2010-06-17

අලුත් කතිකා, පරණ කතිකා හා කවට කථිකයා

(2010 ජුනි 17, W3Lanka
"ලාංකේය දේශපාලනයේ වත්මන් මොහොත තේරුම් ගැනීම.
ප්‍රධාන අදහස් දැක්වීම්-
අහිලන් කදිරගාමර්: පශ්චාත් යුධකාලීන උතුර; දේශපාලන ආර්ථික සළකාබැලීම් කිහිපයක්
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි: සිංහල බෞද්ධ දකුණෙහි දේශපාලනය හා දෘෂ්ඨිවාදය
සම්පත් ආරියසේන: කෘෂිකාර්මික සමාජයේ ස්වභාවික සම්පත් භාවිතය හා කළමනාකරණයේ අභියෝග


දිනය: 2010 ජූනි 20 ඉරිදා, වේලාව: පෙරවරු 10.00 ට, ස්ථානය: 'සූරිය' ශ්‍රවණාගාරය, ලංකා සමසමාජ පක්ෂ කාර්යාලය. අංක 457, කොල්වින් ආර් ද සිල්වා මාවත, යුනියන් පෙදෙස, කොළඹ 02"


මේ නව කතිකාවක් ගොඩනැඟීම ඉලක්ක කර ගත් ඉහත කී සාකච්ඡා සභාව එවැනි සාකච්ඡා මාලාවේ දෙවැන්නයි. එම සාකච්ඡා මාලාවේ පළමුවැන්නට ඇරයුම් කරමින් එවන ලද ලියුමෙහි මෙසේ සඳහන් විය. "ඔබට, ඔබගේ හඬට ඉඩක් අනෙක් කතිකාවන් අභියසදී ලබා ගැනීමට හැකි පුළුල් සංවාද සභාවක් ඔබත් සමග එකතු වී ගොඩනගන්නට අප කල්පනා කලේ එහෙයිනි."


කතිකාවක් යනු කුමක්ද?


මිෂෙල් ෆුකෝ විසින් කතිතාව හෙවක් ඩිස්කෝස් අර්ථකථනය කර තිබෙන්නේ මෙසේ ය:

..ways of constituting knowledge, together with the social practices, forms of subjectivity and power relations which inhere in such knowledges and relations between them. Discourses are more than ways of thinking and producing meaning. They constitute the 'nature' of the body, unconscious and conscious mind and emotional life of the subjects they seek to govern (Weedon, 1987, p. 108).

එහි සිංහල පරිවර්තනය මෙසේ ය:


කතිකාවක් යනු දැනුම් සහ දැනුම් අතර ඇති සම්බන්ධයන් තුළ ගැබ් වන දැනුම සංස්ථාපනය වන ආකාරයන්, සමාජ භාවිතාවන්, ආත්මීයභාවයේ ස්වරූප හා බල සම්බන්ධතාවන් වේ. කතිකාවන් යනු සිතන විධි හා අර්ථ සම්පාදනය කරන ආකාරයන්ට වඩා දෙයකි. තමන් විසින් පාලනය කරන්නට යන පාත්‍රයන්ගේ ශරීරයේ ස්වභාවය, අවිඥානක හා සවිඥානක මනස හා භාවමය ජීවිතය එහි සංස්ථාපනය වේ.


එසේ ම ෆුකෝ වැඩි දුරටත් කී පරිදි කතිකාවක් යනු, සමාජ ක්ෂේත්‍රය තුළ සංසරණය වන බල ස්වරූපයකි. එය ආධිපත්‍යය පැතිරවීමේ මෙන් ම විරෝධය දැක්වීමේ උපායමාර්ගයන්ට ද සම්බන්ධ වේ.

... a form of power that circulates in the social field and can attach to strategies of domination as well as those of resistance (Diamond and Quinby, 1988, p. 185).

මෙම සංදර්භය තුළ "ඔබට, ඔබගේ හඬට ඉඩක් අනෙක් කතිකාවන් අභියසදී ලබා ගැනීමට හැකි පුළුල් සංවාද සභාවක් ඔබත් සමග එකතු වී ගොඩනැඟීම" යනු අතිශය බැරෑරුම් කාර්යයකි. මක් නිසා ද යත්, කතිකාවක් යනු හැම විට ම වෙනත් කතිකාවන් බැහැර කිරීම මත පවතින දෙයක් බැවිනි.


