2010-01-07

රජයේ සේවාවන් ගෙදර දීම ඉටු කර දෙන ‘ලංකා ගේට්’


(2010 ජනවාරි 07 -W3Lanka)  රජයෙන් සැපයෙන සේවා අන්තර් ජාලය ඔස්සේ ජනතාවට ලබා ගැනීමට හැකි ‘ලංකා ද්වාරය හෙවත් LANKA GATE ව්‍යාපෘතිය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් නොබෝදා හදුන්වා දෙන ලදී.


රාජ්‍ය ආයතන වලට නොගොස් එම සේවාවන් සිය නිවසේ සිටම ලබා ගැනීමටත් ඒ සදහා වන මුල්‍ය ගෙවීම් අන්තර්ජාලය ඔස්සේ ගෙවීමට හැකිවීමත් මෙම ලංකා ද්වාරය ව්‍යාපෘතියේ ඇති සුවිශේෂිත්වයයි.


www.srilanka.lk වෙබ් ලිපිනය ඔස්සේ ලංකා ද්වාරයට පිවිස ලියාපදිංචි වීමෙන් මෙම සේවාවන් ජනතාවට ලබා ගත හැකි වේ.


බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම, දුම්රිය කාලසටහන් තොරතුරු ලබා ගැනීම යන සේවාවන් ඇතුලු තොරතුරු රැසක් මේවන විටත් ලබා ගැනීමට හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ( ICTA ) සදහන් කරයි.


මෙම ලංකා ද්වාරය ‍(Lanka Gate) ව්‍යාපෘතිය ජනතාවට හදුන්වාදීම ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාලිගාවත්තේ පිහිටි මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් කාර්යාලයේදී සිදුවිය.


වාහන ආදායම් බලපත්‍ර අයදුම්කරුවෙකු ලංකා ද්වාරය ඔස්සේ වාහන ආදායම් බලපත්‍රයක් අයදුම් කර ඒ සදහා වන ගෙවීම් ක්‍රෙඩිට් කාඩ් පතක් මගින් සිදුකර එම ප්‍රතම වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමද මෙහිදී සිදුවිය.


ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සබාපති මහාචාර්ය පී.ඩබ්. ඈපාසිංහ නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර වැඩසටහන් අධ්‍යක්ෂ ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි විය.

No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.