් මධ්‍යම පන්තිය තමන්ට ලැබෙන්නා වූ ස්පෑම් කෙටි පණිවුඩයකින් පවා කෝප වේ.

    මගේ සතුට සාධාරණ නොවේද?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.