2010-02-02

ලංකාවේ රාජ්‍යයේ හා සමාජයේ මිලිටරිහරණයක්

(2010 පෙබරවාරි 02-W3Lankaපශ්චාත් යුද සමයේ ලංකාවේ රාජ්‍යයේ හා සමාජයේ ශීඝ්‍ර මිලිටරිහරණයක් කළ යුතුව ඇති බව රජයේ අවධානයට යොමු වී ඇති බව රජයට සමීප දේශපාලන ආරංචි මාර්ග පවසයි.


ඒ අනුව ඉදිරි කාලයේදී යුද ජයග්‍රහණය පිළිබඳ කරුණු ප්‍රචාරය කිරීම අවම කිරීමට ද, රණවිරු උපහාර ආදිය නිල උත්සවවලට සීමා කිරීමට ද, හමුදා නිලධාරීන් රජයේ සිවිල් තනතුරුවලට පත් කිරීම අවම කිරීමට ද ආණ්ඩුව සලකා බලමින් සිටින බව දැනගන්නට ඇත.


යුද්ධයෙන් පසු සමයේ මැතිවරණවලදී රණවිරුවන්ට සුවිශේෂ තැනක් දීම‍ට පාලක සන්ධානය පියවර ගෙන තිබිණි. බොහෝ සිවිල් තනතුරුවලට හමුදා නිලධාරීන් පත් කරන ලදී.


දැනට යුද හමුදාවේ ශීඝ්‍ර ප්‍රතිසංවිධානයක් සිදු වෙමින් ඇති අතර හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට පක්ෂව කටයුතු කළ නිලධාරීන් වැදගත් තනතුරුවලින් ඉවත් කරමින් හා අනිවාර්ය විශ්‍රාම යවමින් තිබේ. දැනට මේජර් ජෙනරාල්වරුන් පස්‌දෙනෙක්‌, බ්‍රිගේඩියර්වරු පස්‌දෙනෙක්‌, කර්නල් හා ලුතිනන් කර්නල්වරු දෙදෙනකු හා කපිතන්වරු දෙදෙනෙක්‌ ද  ඇතුළු ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරීන් 14ක් ඊයේ සිට අනිවාර්ය නිවාඩු යවා තිබේ. 


මෙලෙස අනිවාර්ය නිවාඩු යවා ඇති අය අතර මේජර් ජෙනරාල් ඩී. ලියනගේ, මේජර් ජෙනරාල් රාජිත සිල්වා, මේජර් ජෙනරාල් ජයනාත් පෙරේරා, මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, බ්‍රිගේඩියර් ඩී. ඩී. ඩයස්‌, බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන, බ්‍රිගේඩියර් මොහොට්‌ටි, බ්‍රිගේඩියර් හැන්නදිගේ, මේජර් ජෙනරාල් සූරියබණ්‌ඩාර, බ්‍රිගේඩියර් කුමාරපෙරුම, කර්නල් තිලක්‌ උභයවර්ධන, ලුතිනන් කර්නල් ජයසූරිය, කපිතාන් රණවීර සහ කපිතාන් ක්‍රිෂාන්ත යන අය සිටින බව අද දිවයින පුවත්පත වාර්තා කළේ ය. 

2 comments:

  1. මිලිටරිහරණය නම් ඉතා හොද දෙයක්. නැතිනම් අපේ සමාජය නවතින්නෙ කොතනදැයි කියන්නනට බැහැ

    ReplyDelete
  2. එයාලම කරලා එයාලම අයින් කරන එකත් කරනවා. හැබැයි සේරම විරුද්ධ නම් විතරයි. පක්ෂ නම් කමක් නැහැ

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.