2010-09-30

14 හැවිරිදි දැරියක දරුවකු ප්‍රසූත කිරීම නිසා ළමාරක්ෂක අධිකාරියේ සභාපතිට මල් කළඹක්

සිද්ධිය පිළිබඳව ළමා ආරක්ෂක අධිකාරියට තොරතුරු ලබාදුන් කොළඹ කාසල් රෝහලේ වෛද්‍ය ශ්‍රියානි ලියනගේ මහත්මිය ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මිය මල් කළඹක් දී පිළිගත් අයුරු. නියෝජ්‍ය ඇමැති එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා සහ කාසල් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රානි ප්‍රනාන්දු මහත්මියද මෙහි වෙති. (ඡායාරූපය හා විස්තරය දිනමිණ පුවත්පතෙනි.) 

 (2010 සැප්තැම්බර් 30, W3Lanka) ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක හිත හොඳ අම්මන්ඩි කෙනෙකු බව දිනමිණ පවසයි.


හිත හොඳ අම්මන්ඩි නමින් සුගතපාල ද සිල්වා පරිවර්තනය කර  නිෂ්පාදනය කළේ බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ගේ Good Woman of Setzuan බව අසා තිබේ. බ්‍රෙෂ්ට්ගේ එම නාට්‍යයේ ප්‍රධාන චරිතය පිරිමින්ගේ චාටු බස්වලට දිගින් දිගට ම රැවටෙන හිත හොඳ ගැහැනියකි.


අනෝමා නෝනා පිරිමි ගැන හරි හැටි දන්නේ නැත. පිරිමි ළාමක, සුදු, පුංචි, ලස්සන, අහිංසක කෙල්ලන්ට නම් වරදට සමාව දෙන්නට වුණත් කැමති ය. කන්‍යාභාවය සිඳ ගැනීම හෝ කුමරිච්ඡදය උපතින් නො පිහිටීම යන වරද වෙනුවෙන් දෙන සමාවට හිලව් ලෙස මෙම ගැහැනිය ඉන් පසු බොහෝ විට සිය සැමියාගේ වහලියක විය යුතු ය. හොස්ස ළඟින් මැස්සා ගිය විට සමාව දුන් වරද ගැන නැවත සිහිපත් කර දෙනු ලැබේ.


එහෙම නො කරන පිරිමි නැති ය කියා අප කියන්නේ නැත. ඒ වුණාට පිරිමි ගැට ගැන අනෝමා නෝනා නො දන්නා බව පෙනේ. එපමණක් නො ව රටේ ජනමතය හසුරුවන ජනමාධ්‍ය 'වේදීන්' සිටින දිනමිණේ මේ උද්වේගකර කතා ලියන බුද්ධිකා ඉඹුලාන බබා ද ඒවා දන්නේ නැත. පිරිමියකු වන මෙම ලේඛකයා කියන්නේ ඔවුන් පරිස්සම් විය යුතු බවයි.


රැවටීමකට හා දූෂණයකට ලක්ව 14හැවිරිදි වී සිටියදී දරුවකු ප්‍රසූත කළ දැරියක ගැන දිනමිණේ පළ වන වාර්තාවක මෙසේ කියැවේ.


"පියකු නොමැතිව දරුවකු බිහිකරන්නට කඳුළු හෙළන මේ දැරිය පිළිබඳව කරුණාබරිත වූ දැරියගේ මස්සිනාගේ මිතුරකු ඇයට පිහිට වන බවට ප්‍රතිඥා දුන්නේ එයින් පසුවය.


"එහෙත් පෙරේදා (28) උපන් මේ බිළිඳාට රැකවරණය සපයන්නට ඔහුට නීතිය හරස් වී ඇත්තේය. දැරිය අඩුවයසේ පසුවන බැවින් ඔහුට ඇය හා විවාහවීමට නොහැකිය. එහෙත් ඇයටත් බිළිඳු පුතුටත් තෑගි රැගෙන ඊයේ (29) ඔහු කාසල් රෝහලට පැමිණ සිටිනු දක්නා ලදී.


