2010-10-29

මාධ්‍ය තුළින් ඇහැ ගිනි කණ වට්ටන සංවර්ධනය හා ලාංකිකයන්ගේ ජීවිතවල සංවර්ධනය

(2010 ඔක්තෝබර් 29, W3Lanka) ජනමාධ්‍ය තුළ නම් ලංකාව අධි වේගයෙන් සංවර්ධනය වෙමින් තිබේ. ඒක පුද්ගල ආදායම කිසි කිසි ගා දෙගුණ වෙමින් ඇත. ලංකාවට මේ වසරේ තව ම සංචාරකයන් ලක්ෂ පහක් ආවේ නැති මුත්, සංචාරකයන් ලක්ෂ 25ක් එන ලංකාවක් ගැන මාධ්‍ය කතා කරති. 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා සත්කාරක නගරය තෝරා ගන්නේ 2011 නොවැම්බරයේ මුත්, ලංකාවේ මාධ්‍ය කියන පරිදි හම්බන්තොට ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ ගෝල්ඩ් කෝස්ට් නගරය පරදවා ඒ තැන අත් පත් කරගෙන හමාර ය. මාධ්‍යවලින් මැවෙන සිහිනය අනුව, හම්බන්තොට සුර පුරයක් වී හමාර ය. 


ලංකාවේ පරිගණක සාක්ෂරතාව යන්තම් 20% ඉක්මවූවා පමණි. ආණ්ඩුවේ ඊ රාජ්‍යය ඊ ග්‍රාමසේවක දක්වා පැතිරී ඇති බව මාධ්‍යවලින් ප්‍රකාශ කෙරේ. නුදුරු අනාගතයේදී හැම ගෙදරකට ම අන්තර්ජාලය දෙන බව ජනාධිපති කියයි. එහෙත්, ලංකාවේ නිවෙස්වලින් 15%කට විදුලිය නැති බව කියන්නේ ද ඒ ආණ්ඩුව ම ය.


ජනතාව සංවර්ධන වන්දනාවේ යති. වරාය බලන්නට ගිය අයට දැන් මත්තල හැදෙන ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලන්නට යන්නට පුළුවන. ඊළඟට දක්ෂිණ අධිවේගී මාර්ගය බලන්නට යා හැකි ය. ඉන් පසු ගාලු මුවදොර ගොඩ කරන හැටි පෙන්විය හැකි ය.  


ඉහළ යන බඩු මිළ, රහ-ගුණ කෑම නැතිකම, රැකියා නැතිකම, කෘෂි නිෂ්පාදනවලට සාධාරණ මිළක් නො ලැබීම, සුළු කර්මාන්ත බිඳ වැටීම, මහාමාර්ග, විදුලිය වැනි පොදු යටිතල පහසුකම් ගරා වැටීම, ළමයින්ට පාසල් නැති වීම, ලෙඩ රෝග පැතිරීම, ධනවතුන් තවත් ධනවත් වෙද්දී දුප්පතුන් තවත් දුප්පත් වීම, සමාජ අනාරක්ෂාව, අපරාධ වැඩි වීම, මානසික ආබාධ, ලිංගික අසහනය වැනි දෛනික ජීවිතය සමග හැලහැප්පෙන ප්‍රශ්න තාවකාලිකව අමතක කරවන ඇස් ගිනි කණ වැටෙන එළියක් මෙම සංවර්ධන ව්‍යාපෘතිවලින් ලබා ගත හැකි ය.


තමන්ට අධ්‍යාපන චාරිකා සඳහා ස්ථාන පමණක් වන වරායවලින්, ගුවන් තොටවලින් හා අධිවේගී මාර්ග ආදියෙන් ගලා එන සංවර්ධනය තම තමන්ගේ පෞද්ගලික ජීවිතවලට කාන්දු වන ආකාරය පිළිබඳ තේරුමක් නැති මුත් මේවා බලා මිනිසුන්ට රූපවාහිනිය බලා සතුටු වන්නා සේ සතුටු විය හැකි ය.


