2010-02-01

තිස්සනායගම්ගෙන් සිරිමල්වත්තට මාරු වන ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති

(2010 පෙබරවාරි 01-W3Lankaරහස් පොලීසියේ අත්අඩංගුවේ සිටින ප්‍රබල ත්‍රස්තවාදී නායකයකු වන කේ. පී. හෙවත් කුමාරන් පද්මනාදන් නමැත්තා සම්බන්ධයෙන් සිදුකරන රහසිගත පරීක්ෂණ මාධ්‍ය මඟින් හෙළිකර එම පරීක්ෂණවලට බාධාවන අයුරින් කටයුතු සිදු කිරීමේ චෝදනාව යටතේ ‘ලංකා’ ඉරිදා පුවත්පතේ ප්‍රකාශනය වළක්වා, අධිකරණ නියෝග ලැබෙන තෙක් මුද්‍රණය කිරීම තහනම් කොට ප්‍රධාන කාර්යාලයට පෙරේදා (30) දින සිට මුද්‍රා තබා ඇති බව අද දිනමිණ පුවත්පත වාර්තා කරයි.


ලංකා පුවත්පත පවත්වාගෙන යන ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලය මුළුල්ලේ ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා හදිසි නීතිය යොදාගෙන දෙමළ ජනයා මර්දනය කිරීම අනුමත කළේ ය.


දැන් දෙමළ පීඩිත ජනයාගේ සටන්කාමී දේශපාලන ව්‍යාපාරය වූ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය වී හමාර ය.


අවස්ථාව උදා වී ඇත්තේ සිංහල පීඩිත ජනයාගේ සටන්කාමී ව්‍යාපාරය වන ජවිපෙටයි.


මේ මීට මාස කීපයකට පෙර අප විසින් පළ කරන ලද ලිපියක උපුටා ගැනීමකි.


දෙමළුන් දැඩි මර්දනයකට ලක් වෙද්දී ලංකාවේ රාජ්‍යය සමග ජවිපෙ කෑ දීගයේ හා දික්කසාදයේ ප්‍රේම-වෛර සම්බන්ධයේ රස බලමින් මර්දනයට පුළුනෙන් කොට්ට තනා තිබුණු උණුසුම් කැදැල්ලක සිටි ලංකාට හා ජවිපෙට මාටින් නිමලර්ගේ සුප්‍රකට කවිය මතක් වන කාලය දැන් එළඹ තිබේ. දැන් මර්දනය ඔවුන් සොයා එමින් තිබේ. මානව හිමිකම් හා ප්‍රකාශනයේ නිදහස පිළිබඳ කතා කළ සියලු දෙනා එන්ජීඕකාරයන් ලෙස නම් කළ අතීතයේදී ජවිපෙට ආවැඩූ අය දැන් ඔවුන් මර්දනය වන විට ඒ ගැන කතා නොකරති. දෙමළ දිළින්දන්ගේ නායකත්වයෙන් දියත් වූ ජාතික අරගලය සමතලා කර දැමීමෙන් පසු ලාංකීය ධනවාදයේ මීළඟ ඉලක්කය වන්නේ සිංහල පීඩිත පංති ව්‍යාපාරයයි.


සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න.

1 comment:

  1. ජර්මානු ජාතික මාටින් නීමොලර් පාස්ටර් තුමා (1892-1984) විසින් හිට්ලර් ගේ නාසි ඝාතක කණ්ඩායම් පිලිබඳව ලියන ලද First They Came නමැති ප‍්‍රසිද්ධ කවියේ අනුවාදයකි.

    අනුවර්තනය - රසික සූරියආරච්චි

    අවසානය

    පළමුව ඔවුන් ආවේ මරණට සැරසී
    කොමිනිස්ට් කාරයන් රංචුව දස වද දී
    මුනිවත රැුකිමි නොම ගෙන කරදර සිතටා
    කොමිනිස්ට්වාදියෙක් නොවෙමිය මම කිසිදා

    දෙවනුව ඔවුන් ආවේ ගිනි අවි රැුගෙන
    මරණට මානසික ආබාධැති පිරිස
    කිසිවක් නොදෙඩුවෙමි ඒ ගැන මම මුවිනි
    රෝගාබාධ මා මනසේ නැති බැවිනි

    තෙවනුව ඔවුන් මැරුවේ හිත් පිත් නැතුව
    යුදෙව් ජන පිරිස ලොකු පොඩි අඩු නැතුව
    කුමකට විමසමි ද මම ඒ ගැන ඉතින
    යුදෙව්වෙක් නොවෙමි මම එය දැන ගනුව

    ඉන් පසු මරා දැම්මෝ ඒ වදක කැල
    අදහන කතෝලික ආගම සියළු දෙන
    මුවින් නොබැන සිටියෙමි මම සැනසිල්ලේ
    ප්‍රොතෙස්තන්ත දහමය මා අදහන්නේ

    අවසන ඔවුන් ආවේ මා සොයාගෙන
    මරණ සහතිකේ මගෙ දින දමා ගෙන
    කිසිවෙකු සිටියෙ නැත ඒ බිහිසුනු දිනයේ
    මා ගැන හඬක් නැගුමට මේ මිහි තලයේ

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.