2010-06-05

සංවර්ධන උන්මාදය ගාලු මුවදොර බිලි ගනියි ද? | Will the development craze destroy Colombo Galle Face

(2010 ජුනි 05, W3Lankaකොළඹ නගරයේ තද බද වී ජීවත් වන වැසියන් නිදහසේ හුස්ම ටිකක් ගන්නට යන ගාලු මුවදොර පිටිය අසබඩ සොබා දහම දුන් සොඳුරු දායාදයක් වන වෙරළ කිලෝ මීටර කීපයක් දුරට ගොඩ කර කොළඹ නගරය පුළුල් කිරීමේ යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය 'යළි පුබුදමු ශ්‍රී ලංකා' සැලසුම පෙරට ගනිමින් සිටි සමයේ ඉදිරිපත් වී තිබිණි.


දැන් එය නැවතත් ආණ්ඩුවේ කතා බහට ලක් වෙමින් ඇති බව දැන ගන්නට තිබේ.


අද දිනමිණ පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකදී ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මේ බව ප්‍රසිද්ධියේ පවසන්නේ මෙසේ ය.


"ඉදිරියේ දී ගාලු මුවදොර කි. මි. 3 – 4 ප්‍රමාණයක් මුහුද ගොඩකර අතිරේක ඉඩම් ප්‍රමාණයක් ඇති කොට ආර්ථික සංවර්ධන කටයුතු සඳහා එම භූමිය යොදා ගැනීම කෙරෙහිත් රජයේ අවධානය යොමුවී තිබෙනවා."


ඔහු එසේ පවසන අද දිනය ලෝක පරිසර දිනය වීම අහම්බයක් ද? නැතිනම් සොබා දහමට අපි කරන්නේ මේ යයි කියන සංකේතාත්මක ප්‍රකාශක් ද?


හද්දා පිටිසර ගමකින් කොළඹ පැමිණ, එක්ස් කණ්ඩායමෙන් කරළියට පැමිණ, තමන් නො යන ගම රූපවාහිනියෙන් විකුණමින්, කැහැලා, කැහැලා අමාරුවෙන් ජන සභා හා ආර්ථික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් නම් තනතුර ලබා ගත් 'දුක දිනා ජය ගත් හපනෙකු' වන කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මැයි 30 සිළුමිණ පුවත්පතට පවසා තිබුණේ මේ මේ සංවර්ධන ‘උන්මාදයට’ කාලය බවයි.


ඇත්තෙන් ම මේ නම් උන්මාදයකි. මක් නිසා ද යත්, මේ සංවර්ධනය රට හෝ එහි ජීවත් වන සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් නො වන බැවිනි. රටට හා ජනතාවට හිමි සංවර්ධනයේ පහළට කාන්දු වන මුත්‍රා හා අසූචි ය. 


ඊයේ දිනමිණේ තිබුණ පුවතක් අනුව දෙහිවල සතුන් වත්ත 'මහජනයාගේ පහසුව' පිණිස රාත්‍රී 8.30 දක්වා විවෘතව තැබේ. සතුන්ගේ අපහසුව ගැන කතා කරන්නට කවුරුවත් නැත. එසේ කතා කිරීම තහනම් විෂයකි.


යාලේ, විල්පත්තුවේ වන සතුන් ඉන්නේ සෆාරි සංචාරක ව්‍යාපාර වෙනුවෙන් අලෙවි වන්නටයි.  


මුහුදු වෙරළ තිබෙන්නේ සුද්දන්ට සුද්දියන්ට අව්ව තපින්නට හා ඒවා බල බලා කොල්ලන්ට ස්වයං වින්දනයේ යෙදෙන්නටයි. 


පරිණාමයේ මුල් අවධියේ සිට සීගිරියේ සිටි බඹරුන් පළවා හරින ලදී. මල් පරාගනය කිරීමේ වගකීම දුමින්ද සිල්වා වැනි මන්ත්‍රීන්ට පවරා තිබෙනවාදැයි අපි නො දනිමු. 


