2010-11-30

මීගමුවේ මුහුදු ගුවන් යානා ප්‍රශ්නය ගැන ධීවර ඇසින් | The view of the fisher community on the sea plane issue of Negambo lagoon

(2010 නොවැම්බර් 30, W3Lankaමීගමුව කලපුවේ ධීවර කර්මාන්තය ඇරඹුණේ රජය නම් ප්‍රපංචය ඇරඹෙන්නට බොහෝ පෙර යයි අනුමාන කළ හැකි ය. රජය බිහි වී කලපුව හෝ වෙනත් ස්වාභාවික පරිසර පද්ධතියක් සිය දේපලක් යයි ප්‍රකාශයට පත් කළ පළියට එය මුළුමනින් ම එහි ගහ කොළවලට, සතුන්ට හා ඒ ආශ්‍රිතව ජීවත් වන දියුණු සත්ව විශේෂයක් වන මිනිසුන්ට අහිමි කරන්න රජයට තිබෙන සදාචාර අයිතිය කුමක් ද? එසේ අහිමි කිරීම නිසා ඇති වන ප්‍රති විපාක සොබාදහමේ තුලනයට බල පාන්නේ කෙසේ ද? 


ලංකාව මහා සංවර්ධන ව්‍යාපෘති දියත් කරන්නේ ලෝකයේ දියුණු රටවල් එවැනි දේ ක්‍රියාත්මක කර සියවස් ගණනක අත්දැකීම් ලබා ගත් පසුයි. අපට වුණත්, මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ කඩිනමින් සිදු වූ අනර්ථකාරිත්වය පිළිබඳ අත්දැකීම් තිබෙනවා. 


මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නූතන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ ඒ අතීත අත්දැකීම් වළලා දමමින්. 


සොබාදහම විසින් වසර මිලියන ගණනක් තිස්සේ ගොඩනැඟූ දේ මිනිසා විනාශ කරන ආකාරය දුටු විට මතක් වන ප්‍රස්ථාව පිරුළක් වන්නේ 'වළංකාරයාගේ අවුරුද්දක වැඩ පොලුකාරයාට පැයකින් අවසන් කළ හැකි ය' යන්නයි. 


සොබා දහම, පරිසරය, මිනිසුන් අමතක කර දමා කරන සංවර්ධනය කාට ද? 


අප දිගින් දිගට ම මතු කරමින් සිටින මෙම ප්‍රශ්නය මතු කරන බිම් මට්ටමේ උද්ඝෝෂණයක් දැන් මීගමු කලපුව ආශ්‍රිතව සිදු වනවා. මේ ඒ හා සම්බන්ධ පත්‍රිකාවකින් උපුටා ගත් කොටස් කීපයක්. 


1. මොකක්ද මේ sea plane ගැන කියන කථාව?


මීගමුව කලපුව, ශී‍්‍ර ලංකාවේ පිහිටි මුහුදු තෘණ ඛ්ම් හා කඩොලාන පරිසර පද්ධති මගින් මසුන් හා කකුළුවන් ඇතුළු ජලජ සත්ව විශේෂ රාශියකට පෝෂණය හා රැකවරණය ලබාදෙන, ඉතා වැදගත් ජෛව විවිධත්වයක් ඇති, හෙක්ටයාර් 3068ක පමන වගුරු ප‍්‍රදේශයකින් වටවූ, හෙක්ටයාර් 3164 ක් පමන වන ඡුල ප‍්‍රදේශයක් සහිත ඵලදායී පරිසර පද්ධතියක්. එය ධීවරයන් 3500කට පමන සෘඡුවම රැකියා සපයමින්, ධීවර යාත‍්‍රා 2500කට පමන නැංගුරම් පහසුකම් සපයයි. එබැවින් මීගමුවේ ධීවර පවුල් 15,000 කට පමන ජීවත් වීම සදහා සුදුසු පරිසරයක් ලබාදේ. එහි මත්ස්‍ය හා ඉස්සන් අස්වනු හෙක්ටයාර 01 කට කිලෝ ග‍්‍රෑම් 150ක පමන වාර්ෂික නිෂ්පාදන ධාරිතාවයක් තිබීම හා වර්ෂයකට රුපියල් මිලියන 150ක පමන මත්ස්‍ය අස්වැන්නක් ලබාදීමත් ආර්ථිකමයව වැදගත්. නමුත් සංචාරක ධනකුවේරයන් මීගමුව ප‍්‍රදේශයට ගෙන්වා ගැනීමේ අරමුනෙන් වඩාත් ධනවත් සංචාරකයින්ට අවශ්‍ය ඉහල පහසුකම් සපයාදෙමින් මාලදිවයින වැනි රටවල ඇති සංචාරක කර්මාන්තයට නොදෙවෙනිව ජලය මත පාවෙන හා ඒ මත ගමන් කල හැකි සැහැල්ලු ගුවන් යානා මීගමුව කලපුවටද හදුන්වාදීමට රජයේ සැලසුමක් ඇත. මීගමු කලපුවේ අතිශය වැදගත් මත්ස්‍ය බෝවන ප‍්‍රදේශයක් වන මඩබොක්ක ආශ‍්‍රිත ප‍්‍රදේශයේ කිලෝ මීටරයක් දුරකට විහිදෙන පරිදි හා මීටර් 100 ක් පළලින් යුතුව ධාවන පථයක් නිර්මාණය කිරීමට යෝජනා වී ඇත.




