2010-02-01

ජවිපෙ පාලනය කරන තිස්‌සමහාරාම ප්‍රාදේශීය සභාවට සීල් තබයි

දෙබරවැව - ඒ. ඒ. පේමසිරි (දිවයින)


ජනතා විමුක්‌ති පෙරමුණේ පාලන බලයේ පවතින තිස්‌සමහාරාම ප්‍රාදේශීය සභාවේ සියලුම ගොඩනැඟිලි හා දේපළවලට මුද්‍රා තබා එහි යතුරු පොලිස්‌ භාරයට ගෙන තිබේ.


සභාවේ පරිපාලනයේදී ඇතිවී ඇතැයි කියන අක්‍රමිකතා කිහිපයක්‌ සම්බන්ධයෙන් සභාවේ පාලක පක්‍ෂයට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා සිදුකරනු ලබන පරීක්‍ෂණ කටයුතු සඳහා මෙසේ සභාවේ සියලු ගොඩනැඟිලි හා කාර්යාල වසා ඉබි යතුරු දමා මුද්‍රා තබා ඇත.


සභාවේ පරිපාලනය පළාත් පාලන කොමසාරිස්‌ පාලනයට නතු කිරීමේ ගැසට්‌ නිවේදනය ලැබෙන තෙක්‌ සභාව සතු සියලු දේපළවලට පොලිස්‌ ආරක්‍ෂාව යොදා තිබේ.


මේ අනුව තිස්‌සමහාරාම ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලය සහිත ගොඩනැඟිලි සංකීර්ණයේ දොර ජනෙල් වසා එහි ඉබි යතුරු පොලිස්‌ භාරයට පත් කර ඇති අතර, ප්‍රාදේශීය සභාව යටතේ පවතින තිස්‌සමහාරාම හා යෝධකණ්‌ඩිය ප්‍රදේශයේ පිහිටි ආයුර්වේද බෙහෙත් ශාලාවන් ද දොරවල් වසා එහි ඉබි යතුරු ද පොලිස්‌ භාරයට ගෙන තිබේ.


ආදාහනාගාරය වසා දමා ඇති අතර, තිස්‌සමහාරාම යෝධ කණ්‌ඩිය කොම්පොස්‌ට්‌ පොහොර නිෂ්පාදනාගාරය හා එහි වැඩ බිම ද වසා දමා එම සියලු ස්‌ථානවලට පොලිස්‌ ආරක්‍ෂාව යොදා ඇත.


ප්‍රාදේශීය සභාව සුරැකීමේ සංවිධානය මගින් පොලිසියට හා පළාත් පාලන කොමසාරිස්‌වරයාට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය මෙම නීතිමය පියවර ගෙන තිබේ.


මේ අතර ප්‍රාදේශීය සභාව සුරැකීමේ සංවිධානය මගින් කරන ලද පැමිණිල්ලකට අනුව තිස්‌සමහාරාම ප්‍රාදේශීය සභාව මුද්‍රා තබා එහි ඉබි යතුරු පොලිස්‌ භාරයට ගැනීම හා සභාවේ සියලු දේපොළ පොලිස්‌ ආරක්‍ෂාව යටතේ තබා ගැනීම සම්බන්ධයෙන් තිස්‌සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපති එච්. එල්. ජයසිරි මහතා මෙසේ පැවසීය.


අද වන විට මේ සභාවේ කෝටි ගණනක දේපළ හා සම්පත් අප විසින් හිමිකර දී තිබෙනවා. මේ සියල්ලම හිමිකර ගැනීමට හැකි වූයේ අපගේ ඇප කැපවීම හා උත්සාහය, උනන්දුව නිසයි.

4 comments:

  1. I absolutely condemn this. I don't like the JVP, but this is unacceptable.

    ReplyDelete
  2. බැසිල්,බැසිල් මේ ප්‍රාදේශිය සභාව හැර තව ප්‍රාදේශිය සභා තිබේද්?

    ReplyDelete
  3. onna idi ameein patan gaththo... jathika rupawahiniye inn mahath warun kochchara kiwwath janathaawa aehaeuwe naeha....

    ReplyDelete
  4. අනේ මන්දා එක පාරක් ලංකාවේ හොදම ප්‍රාදේශිය සහාව වුනු තිස්සමහාරාම ප්‍රා. සහාවට සිල් තිබ්බ නම් අනෙක් ඒවට සීල් 10 ක් විතර තියන්න ඕනේ ඒවගේ තියන දූෂණ වලට

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.