සීගිරි ගල මුදුනේ වැසිකිලි හැදිය යුතු ය. මන්ද, එය බලන්නට එන සුද්දන්ට දියවැඩියාව තිබෙන බැවිනි. සුද්දන් සීගිරිය බලන්න නො ආවොත් එය කළු ගල්වලට විකුණන්නට ඉඩ තිබේ. (නන්දක්කේ, සුනිල් සර්,  ඔබ කොහිද? ඔබත් මේ රෙද්ද පල්ලේ ද?)


ලෝක විනාශය හෙවත් කල්පාන්තය උදා වූ විට කල්පාන්ත මේඝයෙන් වසින මහ වැස්සෙන් තෙමෙන මිනිසුන්ට වැළ‍ඳෙන බව කියන පිස්සුව ද මේ 'සංවර්ධන උන්මාදය' වැනි එකක් යයි අනුමාන කිරීම වැරදිද? 


මහින්ද නැත. පර්සි ඇත. බැසිල් ඊටත් උඩින් ඇත. 

13 comments:

  1. යම්තම් දින දෙකකට කලින් ඔබ ලියු ලිපියකින් බැසිලියානු ධනවාදයට ආ ආ වැඩු ඔබම අද මෙසේ එයට එරෙහි වී මන්ද? ඔබලා ( ඔබ සහ taboo ) මහත් සේ වනන හා අප රට ට ඉතාමත් අවශ්‍ය සේ ඔබ දුටු ධනවාදය මෙයම නොවේද?

    ReplyDelete
  2. මේ 'බැසිලියානු ධනවාදය' කියන එක පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න බැරිද කොමෙන්ටුවකින් හරි.

    ReplyDelete
  3. මේක අපේ රට කියල මිනිස්සු කිව්වට මේක උන්ගෙ රට. ඉතින් උන්ගෙ රටේ උන්ට මොනා කරන්න බැරිද?

    ReplyDelete
  4. // හද්දා පිටිසර ගමකින් කොළඹ පැමිණ, එක්ස් කණ්ඩායමෙන් කරළියට පැමිණ, තමන් නො යන ගම රූපවාහිනියෙන් විකුණමින්, කැහැලා, කැහැලා අමාරුවෙන් ජන සභා හා ආර්ථික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් නම් තනතුර ලබා ගත් 'දුක දිනා ජය ගත් හපනෙකු' වන කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක //

    අපෝ මේ වගේ මනූස්සයෝ ආපහු ගමට නොයන එකමයි හොඳ
    වැරදීලවත් මූ ගමේ හිටියා නම් ගමේ කෙල්ලෙක්ට කසාදයක්වත් කරගන්න බැරි වෙනවා
    මුන් වගේ උන් ඉගෙන ගත්තොත් ගොටු අල්ලලා අල්ලලා රට කන තැනකට එනවා
    ඉගෙන නොගෙන ගමේ හිටියොත් තැන තැන ඕපදූප කිය කියා යන අබරන් ගොයලා වෙනවා

    ReplyDelete
  5. ඇහුවට තරහා වෙන්න එපා. ඔබ හොඳක් දකින කිසිම දෙයක් නෑනේ.

    ReplyDelete
  6. අප ධනවාදයට ආවඩන්නේ නැත. අප ධනවාදයට එරෙහි වන්නේ පටු ජාතිකවාදය මත පිහිට නොවේ. සමාජවාදය පිළිබඳ සංවාදයක් මත පිහිටා ය. පසුගාමී ජාතිකවාදය හා වැඩවසම්වාදය සමග අපගේ කිසිදු සම්මුතියක් නැති බව කරුණාවෙන් සලකන්න. ඒවාට සාපේක්ෂව දනවාදය ප්‍රගතිශීලී ය යන්න අපේ ස්ථාවරයයි.

    ReplyDelete
  7. //යාලේ, විල්පත්තුවේ වන සතුන් ඉන්නේ සෆාරි සංචාරක ව්‍යාපාර වෙනුවෙන් අලෙවි වන්නටයි.

