2011-02-01

දිළිඳුභාවය නැති කිරීම සඳහා වැඩියෙන් දිළිඳුභාවය ඇති කිරීම

සරත් ප්‍රනාන්දු
(2011 පෙබරවාරි 01, W3Lanka) පහත පළ වන සටහන උපුටා ගනු ලැබුවේ සරත් ප්‍රනාන්දු විසින් ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පිළිබඳව ලියන ලද දීර්ඝ ලේඛනයක් වන Twenty Years Journey Towards a World of Humanness වෙතින් උපුටා ගනු ලැබූ කොටසකි.

අප එය මෙහි පළ කරන්නේ සමාජවාදය පිළිබඳ ධනවාදයට එරෙහි වෙමින් අප විසින් ගොඩනැඟීමට උත්සාහ කරන සංවාදයේදී ධනවාදයේ ප්‍රවර්ධකයන් විසින් අගයනු ලබන නව ලිබරල් උපාය මාර්ගය පිළිබඳ පැහැදිලි, නිරවුල්, ගැඹුරු විවේචනයක් එහි අඩංගු වන බැවිනි.

සමස්ත ලේඛනය සඳහා monlar@sltnet.lk විමසන්න.  ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ වෙබ් අඩවිය http://www.monlar.net/


අපගේ ආර්ථිකයන් ගෝලීයකරණයට සම්බ්න්ධ කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන පිරිස් නිතර කරන ප‍්‍රකාශයක් වන්නේ වත්මන් ලෝකයේ කිසිදු රටකට හුදකලාව සිටිය නො හැකි බවයි. අප ලෝකයත් සමග සම්බන්ධ වීම යනු අප සූරා කෑමේ හා විනාශකාරී ගෝලීයකරණයේ බලවේග හමුවේ යටත් විය යුතු බව නො වේ. එවන් යටත් වීමක් විසින් අප තව දුරටත් විනාශයට නිරාවරණය කරනු ලැබේ.


1977 සිට ආණ්ඩු විසින් අනුගමනය කරන ලද ප‍්‍රතිපත්ති දුප්පත්කම හා විරැකියාව නැති කිරීමත්, ආර්ථික වර්ධනය ඇති කිරීමත් අරමුණු කර ගත් ඒවා යයි අපි මොහොතකට විශ්වාස කරන්නේ නම් පසුගිය වසර 33 තුළ ඇත්තට ම සිදු වී තිබෙන්නේ කුමක් ද? දිළිඳුකම අඩු වී තිබේ ද? රැකියා සුලබ වී තිබේ ද?


එම උපාය මාර්ගයේ තර්කනය මෙසේ ය: දිළිඳුභාවය අඩු නිරීම පිණිස වර්ධනය අවශ්‍ය ය. වර්ධනය සඳහා අප වැඩියෙන් විදේශ ආයෝජන කැඳවා ගත යුතු අතර අපනයන වැඩි කළ යුතු ය. ඒ සඳහා ආයෝජකයන්ට බදු නිවාඩු වැනි පහසුකම් සැලසිය යුතු ය. යටිතල පහසුකම් දියුණු කර දිය යුතු ය. දේශපාලන ස්ථාවරත්වය තහවුරු කර දිය යුතු ය. මේ කටයුතු සඳහා තව තවත් ණය ගැනීම අවශ්‍ය වන අතර එමගින් ණය බර වැඩි වේ. ආයෝජකයන්ට අධික ලෙස බදු සහන ලබා දී ඇති හෙයින් මෙම ණය ආපසු ගෙවීමේ බර දැරිය යුත්තේ දිළින්දෝ ය. එසේ ම අප අපගේ ස්වාභාවික සම්පත් ද විනාශකාරී ලෙස සූරා කෑමට ලබා දිය යුතු ය. මේ සියල්ල ප‍්‍රමාණවත් නො වන නිසා අඩු මිළ ශ‍්‍රමය ද සැපයිය යුතු ය. අඩු මිළ ශ‍්‍රමය නිර්මාණය කිරීම පිණිස ගොවීන් ගොවිතැනින් ද, ධීවරයන් මසුන් මැරීමෙන් හා වෙරළෙන් ද අවතැන් කර නගර වෙත පළවා හළ යුතු ය.


කම්කරු අයිතිවාසිකම් සීමා කළ යුතු ය. ඔවුන්ගේ සේවා සුරක්ෂිතභාවය අහිමි කළ යුතු ය. කාන්තාවන් අඩු මිළ ශ‍්‍රමිකයන් බවට පත් තළ යුතු ය. මේවායින් සිදු වන්නේ වඩාත් නරක ආකාරයේ දිළිඳුකමක් හා පීඩනයක් ඇති වීමයි.


මෙහි අවසන් තර්කය වන්නේ දිළිඳුභාවය නැති කිරීම සඳහා අප වැඩියෙන් දිළිඳුභාවය ඇති කළ යුතු බවයි.


මෙම තත්වය ලංකාවේ පැන නැගී ඇත්තේ මෙම දිශාව හැර අන් විකල්පයක් ලංකාවට නැති නිසා නො වේ. අප අලූත් දිශාවක් සොයා ගත යුතු ය. මුළු ලෝකයට ම මෙම අර්බුදයෙන් ගොඩ ඒමට ම`ගක් අවශ්‍යව ඇති නිසා අප තනි වි නැත. එබැවින් විකල්ප සොයමින් සිටින ලෝකය සමග අප සහයෝගිතාව වර්ධනය කර ගත යුතු ය. එම බලවේගය කුඩා හා දුර්වල එකක් නො වේ. අර්බුදයත් සමග මෙම බලවේගය වැඩෙමින් සිටියි.


Bookmark and Share
Bookmark, remember easily and come again  http://www.w3lanka.com/

1 comment:

  1. no time to write long. But like someone else suggested here, look at the direction that Cina took, and Brazil took. Some more examples in Malaysia and Singapore.

    Simple theory is "we choose our actions". Need intelligence, not copy-cats.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.