"ඇයට සෙනෙහෙබර සැමියකු වීමට තමන් කැමති බවත්, මේ දක්වා ඇයව ආදරයෙන් රැකබලා ගත් බවත් ඔහු ළමා අරක්‍ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරිනියනට පැවැසුවේය."


ජීවිතය හින්දි චිත්‍රපටයක් වූවා නම් මෙසේ සිදු වනු ඇත. අනෝමා නෝනා ඒ පුද්ගලයා වැළඳ ගනියි. ඔහුගේ උතුම්කම හේතුවෙන් ඇගේ නෙතට කඳුළක් උනයි. "කමක් නැහැ අක්කා, මේ නංගි වෙනුවෙන් මම එයාට දහ අට පිරෙනකල් ඉන්නම්," යි කියද්දී බුද්ධිකා ඉඹුලාන බබාට ද ඇ‍‍ඬෙයි. සමහර විට දූෂණය කළ එකා ඇවිත් දැරියගේ හා කොල්ලාගේ අත් එකට තබා "මල්ලී දැන් ඉතින් මේ කෙල්ල ඔයාට භාරයි" කියා අනෝමා නෝනාගේ දෙපා වැඳ මිලිමීටර් නමයේ රිවෝල්වරයකින් හිසට වෙඩි තබා ගනියි. මේ සියල්ල සිදු වන්නේ ධාරානිපාත වරුසාවක කට්ට කළුවරේ නිල් පාට ලයිට් එකක් යට නම් තව හොඳ ය. අන්තිමට සියල්ලෝ ම 'ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා' වැනි ගීතයක් ගයමින් වැස්සේ නටනු ඇත. 


එහෙත් යථාර්ථය හින්දි චිත්‍රපටවලට වඩා කටුක ය. මේ වාර්තාවේ නැති කාරණා කීපයකි. මේ මනමාලයාගේ වයස කීය ද? පෙනුම කෙබඳු ද? ඔහුට රැකියාවක් තිබේ ද? කලින් විවාහක ද? දික්කසාද වූවා නම් ඇයි? ඔහුට මේ ළාබාල මව සහ දරුවා ගැන මේ කරුණාව පහළ වීමට පෙර වෙනත් කරුණාව පහළ වූ අවස්ථා තිබේ ද? ඒ මොනවා ද? 


උතුම් අරමුණක් හෑල්ලුවට ලක් කරනවා යයි කෙනෙකු අපට බැන වදින්නට පුළුවන. එහෙත්, අප දකින පරිදි නම් ලංකාවේ පවුල්වල සාමාන්‍යයෙන් සිදු වන පරිදි ගැහැනිය ගෘහස්ථ ශ්‍රම හා ලිංගික වහලියක කර ගැනීම තුළ කිසි ම උතුම්කමක් නැත. එය උතුම්කමක් ලෙස පෙනෙන්නේ පිරිමිකම වන්දනා කරන මේ සමාජයේ පහත්කම හා ගැහැනුන්ගේ මෝඩකම නිසා ය. 


එහෙත්, ළමාරක්ෂක අධිකාරිය වැනි ආයතනයක කාර්යය විය යුත්තේ මේවා සොයා බලා මෙම දැරිය කාට හෝ කසාද බන්දා දීම නො වේ. මෙම සිද්ධිය හේතුවෙන් කඩාකප්පල් වූ ඇගේ අධ්‍යාපනය හෝ යම් වෘත්තීය පුහුණුවක් හෝ ඇයට ලබා දෙන්නේ කෙසේ ද? මෙවන් අසාධාරණ, අනාරක්ෂිත ගැබ් ගැනීමකදී දිනකට දහස් ගණනක් ගබ්සා කෙරෙන මේ රටේ ආරක්ෂිතව ගබ්සාවක් කර ගැනීමට මෙවැනි දැරියන්ට පහසුකම් සපයා දෙන්නේ කෙසේ ද? නීතිය ඉදිරියේ දූෂණ ලෙස අර්ථ දැක්වෙන, එහෙත් බොහෝ විට කැමැත්තෙන් සිදු වන ලිංගික සම්බන්ධතාවලදී නීතිය ක්‍රියාත්මක කිරීමෙන් අගතිය තවත් තීව්‍ර නො කර ඉන්නේ කෙසේ ද? 