    මුහුදු වෙරළ තිබෙන්නේ සුද්දන්ට සුද්දියන්ට අව්ව තපින්නට හා ඒවා බල බලා කොල්ලන්ට ස්වයං වින්දනයේ යෙදෙන්නටයි.//

    ඩනවාදය දැන් ක්‍රියාකරන්නේ ලෝක ක්‍රමයක් ලෙසයි. එහිදී කේන්ද්‍රයේ රටක පවතින ඩනවාදය නඩත්තු කිරීමට අනිවාර්ය ලෙසම පරිවාරයේ රටවල මෙවන් තත්වයක් පවත්වා ගැනෙයි. ධනවාදයේ වර්තමාන මුහුනුවර එබඳුය. කවුරු අමෙරිකානු ඩනවාදයට කැමති වුවත් වර්තමාන තත්වය තුළ පරිවාරයේ රටවලට සිදුවන්නේ මෙවන් කටු කෑමටම පමණි.

    මාක්ස්වාදී අරුතින් ඩනවාදය විසින් පැරණි වැඩවසම් සම්බන්ධකම් වෙනස් කරනු ඇතැයි සිතීම තවමත් වලංගුද?

    අපූර්ව

    ReplyDelete
  8. IIFA ආණ්ඩුවේ ගුණ වයන්නට දිනමිණ සහ තවත් බොහෝ මාධ්‍ය තිබේ. අප කරන්නේ නොපෙනෙන පැති ගැන අවධානය යොමු කිරීමයි. වඩා ඵලදායී වන්නට උවමනා ඕනෑම කෙනෙකුට මෙයින් ඵල නෙළා ගත හැකි ය.

    ReplyDelete
  9. අපූර්ව, නව ලිබල් ගෝලීය ධනවාදය නියත වශයෙන් ම වැඩවසම් සම්බන්ධකම් වෙනස් කරයි. සුද්දන් ගල්කිස්ස වැල්ලේ අඩ නිරුවතින් අව්ව තපින විට, ලංකාවේ විශ්ව විද්‍යාලවල ඇඳුම් සම්බන්ධයෙන් ඇති වැඩවසම් ආකල්ප අර්බුදයට පත් වන ආකාරය නිදසුනකි. ආර්ථිකයේදී ගොවියා මඩ සෝදා ගත් කළ රජකමටත් සුදුසු ය යනාදී මුළාවෙන්ගෙන් ගහණ වැඩවසම් තත්වයේ සිට කෘෂි කම්කරු තත්වයට පත් වීම තවත් නිදසුනකි. එහෙත්, අප ඒ නිසා එය ඇගයිය යුතු නැත. වෙළඳපොළ ධනවාදයට වඩා දියුණු සමාජවාදී සමාජ ක්‍රමයක් වෙනුවෙන් අප සටන් කළ යුත්තේ එබැවිනි. එම නව සමාජය අර්ථකථනය කරන සංවාදයට අප සම්බන්ධ විය යුතු ය. ධනවාදය ඉතිහාසයේ අවසානය නොවේ.

    ReplyDelete
  10. මට හිතෙන්නේ ඔබේ ප්‍රධාන ලිපිය තුල ඔබ වඩා සත්යයට ලඟ බවයි. සුද්දියන් හෙලුවෙන් සිටිනාවිට ඇඳුම් ගැන සම්ප්‍රදායික අදහස් අදහස් අර්බුදයට ගොස් නව අදහස් මතුවන්නේද නැත්නම් එය ස්වයං වින්දනයකින් පමණක් කෙලවර වේද යන්න විමසිය යුතුය. බැසිලියානු ධනවාදය සහ නාමලියානු ධනවාදය සාටකයක් අඳිනවා නේද? ටයි කෝට් අඳින රනිල් ඔලුව බේරගෙන ඉන්නෙත් ගොඩක් අමාරුවෙන් නේද?

