2012-12-31

මේ ප්‍රාණ මිතුදම් වී අලුත් - රැඳේවා අහසේ සිත් - auld lang syne

ේ තමයි ෝකප්‍රසිද්ධම නව අවුරුදු ගීතය. එහි සම්භවය තිබෙන්ේ ස්ොට්ලන්තේ. ඉංග්‍රීසි කිවියර ොබට් බර්න්ස් තමයි එය ප්‍රසිද්ධ කේ. අපි ඒ අදහස හා තනුව අනුව යමින් ගීයක් නිර්මානය කරන්න උත්සාහ කළා. ගයන්න පුළුවන්ද කියා උත්සාහ කර බලන්න.මෙය ප්‍රසිද්ධ auld lang syne කියලායි. ඒ කියන්ඈත කාලයක සිට කයන අරුතයි.

Should old acquaintance be forgot,
and never brought to mind ?
Should old acquaintance be forgot,
and days of old lang syne ?

    CHORUS:
    For auld lang syne, my dear,
    for auld lang syne,
    we'll take a cup of kindness yet,
    for auld lang syne.

And there’s a hand my trusty friend !
And give us a hand o’ thine !
And we’ll take a right good-will draught,
for auld lang syne.



මේ ප්‍රාණ මිතුදම් වී අලුත්
රැඳේවා අහසේ සිත්
මේ ප්‍රාණ මිතුදම් වී අලුත්
ඇත ඈත කාලෙ සෙයින්
 
CHORUS
බෝ ඈත කාලෙ සෙයින්, මිතුරනි
බෝ ඈත කාලෙ සෙයින්
අපි මේ ලෙසින් සව්දිය පුරමින්
බෝ ඈත කාලෙ සෙයින්

ආ මෙන්න අතක් මා සුහද මිතුරෝ
දෙන්න ඔබේ අත දැන්
දැන් එන්න අපි යමු යන්න එගමන
බෝ ඈත කාලෙ සෙයින්


අවුරුදු සුබපැතම් සමග පරිවර්තන තිළිණය අජිත් පැරකුම් ජයසිංහගෙන්

අලුත් අවුරුද් එන්න අේ ගම් පැත්මෙන්න මෙතනින්. ේක ගේ වැඩක්. එහිදී ඔබට අවශ්‍ය නම් ේ ගීය ඉගෙනගන්න.

Learn the world’s most famous New Year Song ‘auld lang syne’


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

හඳගමගේ හොලිවුඩ් ත්‍රිලර්එක හා දිමිත්‍රි‍‍ගේ කොලිවුඩ් කමෙන්ට්එක

දෙමළ ජාතික විමුක්ති අරගලය දෙමළ ජාතිවාදයෙන් වෙන් කරගන්න බැරිවුණ එක ලංකාවේ වාමාංශිකයන් අතින් වුණ බරපතල වරදක්. සිංහල ජාතිවාදී මහා ආඛ්‍යානය තුළ දෙමළ විරෝධය මුල්බැසගෙන තිබෙන්නා වගේම දෙමළ ජාතික විමුක්ති අරගලය තුළත් ජාතිවාදය මහා ආඛ්‍යානයක්. රොමැන්තික අනුරාගය විසින් සිංහල වාමාංශිකයන්ගේ දෑස් මේ කරුණ ඉදිරියේ අන්ධ කළා. පුදුවෛ රත්නදුරෛ වගේ මාඕවාදී රොමැන්තික කවියන් කෙසේ වෙතත් ඊරෝස් සංවිධානයේ සිට කොටි සංවිධානයට එක්වූ බාලකුමාර් වැනි දෙමළ වාමාංශිකයන්ට වෙනස් උපායමාර්ගයක් තිබුණා කියා අනුමාන කරන්න පුළුවන්. ඒත්, කෙතරම් උපාශීලීව කටයුතු කළත්, ඔවුන්ටවත් මේ දෙමළ ජාතිවාදී මහා ආඛ්‍යානය වෙනස් කරන්න බැරිවුණා. සමහරවිට, එයට හේතුව අරගලයේ පදනමම එය වූ නිසා වෙන්න ඇති.

