2011-12-09

ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් ළමයින් බේරා ගැනීම

ලංකාවේ ළමයින්ට සමාජයෙන් රැකවරණයක් නැති බව ඕනෑ ම දෙමව්පියකු පිළි ගන්නවා ඇත. ළමයින්ට අඩු ම රැකවරණයක් ලැබෙන තැනක් වන්නේ පාසලයි. පාසලේදී ඔවුහු නිරන්තර හිංසනයට ලක් වෙති. 


දිළිඳු හා අඩු උගත්කම් ඇති සමාජ තීරයන්හි උපදින ළමෝ නිරන්තරව ශාරීරික, මානසික හා ලිංගික පීඩාවන්ට ලක් වෙති. අනාථ ළමයි අනාථ නිවෙස්වල අසරණ වෙති. 


රජයෙන් ළමයින් රැකවරණ සපයන්නට තිබෙන පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට පිටින් අමතර ආයනයක් ලෙස පිහිටුවන ලද ජාතික ළමාරක්ෂක අධිකාරියේ භූමිකාව මේ වන විට දැඩි මතභේදයට ලක් වී තිබේ. 


ජාතික ළමාරක්ෂක අධිකාරිය කටයුතු කරන ආකාරය රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියා කලාපයට සමාන ය. එය වැඩ කරනවාට වඩා කරන වැඩ පිළිබඳ මාධ්‍ය මගින් වාර්තා කිරීම කෙරෙහි උනන්දුවක් දක්වයි. එසේ වන්නේ ඇයි?


එක පැත්තකින් ජාතික ළමාරක්ෂක අධිකාරියට ඔවුන් පෙන්වන්නට උත්සාහ කරන තරම් බලයක් හෝ ළමා හිමිකම් ආරක්ෂා කර දීමේ ශක්තිමත් යාන්ත්‍රණයක් නැත. විශේෂ දුරකථන අංක ආදිය සකසාගෙන ළමා අපචාර පිළිබඳ පැමිණිලි භාර ගත්තාට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය ශක්තිය එයට නැත. අදාළ ආයතන ක්‍රියාකාරී කරවා ගැනීමට අවශ්‍ය මෙහෙයවීම කිරීමට ද ළමාරක්ෂක අධිකාරිය අසමත් බව පෙනේ. ඒ නිසා ඔවුන් කරන්නේ ලද පැමිණිලි පිළිබඳ සංඛ්‍යා දත්ත මාධ්‍යයන්ට නිකුත් කරමින් නිකම් ඉඳීම බව පෙනේ. 


ජාතික ළමාරක්ෂක අධිකාරිය මොරටුවේ රාවතාවත්තේ ප්‍රේම නිවහන වැටලීම පටු අභිලාෂයන් මත පුද්ලයන් විසින් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් අනවශ්‍ය අන්දමින් කටයුතු කිරීමක් බව ‍දැන් නිරීක්ෂණය වෙමින් තිබේ. 


එයින් රටේ කතෝලිකයන්ට එරෙහි රාජ්‍ය ක්‍රියාකාරිත්වයක් ඇති බවට ජාත්‍යන්තර ප්‍රචාරයක් යමින් තිබෙන අතර රජය වරදක් සිදු වී ඇති නම් නිවැරදි කිරීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල පවසා ඇත. 


අනෙක් පැත්තෙන් එහි මුල් පුටුවට පත් කරනු ලබන අදාළ විෂය පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැති පුද්ගලයෝ උන්නතිකාමය නිසා ළමයින් නම් සංවේදී විෂය සිය පටු උවමනාවන් සපුරා ගැනීමට අවියත් ලෙස භාවිතා කරති. 


ජාතික ළමාරක්ෂක අධිකාරියට ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධනය සඳහා මාධ්‍ය හා අධ්‍යාපනය ඔස්සේ විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි ය. එහෙත්, ඒ සඳහා පළමුකොට ම එහි ලොක්කන්ට අදාළ විෂයන් පිළිබඳ අවබෝධයක් තිබිය යුතු ය. 


කලකට ඉහත අප විසින් පළ කරන ලද මෙම ලිපි කියවන්න. ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් ළමයින් ආරක්ෂා කර ගැනීමේ ඇති වැදගත්කම එයින් අවබෝධ වනු ඇත.
14 හැවිරිදි දැරියක දරුවකු ප්‍රසූත කිරීම නිසා ළමාරක්ෂක අධිකාරියේ සභාපතිට මල් කළඹක්
දිනමිණ කර්තෘට වඩා බුද්ධිමත් පොලිසියට මල් කළඹක්; ලෝක ළමා දිනයට 14 හැවිරිදි ළමයකුට දරුවෙක්


මේ ළමාරක්ෂක අධිකාරියේ අලුත් ම වික්‍රමයයි. 
අතේ පත්තු වුන අනෝමා නෝනාගේ මොරටුවේ ළමා මඩමේ මෙහෙයුම

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

4 comments:

  1. මේ බූරූ ආන්ඩුව තරම් ලණු කන. ජාත්‍යන්තරය ගැන අවබෝධයක් නැති ආන්ඩුවක් තිබුනද කියලා හිතාගන්න අමාරුයි. ලොක්කගෙන් බැණුම් අහගෙන හරි මේවා වැරදි බව අවබෝධ කරලා දෙන්න ඕන. එහෙම නැත්නම් ලොක්කා අමාරුවේ දාන්න හිතා මතා කරණ කුමණ්ත්‍රන වෙන්නත් පුළුවන්. දැන් හත් පොලේ ගාගෙන සුද්ද කරන්න ගිහින් නාගෙන ඉන්නේ. ළමයින්ගේ තත්වය ගැන නම් කතා කරන්න දෙයක් නෑ. නමුත් දුක. ජාතියේ දරුවන්ගේ ආඩම්බර කාර "තාත්තා" යටතේත් මේ දේ සිඳුවීම. අනාත නිවාස ගැන නම් කතා කරලා වැඩක් නැත.