මේ ප්‍රමෝදය පිළිබඳ විකල්ප අදහස් ලියන්නන් ඇතැමුන්ට පෙනෙන්නේ ඉරිසියාකාරයන් ලෙසයි. එහෙත්, සමාජවාදීන්, වාමාංශිකයන්, ජනතාවාදීන් අද පමණක‍් නො ව හැමදාමත් සංවර්ධනය ලෙස හඳුනා ගන්නේ දැවැන්ත ඉදි කිරීම් නො ව ජන ජීවිතයේ සිදු වන දියුණුවයි. මෙය කියවන හා නො කියවන ඔබ අප සැමට සෞඛ්‍යාරක්ෂිත, පෝෂණ ගුණයෙන් යුතු ආහාර වේලක් සකසා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය පහසු මිළකට ළඟ ම ඇති කඩයෙන් ලබා ගත හැකි නම්, ඔබේ දරුවාට පහසුකම් සහිත පාසලකින් හොඳ අධ්‍යාපනයක් ලබා දිය හැකි බව සහතික නම්, ලෙඩට, දුකට ළඟ ම රෝහලෙන් පහසු මිළකට ගුණාත්මක වෛද්‍ය සේවාවන් ලබා ගත හැකි නම්, රැකියාවෙන් ලැබෙන වැටුප හෝ ආදායම් මාර්ගය හෝ ඔබේ සාමාන්‍ය අවශ්‍යතාවන් සපුරා ගැනීමට ප්‍රමාණවත් නම්, ඔබේ නිවසට ආසන්න ප්‍රධාන මාර්ගයවත් හොඳ තත්වයක තිබේ නම්, හොඳ පොදු ප්‍රවාහන සේවාවක් තිබේ නම්, ඔබට හා ඔබේ දරුවන්ට ජීවත් වීම සඳහා කරන්නට රැකියාවක් හෝ අන් ආදායම් මාර්ගයක් තිබේ නම්, අප අවට බැලූ බැලූ අත දිළිඳුකම දුරීභූත වී තිබේ නම්, අපරාධකරුවන්ගෙන් රට ආරක්ෂිත නම් ආදී වශයෙන් වේ නම් අපි රට සංවර්ධනය වි ඇති බව සිතමු. 


ආතර් සී ක්ලාක් 2001: A Space Odyssey නම් නවකතාව 1968දී පළ කරන විට ඔහු කියූ දේ සැබෑ වූවා නම්, 2000 වන විට හ‍ඳේ ජනාවාස හැදී තිබිය යුතු ය. මාධ්‍ය මගින් මවන සිහින යථාර්ථයන් බවට පත් නො වන්නේ විරුද්ධවාදීන්ගේ ඉරිසියාව නිසා නො වේ.


විද්‍යා ලේඛකයකු වූ ආතර් සී. ක්ලාක් සිය අනාවැකි කීම සඳහා උපයෝගී කර ගත්තේ විද්‍යාත්මක දැනුම පමණි. එහෙත්, ලෝකයේ සංවර්ධනය සිදු වන්නේ විද්‍යාවෙන් පමණක් නො ව, දේශපාලනයේ හා ආර්ථිකයේ ද බලපෑමෙන් යුතුව ය.


ලංකාවේ සංවර්ධනය ද හුදෙක් ම මාධ්‍ය මවා පෑම්වලින් තීරණය කළ නො හැකි ය. එය තීරණය වන්නේ රටේ සාමය චිරස්ථායී වීම, ආර්ථිකය මැනැවින් හැසිරවීම, යහපාලනය, ආයෝජක ආකර්ශනය, දේශීය කර්මාන්ත දියුණු වීම, කෘෂිකර්මාන්තයේ සංවර්ධනය, සංචාරකයන් පැමිණීම, යහපත් දේශගුණය, ස්වාභාවික විපත්වලින් තොර වීම ආදී කාරණා රැසක් ඔස්සේ ය.


