2010-01-02

අන්තරේ සරත් ෆොන්සේකාට සහාය නො දෙන්නේ ඇයි?


(2010 ජනවාරි 02 -W3Lanka) මෙවර ජනාධිපතිවරණයේදී සරසවි සිසුන්ගෙන් බහුතරයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යළි ගත යුතු ය යන ස්ථාවරය ගැනීම ජවිපෙ තීරණයට එකඟ නොවෙමින්, සරත් ෆොන්සේකාට සහාය ලබා නො දීමට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ගත් තීරණයට හේතුව බව වාර්තා වේ.

වසර 1969 ජූනි 19වනදා ආරම්භ කරන ලද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය 1976 නොවැම්බර් සිට දේශපාලන නායකත්වය ලබා දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ශිෂ්‍ය සංගමය මගිනි. වසර 1970 දක්වා අන්තරේ බලය ශි‍්‍රලනිප ප‍්‍රගතිශීලී ශිෂ්‍ය සංගමය ද, 1971 සිට
1976 දක්වා කොමියුනිස්ට් පක්ෂයේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමය ද සතු විය.

අන්තරේ මෑත ඉතිහාසයේ සෑම අවස්ථාවකදීම ජවිපෙ දේශපාලන ස්ථාවරයන්හි පියවරයන් මැතිවරණ සම්බන්ධයෙන් අනුගමනය කළේය. 



1 comment:

  1. මහින්දටත් සහය දෙන්න ඕනේ නෑ.

    එයාලාවත් පක්ෂපාතී වෙලා ඉන්නවා නම් එච්චරයි! නැත්තං දෙපැත්තටම කඹ අදින්න ගිහින් ඒකටත් වෙන්නේ දේශපාලු නියාමය පල දෙන්න තමා!

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.