    ReplyDelete
  2. Thank you for publishing this article. Actually I made a comment under one of your the recent previous articles recalling this incident. I couldn't understand what is the good thing done by Rani Adhikari and the other lady to offer flowers from Anoma and to show all these ladies in the state new paper. Have they done anything good to creat a better life for the mother (14 yrs old girl) or to the new born baby.

    ReplyDelete
  3. පසුගිය නොවැම්බර් 23 වන දා ජාතික ළමාරක‍ෂක අධිකාරීයේ හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මත මොරටුව රාවතාවත්තේ පිහිටි ප්‍රේම් ළමා නිවාසය පරික‍ෂා කිරීමට අධිකාරියේ නිලධාරීන් කටයුතු කර ඇත.
    එසේ පරික‍ෂා කිරීමට හේතු වී ඇත්තේ එම ළමා නිවාසයේ දරුවන් විකිණීමේ ජාවාරමක් සිදුවන බවට ලැබුණු තොරතුරු මතය. ඒ අනුව ජාතික ළමාරක‍ෂක අධිකාරීය තම රාජකාරිය හා වගකීම නිසි ලෙස ඉටු කොට ඇත. වැටලීම සඳහා ගිය නිලධාරීන් ප්‍රකාශ කරන ආකාරයට අදාළ ස්ථානයේ සිදුවන දෑ දැකිමෙන් ඇඟ කිලිපොලා යන තරමේ සැකයක් මතු වී ඇත. ළමා නිවාසය පරික‍ෂා කළ නිලධාරීන් ඔවුන්ගේ වචන වලින්ම මාධ්‍යයට වාර්තා කර තිබුණු ආකාරයට වයස අවුරුදු 1-5ත් අතර දරුවන් 65 දෙනෙක් එහි සිට ඇත. එමෙන්ම ඉපදී සතියක් - සති තුනත් අතර දරුවන් 12දෙනෙක් ද තරුණ මවුවරු 12ක් ද ආබාධිත දරුවන් හා ගැබිණි මව්වරුන් 13දෙනෙක් ද එහි සිට ඇත.
    මේ සියළු දෙනාට අමතරව විදේශිකයන් සිව් දෙනෙක් ද එම ස්ථානයේ සිට ඇත. ළමාරක‍ෂක අධිකාරිය පවසන ආකාරයට ලියාපදිංචි ළමා නිවාසයක රඳවා ගැනිමට අවසර ඇත්තේ ළමයින් 40දෙනෙක් පමණකි. ඊට වැඩියෙන් රඳවා ගන්නේ නම් ඒ සඳහා අනිවාර්යයෙන් අවසර ලබා ගත යුතුය. ගැබිණි මව්වරුන් තබා ගැනීමට නීතියෙන් කිසිදු අවසරයක් නැත. ළමාරක‍ෂක අධිකාරියේ සභාපතිනි නිතිඥ අනෝමා දිසානායක ප්‍රකාශ කරන ආකාරයට රඳවා සිටින ළමුන් සඳහා වෙන වෙනම ලිපිගොනු පවත්වාගෙන යා යුතු වුවත් ළමයින් 65ක් සිටින තැන ලිපි ගොනු තිබි ඇත්තේ 30ක් පමණි.
    එසේම දරුවන් ලැබීමට සිටින මව්වරු ද අලූත උපන් දරුවන් හා ඔවුන්ගේ මව්වරු ද රඳවා ගෙන සිටිම නීති විරෝධිය. එසේ නම් ලිඛිත තොරතුරු නොමැති දරුවන්ට හා මෙහි උපදින දරුවන්ට සිදුවන්නේ කුමක්ද?
    මෙකී කරුණු අනුව පැහැදිලි වන්නේ එම ළමා නිවාසය පවත්වාගෙන යාමේ දී අදාළ නීතියට අනුව කටයුතු සිදුවී නැති බවයි. එහෙත් මෙම ළමා නිවාසයේ භාරකරුවන් පවසන්නේ තමන් නිත්‍යානුකූලව නිවාසය පවත්වාගෙන ගිය බවයි. එසේනම් මේ ළමා නිවාසය නිත්‍යානුකූල ද නීති විරෝධි ද යන්න තීරණය කළ යුත්තේ නීතිමය හා අධිකරණ ක්‍රියාදාමයකිනි. ඒ අනුව මෙහි සත්‍ය අසත්‍යතාවය, වැරදි හෝ නිවැරදිතාවය රටට හෙළි වනු ඇත. විය යුතු පරිද්දෙන්ම සිදුවිය යුත්තේ එයමයි.

    ReplyDelete
  4. " එසේනම් මේ ළමා නිවාසය නිත්‍යානුකූල ද නීති විරෝධි ද යන්න තීරණය කළ යුත්තේ නීතිමය හා අධිකරණ ක්‍රියාදාමයකිනි. ඒ අනුව මෙහි සත්‍ය අසත්‍යතාවය, වැරදි හෝ නිවැරදිතාවය රටට හෙළි වනු ඇත. විය යුතු පරිද්දෙන්ම සිදුවිය යුත්තේ එයමයි."

    No no it should be determined by Bloggers....(specially according to their political agenda)

    ReplyDelete

අපට කිසිවක් තනිව කළ නො හැකි ය. තනිව කරන්නේ යයි අප සිතන දේට ද තවත් බො‍හෝ අය දායක වී තිබේ.

Related Posts Plugin for WordPress, Blogger...