දෙමළ වාමාංශිකයන් දෙමළ ජාතිවාදය හමුවේ මුහුණදීපු අර්බුදයට සිංහල වාමාංශිකයන් මුහුණ දුන්නේ නැහැ. ඔවුන්ට මෙය හඳුනාගන්න පුළුවන්කම තිබුණා, රොමැන්තිකවාදී අනුරාගයෙන් මිදී යථාර්ථවාදී වුණානනම්. මේ රොමැන්තිකවාදී අනුරාගයත් හරියට වාමාංශික ව්‍යාපාරයේ මහා ආඛ්‍යානයක් වගේ. සමාජවාදය සඳහා නොනිමි (සන්තත - continuous) අරගලයේ එක් වගකීමක් තමයි මේවාට එරෙහිව සටන් කිරීම. කොහොමවුණත්, අවසානයේදී වාමාංශිකයෝ සිය දේශපාලන අනාගතයෙන් වන්දි ගෙව්වා. ලාංකීය සමාජය එයට වන්දි ගෙවන්නේ ඉතිහාසයෙන්.

අප කියන දෙය වඩා පැහැදිලි කරගන්න පුළුවන් සංවාදයක් අප ඉනි අවන් ගැන කළ විචාරයේ කමෙන්ටුවක දිමිත්‍රි විසින් තබන ලද සටහනකින් විවෘත‍වෙනවා. ඒ නිසා අප එය නැවත පළ කරනවා.


පුදුවෛ
ඔහු මෙහෙම කියනවා.

"මම හිතන විදියට නම්, දෙමල භාෂාව කතා කරන අය ගැන දකුනේ සිංහල කෙනෙකු විසින් චිත්‍රපටියක් කරන එකමත් අශීලාචාර වැඩක්. දෙමල මනස තුල තිබෙන ෆැන්ටසිය ගැන අභියෝග කරන්න, දෙමල ශිෂ්ටාචාරය විනාශ කරමින් ඉන්න සිංහල ජනතාව අතර ඉන්න කෙනෙකුට කිසිම අයිතියක් නැහැ. දෙමල ජනතාවගෙ ස්වයන් නීර්න අයිතිය පිලිගන්න කෙනෙකුට උනත් එහෙම කරන්න කිසිම අයිතියක් නැහැ. ඔවුන් තුල ඇතැයි කියන කුලවාද හෝ ඕනෑම වාදයක් ගැන අභියෝග කරන්න කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ.

මේ චිත්‍රපටියේ විදියට 'ඔහුට, ඉනික්බිතිව' මූලිකව විසඳාගැනීමට ඇත්තේ 'ධනවාදය උතුරට ඇතුලුවීමත් සමග' පැනනගින, තමාතුලම වන - තමාගේම ප්‍රශ්නයක් මිස, මහා ජාතියේ දේශපාලනික අවශ්‍යතාවන් මත මුදාහැරෙන භෞතික, සමාජයීය සහ සංස්කෘතික ආක්‍රමනය පිලිබඳ ප්‍රශ්නය නොවේ."
- Dimithri

අප පිළිතුරු ලිව්වේ මෙහෙමයි. "දිමිත්‍රි, මෙය වැරදි අදහසක්. මෙය අවසානයේදී සේවය කරන්නේ දෙමළ ජාතිවාදයට. ඇත්තම කීවොත් මේ වනාහි දෙමළ ජාතිවාදයේ සිංහල ප්‍රකාශනය.

දෙමළ විමුක්ති අරගලයේ ගැටලු සම්බන්ධයෙන් හිරු කණ්ඩායමත් ප්‍රවර්ධනය කළ අදහසක් තමයි මේ. දෙමළ විමුක්ති ව්‍යාපාරයේ ගැටලු එළිපිට කතා කළොත් එහි වාසිය සිංහල ජාතිවාදීන්ට අත්වන නිසා එයින් වැළකියයුතු බවට තර්කයක් තිබුණා. ඒවුණත්, එවැනි අයගේ මිතුරු විවේචනයකට හෝ සවන්දීමේ නිහතමානිත්වයක් දෙමළ විමුක්ති අරගලයේ නායකයන්ට තිබුණේ නැහැ.