2 මෙම ව්‍යාපෘතිය දියත් කිරීම නිසා ධීවරයාට හා කර්මාන්තයට සිදු විය හැකි බලපෑම කුමක් විය හැකිද ?

  1. මීගමු කලපුවේ රැකියාවෙන් යැපෙන පවුල් 15000කගේ පමණ රැකියාවට බාධා ගෙන දේ.
  2. සී ප්ලේන් කලපුවට ගොඩබාන හා කලපුවෙන් ගුවන් ගත වන කාලය තුළ ධීවරයින් එම ප‍්‍රදේශයෙන් ඉවත් විය යුතුය. අනාගතයේ කොපමණ සී ප්ලේන් සංඛ්‍යාවක් භාවිතයට ගනීදැයි දැන් අපට කිව නොහැක. එවිට එම ප‍්‍රදේශයෙන් ධීවරයන්ට සම්පූර්ණයෙන්ම ඉවත්වීමට සිදුවේ.
  3. කලපුව ආශ‍්‍රිතව අධි ආරක්‍ෂිත කලාපයක් නම්කර, සංචාරකයින්ට හා යානාවලට ආරක්‍ෂාව සැපයීම සිදුවිය හැක. ඒ හේතුව නිසා ධීවර රැකියාවේ නිරත පිරිසට බාධා පැමිණෙනු ඇත.
  4. සී ප්ලේන් ව්‍යාපෘතියෙන් රැකියා ලැබෙනවා කීවද ඒ ප‍්‍රමාණය කිසිසේත් දැනට කලපුවෙන් යැපෙන ගනියා ප‍්‍රමාණයට නොසෑහේ. ලැබෙන රැකියා ටික වූවත් ලැබෙන්නේ දුප්පත් අසරණ ධීවරයින්ට නොවේ. මෙයින් ප‍්‍රතිලාභ ලැබෙන්නේ ව්‍යාපාරිකයින් සුළු ප‍්‍රමාණයකට පමණී.
  5. සංචාරක ව්‍යාපාරයේ ක‍්‍රියාකාරීත්වය නිසා, ධීවර රැකියාව නිදහසේ සිදු කිරීමට බාධක මතුවෙනු ඇත.
  6. ආරම්භය සී ප්ලේන් හරහා සිදුවූවත් මීගමු කලපුව ආශ‍්‍රිත දූපත්ද සංචාරක නිකේතන සඳහා අත්පත් කර ගැනීම සිදුවනු ඇත.
  7. කඩොලාන පද්ධතිය විනාශකර වැලි ගොඩ දැමීම දැනටමත් සිදුකර ඇත. අධිවේගී මාර්ගය සඳහාද කලපුවේ සෑහෙන ප‍්‍රමාණයක් අත්පත් කර ගන්නා ලදී.
  8. මේ පිළිබඳව දැනටමත් කලපුව අවට ඉඩම් පර්චසය රු 75000 බැගින් විකිණීමට පුවත්පත් දැන්වීම් පලකර ඇත. (2010 අගෝස්තු 15 ඉරිදා දින  Sunday Times පුවත්පත් අතිරේකයේ දැන්වීම් පලකර ඇත.)
  9. මීගමු කලපුවේ දූපත් විකිණීම සදහා දැනටමත් පුවත් පත් දැන්වීමි පල කර ඇති අතර එය මගින් ධීවරයාට ඇති රැකියා කිරීමේ නිදහස අහුරා දමනු ඇත.
  10. මීගමු කලපුව ආශ‍්‍රිතව කුටිටිකාඩු දූපත [KINGS ISLAND] පසුගිය කාලයේදී සංචාරක හෝටලයක් තැනීමට උත්සාහ කල ව්‍යාපාරිකයෙකුගෙන් මුදවා ගැනීමට සිදුවූබව අමතක කල යුතු නැත.
  11. කලපුවේ මඩ බොක්ක ආශ‍්‍රිතව දැනට යෝජිත   ධාවන පථය නම්කර ඇති බව දැනගන්නට ඇත. එබැවින් ඉස්සන් බෝවීමට බාධා පැමිණීමෙන්, ධීවර රැකියාව තවදුරටත් සිදු කිරීම ඵලදායක නොවනු ඇත.
  12. මීගමු කලපුව ආශ‍්‍රිත මුතුරාජවෙල වගුරුබ්ම, ආසියාවේ වැදගත් රම්සා තෙත් බ්මක් ලෙස නම් කර ඇති අතර, එහි පරිසරයට හා එහි ජෛව විවිධත්වයට විශාල තර්ජනයක් එල්ල වනු ඇත. මීගමු කලපුව ලෝක උරුම පරිසර පද්ධතියන් තරමට වැදගත්වන සංවේදී පරිසර පද්ධතියකි.
  13. ධීවර ජනයාගේ ආදායම් බිඳවැටීමෙන් තම රැකියා අතහැරීමට ධීවරයාට සිදුවනු ඇත. එය විවිධ සමාජ විරෝධි ක‍්‍රියාකාරීත්වයන් වර්ධනයට හේතුවනු ඇත.
  14. සංචාරක කර්මාන්තය ආශ‍්‍රිතව වර්ධනය වන විවිධ සමාජ හා සංස්කෘතික ගැටළු තවදුරටත් පැතිරී යා හැක. සංවර්ධනය, අපේ සාරධර්ම හා ආගමීක සංස්කෘතික අනන්‍යතා අකාමකා දැමෙන ලෙස සිදුවිය යුතු නැත.
  15. මුහුදු ගුවන්යානා අනතුරු වලදී :(වාර්ෂිකව මෙවැනි ඵක් අනතුරක් හෝ වාර්තාවීම මෙවන් ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන වෙනත් රටවල අත් දැකීමයි) දැවිතෙල් හා වෙනත් අපද්‍රව්‍ය කලපුවට එකතුවීම තුල ජලයේ අපවිත‍්‍රතාවය හා PH අගය වෙනස් වීම මත්ස්‍ය ගහන බෝවීම අඩුකරලයි.

