2010-01-04

පශ්චාත් යුද සංහිඳියාව සඳහා දෙමළ ජාතික සන්ධාන ඉල්ලීම්වලට ෆොන්සේකාගෙන් කොළ එළිය


(2010 ජනවාරි 04 -W3Lanka) අත්අඩංගුවේ පසු වනකොටි සැකකරුවන් 12,000කට පොදු සමාවක් පිරිනැමීම සරත් ෆොන්සේකා දෙමළ ජාතික සන්ධානය සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුමේ වගන්තියක් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙය පශ්චාත් යුද සමයේ සංහිඳියාව ඇති කිරීම සඳහාත්, දේශපාලන විසඳුමක් සඳහා පසුබිම සකස් කර ගැනීම සඳහාත් අවශ්‍ය පියවරක් බව දෙමළ ජාතික සන්ධානයට සමීප ආරංචි මාර්ග පවසයි. 



උතුරු-නැගෙනහිර අධි ආරක්ෂක කලාප ඉවත්කර ජනතාව එහි පදිංචිකිරීම, හමුදා කඳවුරු සීමා කිරීම, අවතැන්වූවන් නැවත පදිංචි කිරීම, ජාතික ප‍්‍රශ්නයට දේශපාලන විසදුමක් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ද දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කර තිබේ. 

මෙම ඉල්ලීම් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ද දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කර තිබෙන අතර ඒවායින් බොහොමයකට ඔහු එරෙහි වී ඇති බව ද වාර්තා වේ.



4 comments:

  1. http://meepani.myblog.lk/2009/12/25/%E0%B6%85%E0%B6%B4%E0%B7%92-%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B8%E0%B7%9C%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%9D-%E0%B6%BB%E0%B7%84%E0%B7%83/

    ReplyDelete
  2. @ Hakuna Matata
    හි‍තේ තියන වෛරය මෙහෙම හරි එළියට දාන එක හොඳයි. නැත්නම් ඔහේ පිච්චිලා ‍මැරෙන්නෙ වෛරයේ ගිනිදැල් වලින්.

    ප.ලි.
    කොහොම වුණත් ඔයා මොලේ ටිකක් චෙක් කරගත්තොත් හොඳයි. ඔයාට ලොකු මානසික ලෙඩක් තියනවා...

    ReplyDelete
  3. ජාතිවාදය ඇවිස්සෙන විදිහේ වැඩ කර නැවතත් ලංකාව තුල කැලඹිලි සහගත තත්වයක් ඇති කිරීමට මෙම වෙබ් අඩවිය දරන උත්සාහය අතිශයින් හෙලා දකිමි.

    ReplyDelete
  4. මෙවරනි වෙබ් අඩවි ශ්‍රී ලාංකිකයන් විසින් අපත්වාගෙන යෑම ලංකාවේ දියුණුවල කරන මහා වල කැපීමකි මක්නිසාද යත් මොවැනි දෑ අන් රට වල අය ද කියවීමෙන් ඔවුන්ගේ ලංකාව ගැන ඇති සුභවාදී ආකල්ප වෙනස්වී ලංකාව ්‍ට කරන උපකාර ද නිවතී.
    වදුරට දැලිහිය අහුවුනා සේ තාක්ෂණය යම් පමණින් දැනගත් පමණින් රටට වින කිරීම මෙවැනි වෙබ් අඩවි ශ්‍රී ලාංකිකයකු ලෙස හෙලා දකී

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.