ඊටත් වඩා භයානක කරුණ වන්නේ මෙවැනි අදහස් හේතුවෙන් වාමාංශිකයන් සිය ස්වාධීනත්වය නැති කරගෙන සුළුතර ජාතිවාදයේ ගොදුරු බවට පත්වීමයි. දීප්තිමත් වාමාංශිකයකු වූ රෝහිත භාෂණට අත්වුණේ මේ ඉරණම.

අමතක නොකළයුතු කාරණයක් තමයි, දෙමළ ඩයස්පෝරාව කියා අප සාමාන්‍යයෙන් හඳුනාගන්නා දෙයත් ධනවාදයේම ස්වරූපයක් බව. වාමාංශිකයන් මෙය ප්‍රතික්ෂේප කළයුතුවා පමණක් නොවෙයි, ඔවුන්ගේ ආදරය ප්‍රකාශ නොවන අන්දමින් ජීවත්වීමත් කළ යුතුයි. මන්ද, එය එතරම් විෂකුරු බලවේගයක්. වාමාංශිකයන් මුදල්, දේශපාලන රැකවරණ, සල්ලි පොඩ්ඩක් වෙනුවෙන් වරිගෙ නහගත් හැටි ගැන ප්‍රායෝගික උදාහරණ ඕනෑතරම් පෙන්වන්න පුළුවන්.

හඳගම සිංහල ජාතිවාදයට එරෙහිව සටන් කළ කෙනෙක්. සිංහල ජාතිවාදය මහා ආඛ්‍යානයක්. එයින් සහමුලින් මිදීම පුරුෂාධිපත්‍යයට එරෙහි පිරිමින්ට පුරුෂාධිපත්‍යවාදී ජීවන භාවිතාවන්ගෙන් ඈත්වෙන්න තිබෙන අමාරුකම ව‍ගේ දෙයක්. නිදසුනක් ලෙස මෙය ලියන මේ මොහොතේ උදේ 4ට මගේ බිරිඳ කුස්සියේ උයනවා. මම බ්ලොග් ලියනවා. මම බ්ලොග් ලිවිල්ල අතෑරලා කුස්සියේ උයන්න යන එකත් සමස්ත ප්‍රශ්නයේදී විසඳුමක් නොවෙයි.

ස්වයං නිර්ණ අයිතිය සඳහා වූ අරගලය සමාජවාදය සඳහා වූ නොනිමි අරගලයේ කොටසක් මිස එය අරගලයට විකල්පයක් නොවෙයි.

හඳගමට මෙවැනි ප්‍රස්තුතයක් ගැන සංවාද කරන්න අයිතියක් නැහැ කියනඑක දෙමළ ජාතිවාදී ප්‍රකාශනයක්.

අපට හඳගම එක්ක තිබෙන ප්‍රශ්නය ඒක නොවෙයි, හඳගම ගැඹුරු සංවාදයක් වෙනුවට හොලිවුඩ් ත්‍රිලර් එකක් අරගෙන ඒමයි.

ඒක හඳගම සිංහල ජාතිවාදයට යටවීම කියා කියනවාට වඩා ධනවාදයට ගොදුරුවීම කියා කියනඑක සාධාරණයි."