3. සංචාරක කර්මාන්තයෙන් රට දියුණු වෙනවා නම් අපි එයට සහය දැක්වීම අපගේ වගකීමක් නේද? සංවර්ධනයට අපි විරුද්ධ විය යුතු ද?


රට දියුණු වීම හා සංවර්ධනය යනු කුමක්ද? අපි ප‍්‍රශ්ණ කරගත යුතුයි. සංවර්ධනයේ කේන්ද‍්‍ර‍්‍රය රටේ ජනතාවගේ ජීවන තත්වය උසස්වීම විය යුතුයි. එහි ප‍්‍රතිලාභ රටේ ජනතාව සතුවිය යුතු අතර, සාධාරණව බෙදී යායුතුයි. තිරසාර සංවර්ධන මූලධර්ම පිළිබඳව මුළු ලෝකයම කථා කරනවා, නමුත් අපි අපේ රැකියා, මීගමුව කලපුව, කල්පිටිය දූපත්, නිලාවේලී වෙරළ තීරය, පානම, ශාස්ත‍්‍රවේලී, ආරුගම්බේ ධීවර හා ගොවි බ්ම් අහිමි කරගෙන රටේ මිනිස්සු අවතැන් කරගෙන කරන්නේ සංවර්ධනයක්ද? අපි මේක සංවර්ධනයක් ලෙස කිසිසේත්ම පිළිගන්නේ නැහැ. මේක මහ මුහුද කොල්ලකෑමක්. ඉඩම් කොල්ලයේම තවත් පියවරක් ඉදිරියට තැබීමක්. සංචාරක කර්මාන්තය රටට යම් ආදායමක් ගෙන ආවත් රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට, ගොවියාට, ධීවරයාට අහිතකර බලපෑමක් කරනවානම්, ඔවුන්ව දරිද්‍රතාවයේ පතුලටම ඇද දමනවානම්, එහි සංවර්ධනයක් තිබිය නොහැකියි. නමුත් මෙයින් ප‍්‍රතිලාභ ලබන සුළු පිරිසක් සිටින බව නම් පැහැදිළියි. පාරිසරික, ආර්ථීක, සාමාජීය වශයෙන් සමාජය තුල විශාල හානිගෙන දෙමින් සිදු කරන ක‍්‍රියාවක් රටේ සමස්ථ ජනතාවගේ ජීවන තත්වය උසස් මට්ටමකට ගෙන ඒමට කිසිසේත් දායකත්වයක් නොදක්වයි. ඒ හේතුව නිසයි අපි මෙයට විරුද්ධ වෙන්නේ,


"මීගමුව කලපුව කළපු ධීවර අපගේ ප‍්‍රධානම ජීවන මාර්ගයයි. එහි ජෛව විවිධත්වය ලෝක උරුමයකි. එය රැකගැනීමට අපි සැම පෙරමුණ ගනිමු.”


- කොච්චිකඬේ, පලඟතුරේ අංක 86ක්‍ හී මීගමු කලපුව සුරැකීමේ සන්ධානය විසින් පළ කරන ලද පත්‍රිකාවකින් උපුටා ගන්නා ලදී. 




Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

1 comment:

  1. අසෙනිය කුසුම 2010දී හොඳම කාලීන බ්ලොග් අඩවිය ලෙස සම්මානයට පාත්‍ර වූණා නේද? කරුණාකර මා නිවැරදි දැයි පවසන්න.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.