ලංකාවේ ආණ්ඩුව මේ වන විට අති විශාල වශයෙන් දේශීය හා විදේශීය වශයෙන් ණය ගනිමින් සිටියි. ණය ගන්නට පුළුවන්කම ආර්ථික ශක්තියක ප්‍රකාශනයක් වන මුත්, ගන්න පුළුවන් කාලයේ ලවක්, දෙවක් නැතිව ණය අරගෙන මුදල් නාස්ති කිරීමෙන් මහා විනාශයක් නිර්මානය වීමට ඉඩ තිබෙන බව මොළය ඇති ඕනෑ ම මිනිසකුට වැටහිය යුතු ය.


ණය බර වැඩි වන විට ණය වාරික හා පොළිය ද වැඩි වේ. දැනටත්, රජයේ වාර්ෂික ආදායමෙන් 90%ක් පමණ වැය වන්නේ දේශීය හා විදේශීය ණය සඳහා ය. විදේශ ණය ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදිතයෙන් 40%ක් පමණ වේ.


ලංකාව විවෘත මුල්‍ය වෙළඳපොළෙන් දිගින් දිගට ම ණය ලබා ගන්නට සමත් වී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබා දෙන ලද ණය මුදල ඇමරිකාවේ බැංකුවල තැන්පත් තර විදේශ සංචිත ඉහළ මට්ටමක පවත්වා ගැනීමට හැකි වී තිබීම නිසා ය.


ඒ අතින් බැලූ කල ලංකාවේ විදේශ විනිමය සංචිතය ද විදේශ ණය සංචිතයකි. බංකොලොත් මට්ටමේ ඇති ආර්ථිකයක් වන ලංකාවට ණය ලබා ගැනීමට හැකි වන පරිදි කෘත්‍රිමව විදේශ විනිමය සංචිතයක් නිර්මානය කිරීමණය ගත් ඉඩමක් ඇපයට තබා තවත් ණය ගැනීම වැනි ය.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

6 comments:

  1. Meya arumayak nowa,ratak gena nohitana,anagatayak gena nohitana,thamange daruwangena nohitana,nayata kala hari joliye inna kemathi,kammeli narumayan eti rataka, mewa pudumayan nowei.

    ReplyDelete
  2. හයිකෝප් මූල්‍ය වංචා නඩුවේ දෙවන විත්තිකරු වන හයිකෝප් සමාගමේ අධ්‍යක්ෂ වරයෙකු වන වෙලින්ටන් ඩේහුඩ් නැමැත්තා කොළඹ මහාධිකරණය හමුවේ අද(29) වරද පිළිගෙන ඇත...

    පොන්නසේකයා රෙන බෙටි බිම වැටෙන්න නොදී අහුල අහුල පස්සෙන් යන එවුන්ගේ පුක නෑ වගේ දැනෙනවා ඇති !

    ReplyDelete
  3. යථාර්තවාදියාOctober 30, 2010 at 7:38 AM

    යථාර්තවාදියා

    ReplyDelete
  4. යථාර්තවාදියාOctober 30, 2010 at 7:38 AM

    ශ්‍රී ලංකාවේ ආර්ථිකයත්, ජෙනරාල් ෆොන්සේකාත් අතර තියෙන සම්බන්ධය මොකක්ද ?

    ReplyDelete
  5. ප්‍රබාත් ජයසුරිය අනිත් මිනිසුන්ට පොන්නසෙකා කියල අපහාස කරන්න කලින් තමන්ගෙ ලිංගිකත්වය ගැන නැවත හිතලා බලපන්. අන්න උබේ වයිෆ් ටෙලිඩ්‍රාමා ඩිරෙක්ටර් කෙනෙක් එක්ක හෝටල් ගානෙ මගුල් නටනවා. දැන් ඉතින් උබම තමයි පොන්නසේකා.

    ReplyDelete
  6. Arthur C Clarke is not an "anavaki kaaraya" he's a fiction writer. In your argument J K Rowling has predicted flying hunmans.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.