බාලකුමාර්
මෙයට තවත් කරුණු ටිකක් එකතු කරනවානම්, හඳගමගේ දේශපාලන චින්තනයට මා හිතන පරිදිනම් සෑහෙන බලපෑමක් කළ කෙනෙකු තමයි, රෝහිත භාෂණ. මේ කාරණය අපටත් අදාළයි. අපි වික්‍රමබාහු කරුණාරත්න ප්‍රශ්න නොකර රෝහිත භාෂණ ප්‍රශ්න කරන්නේ ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධ කතිකාව ඉදිරියට යායුත්තේ එතැනින් නිසායි. වීරයන් හොයන ළමයි මේ කාරණය තේරුම්ගන්නවානම් ඔවුන්ගේ වීරයන්ව තවදුරටත් සජීවී කරගන්න පුළුවන්. ඔවුන්ගේ වීරයන් වෙනුවට අප ආදේශ වියයුතුයි කියන කරුණ අපේ සමාජවාදය තුළ නැහැ. අපේ සමාජවාදය තුළ වීරයන්ට තැනක් නැතුව නොවෙයි. ඒත්, ඔවුන්ට අල්තාර නැහැ.

අප ලියන්නේ වම ගැන යළි සංවාදයක් මතු කරගන්නයි. පසුගිය වසර පහක, හයක දේශපාලන භාවිතාව තුළ අපි ඒ සඳහා පදනම හදගත්තා. පළමුවෙන්ම වාමාංශික මාධ්‍යකරුවකු ලෙස මම උත්සාහ ක ස්වාධීනත්වය සාපේක්ෂව වැඩියෙන් තහවුරු කරගන්න. අරයාගේ මෙයාගේ සල්ලිවලින්, සම්බන්ධකම්වලින්, මාධ්‍යවලින් ජීවත්වෙන්න, වැඩකරන්න ගියාම ස්වාධීනත්වය නැතිවෙනවා. මන්ද, හාම්පුතුන් බිහිවෙනවානේ. භයානකම කරුණ වන්ේ මනස තුළ ේ හාම්පුතුන් පැලපදියම්වීමයි. 

දැන් වාමාංශිකයන් ඉන්නේ මේ W3Lanka කියා දෙයක් ගැන අහලාවත් නැහැ වගේ. මේකට භාෂණ ඉස්සර කිව්වෙ හොරට නිදාගන්නවා කියලා. ඇත්තට නිදාගත්තවුන් අවදි කරන්න ලේසියි. හොරට නිදාගත්තවුන් අවදි කරන්න බැහැ. 

මේ සංවාදවලට නිර්නාමිකව මැදිහත්වන ‍කිරිදරුවෝ ටිකක් ඉන්නවා. ඒ අය ඉතිහාසය, අරගලය හා දෘෂ්ටිවාදය ගැන තව ටිකක් තමන්ගේ හාම්පුතුන්ගෙන් ඉගෙනගන්නවානම් හොඳයි. සංවාද කරන්න බැරි මට්ටමේ අය සමග සංවාදවලින් ඉවත්වුණාම ඒ අය අනෙක් පැත්තට "හූ, හූ ඇනගත්තා නේද කියා අසමින් කෝචොක් කරන හැටි අපි දැක්කා." පව්! බොහෝ අය සිය නමින් සංවාදවලට එළඹෙන්න බයයි. ඒ ඇවිල්ලා ඔලුවෙ ගූ තියෙනබව දන්න ඉස්සෝ. හැබැයි සහෝදරයා අපි සූදානම් හරවත් සංවාදයකට එළඹෙනවානම් අතීතය අමතක කරලා සහෝදරත්වයේ දෑත් දිගුකරන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-12-30

ඉනි අවන් - හඳගමගේ කුරිරු අපගමනයකි

(හඳගම ටොරොන්ටෝ ජාත්‍යන්තර සිනමා උළෙලේදී - නිර්මානය බිහිවූ සංදර්භීය යථාර්ථයන් නොදත් මිනිසුන්ගේ කියවීම් මත පදනම් වූ සහතික රැගෙනවිත් දේශීය සිනමා රසිකයාට තොරොම්බල් කිරීම ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ කාලයේ සිටම තිබුණු දෙයකි.)
හඳගම හොඳ සිනමාකරුවකුමුත් හොඳ කතාකරුවකු නොවේ යයි කියන මේ කියමන මගේ පෞද්ගලික අදහසකැයි ඔබට ඕනෑනම් කීමට නිදහස තිබේ. සිනමාකරුවකු කතාකරුවකු වීම අනිවාර්ය අවශ්‍යතාවක්ද නැද්ද යන්න ගැන මට තිබෙන්නේ විවෘත පිළිතුරකි.