මෙවැනි මව්වරුන් සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන් විසින් කළ යුතුව තිබෙන්නේ ඔවුන් කාගේ හෝ කරේ එල්ලීම නො වේ. එවැනි මව්වරුන්ට හා දරුවන්ට සමාජයේ සුරක්ෂිතතාව හා සමානාත්මතාව තහවුරු කර දීමයි. විවාහ වන්නේ ද, නැද්ද යන්න එම ස්ත්‍රියගේ පෞද්ගලික තීරණයක් මිස ප්‍රශ්නයට විසඳුමක් නො වේ.


ගැඹුරු සමාජ විද්‍යාත්මක ඥානයක් නොමැති අය ස්ත්‍රීන් සහ ළමයින් සම්බන්ධ ආයතනවල වගකීම්වලට පත් නො කළ යුතු ය. එසේ පත් කළ විට සිදු වන්නේ ඔවුන් ද සාමාන්‍ය ජනතාව සේ ජනප්‍රිය දේවල් කිරීමයි. දිනමිණේ මෙම වාර්තාව සමග ඡායාරූපයක් ද පළ වී තිබිණි. එයට පහළින් ඇති වාක්‍ය‍ය කියවන්න. මල් කළඹ දෙන්නේ කවුරු ද, ගන්නේ කවුරු ද යන්න තේරෙන්නේ නැත. එහෙත්, අපට තිබෙන ප්‍රශ්නය කොළඹ මල් කඩයකින් ඉහළ මිළක් ගෙවා ලබා ගන්නා මේ මල් කළඹ හුවමාරු කර ගන්නට හා එය මේ අන්දමින් පත්තරේ පළ කරන්නට හේතුව කුමක් ද යන්නයි. 


හේතුව වයස අවුරුදු 14ක දැරියක දරුවකු ප්‍රසූත කිරීම නම් ලංකාවේ ළමයින්ටත්, ගැහැනුන්ටත් අබ සරණ ය. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

6 comments:

  1. podi kello lamayi haduvama lamaa rakshanayata mal kalambak da? mal hathayi

    ReplyDelete
  2. ෂ්..ෂ්.. මොකුත් කියන්න එපා. ළමයින්ටත් ලිංගික නිදහස ඕනෙ කියන ගොයියලත් ඉන්නවනෙ

    ReplyDelete
  3. ඒ කොහෙද බන් එහෙම උන් ඉන්නෙ උබලගෙ ගෙදරද?

    ReplyDelete
  4. ලිපිය ලියා ඇති ලේඛකයා මානසික රෝගියෙකි. ඔහු උග්‍ර පුරුෂ විරෝධයකින් පෙලෙන්නෙකු බව පෙනේ. ඒ අතරම තමන් පිරිමියෙක් බවද ලිපියේ සඳහන් කරයි. පෙනී යන ආකාරයට නම් පොන්න‍යකි. එහෙත් පොන්නයෙක් පවා මෙබඳු පුරුෂ විරෝධයකින් යුතු වේද යන්න සැක සහිතය.

    ReplyDelete
  5. @Anonymous
    අප පොන්නයන් කියා හඳුන්වන්නේ නම් ඔබේ වීරයා වන අර මස්සිනාව අත්අඩංගුවට ගත් පොලිසිය ද අයත් විය යුත්තේ ම වර්ගයටයි.
    මෙම සටහන කියවා ඔබ අයත් වන වර්ගය වටහා ගන්න.
    දිනමිණ කර්තෘට වඩා බුද්ධිමත් පොලිසියට මල් කළඹක්; ලෝක ළමා දිනයට 14 හැවිරිදි ළමයකුට දරුවෙක්

    ReplyDelete
  6. Mun okkotama Pissu. Aparade mal walata salli. Lamainta kama welawal aran denna thibuna.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.