නිදසුනක් ලෙස වමේ කතිකාවේ තිබෙන ඇතැම් ආවේණික ලක්ෂණ අතරමැද මේ සාකච්ඡාවට යන සෙසු පුද්ගලයන් නිසගයෙන් ම බැහැර නො වන, සද්ද නැතිව හිඳ ආයේ නම් පැත්ත පළාතේ නොයන්නෙමැයි සිතාගෙන එළියට බැස ඒම සිදු නො වන වටපිටාවක් හැදීම පහසු කාර්යයක් නොවේ.


තමන් බොහෝ සෙයින් පොත් පත් කියවූ ඇවිදින පුස්තකාල ලෙස හැසිරෙන වමේ ප්‍රාඥයන්ට මෙතැනට එන එතරම් පොත පත නො කියවූ සාමාන්‍ය මිනිසකු කියන දේ අසා සිටීමේ විනය තිබිය යුතු ය. සාමාන්‍යයෙන් නම් මෙවැනි ප්‍රාඥයන් මේ තැන්වලට එන්නේ අන් අයට දේශන පැවැත්වීමට හා සාමාන්‍ය මිනිසුන්ගේ අදහස් පද්ධති මත පොලිස් කාර්යයේ යෙදීමටයි.


මෙවැනි සාකච්ඡා සභා හා ඒවායේ ස්වභාවයමත් වමේ කතිකාවේ කොටසකි. පළමු ලිපියේ සඳහන් වන "මාක්ස්වාදී - වාමවාදී - ප්‍රගතිශීලී - ප්‍රගතිගාමී - ක්‍රමවිරෝධී යනාදී විවිධ අනන්‍යතාවන්ගෙන් හැඟුම්කරණයවූ සකල විධ ලාංකීය දේශපාලන භූමියම වසාගත් නිද්‍රාශීලී" යයි කියන ආකාරයේ තත්වයක් ඇති වීමට හේතුව මෙකී වමේ කතිකාව ම වේ.  


මෙකී කතිකාවෙන් පිටමං නො වී ලාංකේය දේශපාලනයේ වත්මන් මොහොත තේරුම් ගැනීම හෝ එය පියමං කිරීම නම් කළ නො හැක්කක් බව අපේ අදහසයි. 


සාකච්ඡාවේ කැඳවුම්කරුවෝ මේ අයයි:
අහිංසක පෙරේරා, උදේනි සමන් කුමාර, වසන්ති දිසානායක, සම්පත් ආරියසේන, සුමිත් චාමින්ද, තිලක් කාරියවසම්, ඒ.ඩී.පී. රත්නායක, සන්ධ්‍යා ප්‍රභාශිනී ශ්‍රියාරත්න, කෙලී සේනානායක, හේමමාලා විඡේසිංහ, නිර්මාල් රන්ජිත් දේවසිරි,ජෝශප් ස්ටාලින්, රෙක්ෂි පියදාස, අනුර බාලසූරිය


අපේ මාතෘතාවේ එන 'කවට කථිකයා' යනු 1871දී මුල් වරට පළ වූ පළ වූ පුවත්පතකි. එය සංස්කරණය කළේ ලංකාවේ පුවත්පත් කලාවේ පුරෝගාමියකු වූ පැලිස් අප්පුහාමි ය. 


වමේ කතිකාව විශ්ලේෂණය කිරීමට හැකි වන්නේ මෙවැනි කවට කථික ලේඛන කලාවකින් පමණකැයි අපට සිතේ. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

3 comments:

  1. according to my knowlage nirmala and his political loiters has been trying to learn deconstruction politic since long time ago .what i want to tell you please dont involve with them and their activities.nirmal is number one TAKKAIYA.

    ReplyDelete
  2. වම දකුණ කියන්නේ මොකද්ද German parliment එකේ වමේ වාඩිවුන අය වමේ අය දකුණේ වාඩි වුන අය දකුණේ අය ඕක අපිට ගැලපෙන සංකල්පයක් නෙමෙයි

    ReplyDelete
  3. @ editor

    ලංකාවේ ධනවාදය ගැන කල සංවාදයේදී 'මිය ගිය හෝ ජීවත්වන දාර්ශණිකයන්ගේ' කතා ඉදිරිපත් කිරීම වැදගත් නැති බව ඔබ කීවා මතකයි. එහෙමනම් මිශෙල් ෆූකෝත් වැඩක් නැහැ නේද?

    අපූර්ව

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.