කතාවක් සියුම්‍ ලෙස ගොඩනැගීම අතිශය නිර්මානාත්මක කටයුත්තකි. හඳගම කතා ගොතන්නට එවැනි සුරුබුහුටිකමක් කිසිදා නොපෙන්වයි. චන්දකින්නරී චිත්‍රපටයේදී ඩ. එච්. ෝරන්ස්ගේ 'ඕඩර් ඔෆ් ක්‍රිසැන්තමම්ස්' නම් කෙටිකතාව ස්පර්ශ කරන හඳගම පසුකලෙක කතාකරුවන්ට වඩා පුවත්පත් වාර්තාකරුවන්ට ලොල් කරයි. ඔහුගේ 'තනි තටුවෙන් පියාඹන්න' කතාවේ සූප්පු උරන බොස්, ගැහැනියක සමග පවුල් කෑ ගැහැනිය ආදීන් පිළිබඳ පුවත්පත් වාර්තා මම චිත්‍රපටයට කලින් පුවත්පත් වාර්තා ලෙස කියවා ඇත්තෙමි. හඳගම ඒ චරිත හා ප්‍රස්තුතයන් පුවත්පත් වාර්තාකරුවකුට එහා යමින් විවරණය කිරීමට අසමත් වූයේය. 

ඉනි අවන්ද එවැනිම වාර්තාවකි. ‍එහි ඔහු අපට හඳුන්වා දෙන චරිත ඇත්තෙන්ම අපූරුය. මුලදී සියුම් ලෙස විවරණය වන ඒ චරිත හිටි හැටියේ බිඳවැටෙයි. නැතිනම් හඳගම ඒවා ේ ගසා කුඩුකර දමයි. හඳගමගේ විකාරරූපී ශෛලිය තුළ ඒවා ගිලී රස කලාපයෙන් මෙන්ම යථාර්ථයෙන්ද පළා ොස් වාර්තාරූපි රූකඩ බවට පත්වෙයි. බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ට හෝ වෙන යම් කෙනෙකුට හෝ වසන් වී ගැලවීමට නොහැකි හිස්කමක් වෙත හඳගම අප රැගෙන යයි.

තනි තටුවෙන් පියාඹන්න චිත්‍රප‍ටයේ රූප රාමුවට මුහුණ දෙන්නා දෙබස් නොකියන අතර, දෙබස් කියන්නේ රූප රාමුවට පිටතින් සිටින තැනැත්තාය. එය හඳගමගේ නව හඳුන්වාදීමක් ලෙස මෙන්ම, මේ පිළිබඳ මා සමග කතා කළ සිනමා තාක්ෂණවේදියකු කී පරිදි හඬකැවීම් පහසු කරගැනීමේ උපායක්ද වන්නට පුළුවන. 

හඳගමගේ විකාරරූපී ශෛලිය ඔහුගේ අනන්‍යතාව මෙන්ම කතාවක් සියුම් ලෙස ගොඩනඟාගැනීමේ නොහැකියාව හෝ යථාර්ථය පරාවර්තනය කිරීමේ නොවුවමනාවද වන්නට පුළුවන. මම හඳගමට කැමැත්තෙමි. ඒ ඔහු මාධ්‍ය හමුේ ප්‍රකාශ කරන අදහස් නිසා මිස සිනමාකරුවකු ලෙස ඔහු කර ඇති ප්‍රකාශනයන් නිසා ේ. ඇත්තෙන්ම ඔහු සිය නිර්මාන ඔස්ේ ඔහුව ප්‍රකාශ කර නැත. ඔබට කරන්නට ප්‍රකාශනයක් නැතිනම් ඔබ කිසියම් නිර්මානයක් කරන්නේ කුමටද? සිනමාකරුවකු ලෙස පැවතීම පිළිබඳ හඳගම කතා කර තිබේ. එසේ පැවැත්ම සඳහා චිත්‍රපට කරන ඕනෑතරම් මිනිස්සු සිටිති. අපි ඔවුන්ගේ නිරමාන ගැන කතා කරන්නට කාලය මිඩංගු කරන්නේ නැත. හඳගමට අද වනවිට එවැනි චිත්‍රපට කර සතුටු විය හැකිනම් එය අප බියට පත් කරන තත්වයකි. 

