2010-02-01

ස්විස් මාධ්‍යවේදිනියගේ වීසා අවලංගුවට එරට තානාපති කාර්යාලයේ දැඩි විරෝධය

(2010 පෙබරවාරි 01-W3Lankaස්විස් පබ්ලික් රේඩියෝ ආයතනයේ ජර්මානු භාෂා අංශයේ මාධ්‍යවේදිනියක් වූ කැරින් වෙන්ජර්ගේ වීසා අවලංගු කිරීමට ගත් තීරණය ජනාධිපති නියමයෙන් ආපසු කැඳවා තිබෙන්නේ ස්විස් තානාපති කාර්යාලයේ දැඩි විරෝධය හේතුවෙන් බව වාර්තා වේ.


ඉන්දියාවේ සිට කටයුතු කරන, ජනාධිපතිවරණය වාර්තා කිරීම සඳහා ලංකාව‍ට පැමිණි මෙම මාධ්‍යවේදිනියට පෙබරවාරි 17 දක්වා වීසා නිකුත් කර තිබුණ ද, පෙබරවාරි 01දාට පෙර පිට වන ලෙස ආගමන විගමන පාලකවරයා විසින් ලිඛිතව දැනුම් දී තිබිණි.


විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකා රැඳී සිටින හෝටලය හමුදාව විසින් වට කර ඇත්තේ ඇයි ද යන්න හා ජනාධිපතිගේ උපදේශක හා සහෝදර බැසිල් රාජපක්ෂ අවසන් ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර ස්වාධීන මැතිවරණ කොමසාරිස්වරයා හමු වන්නට ගියේ ඇයි ද යන්න වෙන්ජර් විසින් ජනාධිපතිවරණයෙන් පසුව පැවති පුවත්පත් සාකච්ඡාවකදී අසන ලදී. සුසිල් ප්‍රේම ජයන්ත ඇතුළු ඇමතිවරු බැසිල් රාජපක්ෂ මැතිවරණ කොමසාරිස් හමු වූ බව ප්‍රතික්ෂේප කළ අතර ඔහු නිවසේ නිදි ඇති බව පැවසූහ. එහෙත් පුවත්පත් සාකච්ඡාව අවසන් වූ වහා බැසිල් රාජපක්ෂ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් පිටව යනු තමා දුටු බව මෙම මාධ්‍යවේදිනිය තර්ක කළා ය.

2 comments:

  1. The bitch should have been kicked out.

    ReplyDelete
  2. @ Bardo Flanks
    you are a real boooooooooooooooooooooooooby

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.