2010-03-15

වීසි කරන්නට දරුවන් තනනා ලෝකය කා වනසන් පුතුනේ | The story of Manel Pushpalatha and her child Amila Sandaruwan thrown to the River Kalu near Kaluthara Bodhiya

(2010 මාර්තු 15-W3Lankaලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 2000 ඉක්මවා ඇතැයි පාලකයෝ උදම් අනති.


සමාජය ශික්ෂාවන්ගෙන් සුපේශල යයි ආගමික නායකයෝ උදම් අනති.


තමන් ජීවත් වන්නේ ලෝකෙන් ම උතුම් රටේ යයි ස්වයං මෝහනයට පත්ව සිටින ජනතාව උඩ පැන පැන ගොස් දූෂිත පාලකයන්ට ඡන්දය දෙති.


බඩු මිළ අභ්‍යවකාශයේය. වැටුප් වැඩි වීම් කියා දෙයක් නැත. තරුණයන්ට රැකියා නැත. මිනිසුන්ට ආදායම් නැත. මව්පියන්ට දරුවන්ට කන්නට දෙන්නට දේ නැත. දරුවෝ හාමතේ ය.


පිං කැටවලට කෝටි ගණන් මුදල් රැස් වන, නිතිපතා කිරෙන් නැහැවෙන බෝධියක් අසල ඇති කලුතර පාලම අසල කලු ග‍ඟේ පා‍වුණ තුන් හැවිරිදි වියටවත් නොඑළඹුණු දරුවා ගඟට වීසි කරන්නට ඔහුගේ මව පොළඹවනු ලැබූ සමාජ අසාධාරණයේ කතාව ස්වර්ණවාහිනී තිරයේ ඊසි ටීවී දැන්වීම්වලින් වැසී නොපෙනී යද්දී කලු ග‍ඟේ පාලම් ඇන්ද පවා සිය වංක සිනාවෙන් සපිරි මූණත්තහඩු ඇඳි කොළ කෑලි අලවා හැඩි කළ දේශපාලකයෝ එක් පෝස්ටරයක් වෙනුවෙන් මෙවැනි දරුවන් ලක්ෂ ගණනකගේ කුස පුරවන්න ආහාර මිළ දී ගත හැකි තරම් ධනය වැය කරති.


දරුවා ගඟට විසි කළ මව තිස් හැවිරිදිය. ඒ වයසට එළඹෙන විට දරුවන් පස්දෙනෙකු ජනිත කරන්නට ඇයට සිදු වූයේ මන්ද? මේ දරුවන්ගේ පියා මෙන් ඇය දරුවන් හැර නොගියේ ඇයි? ගඟට විසි කරන දින තෙක් මෙන් ම, ඊට මොහොතකට පෙර ද සිඟා ගත් බත් පතකින් මේ දරුවාට කටවල් කීපයක් කන්න දුන්නේ උසාවිය ද? නැතිනම් එම් අම්මා ම නොවේද? ඇය හිරේ දැමූ පසු දරුවන් නිවාසවලට යවන්නට සිටි පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මෙතෙක් කල් සිටියේ කොහිද? මෙවැනි දරුවන් ගැන සොයන්නට පඩි කන නිලධාරී නිකමුන් හා ඔවුන්ගේ මහ ලොක්කා වන ජාතියේ ආඩම්බර තාත්තා සිටියේ කොහිද?


මේ කාන්තාව ජීවත් වී ඇත්තේ සුනාමි අවතැන් වූවන් සඳහා වූ නිවාස යෝජනා ක්‍රමයක ය. ඇය සුනාමියෙන් අවතැන් වූ තැනැත්තියක නම් පසුගිය කාලයේ සුනාමි සහන නමින් කෝටි ගණනින් මෙරටට පැමිණි මුදලින් සුනාමියට අසු නොවූ වෙනත් බොහෝ අය ගොඩ යද්දී ඇගේ ජීවිතය ගොඩනැඟී නොතිබුණේ මන්ද? දරුවන්ට කන්නට දෙන්නට නොහැකිව බාල දරුවා කලුතර බෝධිය ලඟ දමා එන්නටත්, පස්සෙන් ආ ඔහු ගඟට විසි කිරීමටත් ඇයට සිත් දුන්නේ හුදෙක් ම ඇගේ වරදක් පමණක් නිසාද? 


ශුද්ධවන්තයිනි, ඔබ අත වරද නැති නම් පමණක් ඇයට පළමු ගල ගසන්න.


ලංකාවේ අංක එකේ පුවත් සපයන්නා බව කියන ස්වර්ණවාහිනියේ හරීන්ද්‍ර ජයලාල් සමග එක්ව සිනා සිසී මේ සංදර්ශනය කැමරාවට හසු කර ගැනීමේ ප්‍රීතිය භුක්ති විඳින්න. නිතර, නිතර එය බලා අනේ අපොයි කියමින් මේවාට වගකිව යුත්තන්ට කතිර ගසන්න. වීරයන් වුවත්, ප්‍රථමාධාර හා ජීවිතාරක්ෂාව ගැන මූලික පුහුණුවක් නැති හිත හොඳ තරුණයන් සමග එක් වී ලංකාවේ නූගත්කම සමරන්න. 


මේ ගීතය එදා 1988දී ගැයූ නන්දා මාලිනිය හා එය ලියූ සුනිල් ආරියරත්න ද, එදා ඔවුන්ට වෙළඳපොල සැපයූ විමල් වීරවංශලාගේ පරපුර ද අද මේ ක්‍රමය රැක ගැනීම සඳහා කැප වී ඇති බව අමතක කර මෙම ගීතය සොයාගෙන අසන්න. 



"දස මසක් මා කුස තුල උන් පුතුනේ..
දැන් ඉතින් අප වෙන්ව යා යුතු වේ.
වීසි කරමි වන ලැහැබට... දෑස පියාගෙන...
නයි පොළොඟුන් ගෙන් මවක ලබාවා...!
වග වළසුන්ගෙන් පියකු ලබාවා...!"

" දැඩි වී වග වළසුන් අතරේ
වළසකු වී ඇවිදින්... පුතුනේ....
වීසි කරන්නට දරුවන් තනනා,
ලෝකය කා වනසන් පුතුනේ..."

" සැත පී නයි පොළොඟුන් දරණේ
පොළඟකු වී ඇවිදින්... පුතිනේ....
අහක දමන්නට දරුවන් තනනා,
ලෝකය කා වනසන් පුතුනේ..."

3 comments:

  1. These pathetic things happen because of the attitude of the Sri Lankan people.As the writer has said there is no value for human life in this country.Only the lives of the previlaged class are important.The politicians,the authorities and the society are all corrupt.We show sympathy only for the show off but in the deep heart we are still an uncivilised,illetarate set of people.We cannot blame the politicians because it is we who have brought them to power.On the other hand these are the suitable leaders for such a socity

    ReplyDelete
  2. Don't worry. Unless we throw all these future beggars to the sea we cannot become a country in the first world. SUBA ANAGATHAYAK

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.