    අපූර්ව

    ReplyDelete
  11. ඇත්තෙන් ම මේ නම් උන්මාදයකි. මක් නිසා ද යත්, මේ සංවර්ධනය රට හෝ එහි ජීවත් වන සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් නො වන බැවිනි. රටට හා ජනතාවට හිමි සංවර්ධනයේ පහළට කාන්දු වන මුත්‍රා හා අසූචි ය.
    I don't think your agrument above is valid. When an economy grows every citizen gets a share of it, may it be a bigger share or not, and that we have seen happening everywhere.
    For instance, several years ago, during the Premadasa government 'garment factory boom' we saw a garment factory opening in an extremely rural village close to Horana. With that factory, the village got electricity, roads, telephone lines and other infrastructure facilities. All the top jobs at that time went to people from Colombo, and only the lower grade jobs went to the people from the village at that time. But today, we have seen that situation has changed drastically, with many other companies opened around that area, creating jobs for locals, most of whom were unemployed before. Another example is the famous Kandalama Hotel, on which there was a huge uproar against, due to so called environmental pollution and social impact. But today, how many unemployed youth around the Dambulla area is employed by that hotel, creating income for them, and many other local suppliers?
    Under capitalism there could be big variances in the distribution of wealth, but even in socialism we haven't seen total equality in wealth distribution, have you?

    ReplyDelete
  12. Dear Editor, I think you are far more pessimistic on this issue. To develop any country, not only human capital but we also need other resources. With globalization changing the parameters of growth and sustainable development, it has become much harder for smaller countries such as Sri lanka to compete for funds, resources and other requisites needed for development. The FDI factor which determines the pace and sustainability does not operate or give credence to old Marxist principles or ideologies when choosing destinations for investment. Whether we like it or not that is the way things flow in the world. I am sure an idealist like you may not agree with any of these nortions.But sadly the reality is such we have not much of choice swimming against the current. On the issue of resources, we all know the countries biggest budgetary constraint is energy. Unfortunately we do not have much options. Other than an outdated agricultural economy, what the other resources we can bater for hard pressed foreign currency we desperately need, to procure our other essentials. Once again you have only shown venom and cynicism in describing the use of our beaches in tourism. It is a very sad frog in the well attitude, and show so much of ignorance and pettymindness.We may profess all that hypocrisy in purism and culture but indulging in the worst forms of uncultured things under cover. And that is rooted in every to our daily lives and we all know we love to preach. Whilst agreeing all these pragmatic thinking needs to have some form of regulating activities, if you ever think Sri lanka can be self sufficient in every form of goods and we can be successful in just embracing ideologies in the past with no realistic practical values, we will only end up worse than the darkest countries in the African continent. Once again appreciating your sense of pride and endeavor to build up a alternative thinking platform, you should not be full of venom and mean in every article you write. Good luck!!

    ReplyDelete
  13. @ BudinOZ & niran-1960

    කෝකිලායි, විල්පත්තු, මුතුරාජවෙල සහ මෙම ලිපියෙන් පෙන්වන කොලඹ අසබඩ මුහුද ගොඩ කිරීම වැනි ව්‍යාපෘති ගැන ඔබට තවමත් ධනාත්මක විය හැකිද? තතුදත් ආරංචි මාර්ග පවසන්නේ, මෙම සියලු ව්‍යාපෘති සඳහා අවශ්‍ය පරිසර අනුමැතිය ලබාගෙන නොමැති බවයි. පරිසර අනුමැතිය යනු ධනවාදය විසින් අවසාන විකල්පය වශයෙන් එකඟ වීමට සිදුවුනු තිරසාර සංවර්ධන සංකල්පයට අයත් රාජ්‍යය මැදිහත් වන අති ලිහිල්තම යාන්ත්‍රනයයි. අද අප ඉදිරියේ පවතින්නේ එය පවා මගහැරයන තත්වයකි.

    සරලව පවසන්නේ නම්, ඔබ යෝජනා කරන්නේ අද අප ඇස් ඉදිරිපිට අත්දකින BP වර්ගයේ සංවර්ධනයක්ද?

    අවශ්‍ය වන්නේ අන්ධ ලෙස ධනාත්මක වීම නොව හේතුවාදී වීමයි. හේතුවාදී වීම ඍනාත්මක වීමක් ලෙස නොකියවන්න!

    Dimithri

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.