ඉනි අවන් චිත්‍රපටයේ මුල් හරියේදී හඳගම පශ්චාත් යුද සමයේ සටන්කරුවකුගේ දිවිය කේන්ද්‍ර කරගෙන පශ්චාත්යුද සමාජයක ජීවිත සියුම් ලෙස ස්පර්ශ කිරීම මුලපුරයි. එහෙත්, චිත්‍රපටයේ අවසානයේදී ඔහු තමන් පත්තරවලින් කියවා ඇති, ඇත්තද බොරුද කියා තහවුරු කරගන්නට වෙහෙසක්ද නොදරමින් සත්‍ය වන්නට ඇතැයි ඔහු අනුමාන කරන,  අප මීට පෙර ඕනෑතරම් ක්‍රියාදාම චිත්‍රපටවලින් දැක එපා වීද තිබෙන මාෆියා පන්නජවනිකා පෙළකින් අ‍පේ බලාපොරොත්තු සුන් කර දමයි.

ඔහු යුද හා පශ්චාත් යුද සමාජය පිළිබඳ ඉදිරිපත් කරන විකාරරූපී අතිශයෝක්ති චිත්‍රය රස ජනනය කරන එකක් නොවේ. එසේම, එයින් අප තුළ ඇති කරන සංවාදයද ගැඹුරු කතිකාවන්ට මග නොපෙන්වයි. 

සටන්කරුවන්ේ ග්‍රහනයට හසුවීම වැළැක්වීම පිණිස, පියාඋවමනාව පරිදි දෙමළ මධ්‍යම පංතික තරුණියක් විවාහ කරගන්නා ඇගේ පියාටත් වඩා වයසින් වැඩි මනාලයා කාලතුවක්කු පත්තු වන මංගල රාත්‍රියේ ඇගේ කුස තුළ දරු කළලයක් තබා මංගල යහනේම මියඇදෙයි. ඇගේ පැරණි පෙම්වතා යුද්ධයෙන් පසුව නිදහස්ව පැමිණ ඇය දරුවාත් සමග ඔහුගේ නිවසට රැගෙන යයි. නිදහස ලද දෙමළ සටන්කරුවකු වූ ඔහු ජීවත්වනු දැක සාප කරන සටන්කරුවන් වූ දරුවන් තිදෙනෙකු අහිමි වූ පියකුගේ මිනිය කිසියම් පිරිසක් උදෑසනක ඔහුගේ නිවස ඉදිරිපිට දමා යති. පශ්චාත් යුදකාලීන සමාජයේ හිස ඔසවන ධනවාදී ආර්ථිකය තුළ අතිවිශාල ලාභ ලබන ගුප්ත ව්‍යාපාරයක අත්උදව්කරුවකු වන මේ තරුණයා ඒ නිසා පාතාල කල්ලියක තර්ජනයට ලක්වෙයි. ඔහු සඟවා තැබූ අවියක් ගොඩ ගෙන ඒ කල්ලියට එරෙහිව සටන් කිරීමට සැරසෙයි. එහෙත්, ඔහු වෙනුවෙන් ඔහුගේ බිරිඳ ඒ අවිය නාස්ති කරයි. ඔහුගේ ජීවිතයට සම්බන්ධ වන යුද්ධයෙන් පීඩිත තවත් දිළිඳු ගැහැනියක වෙනුවෙන් ඔහු සටන් කරයි. දෙමළ ඩයස්පෝරා සාමාජිකයෝ ආපසු පැමිණ මේ කල්ලිය සමග සම්බන්ධ වී හොරබඩු ජාවාරම් කරති.

මේ විස්තරය චිත්‍රපට ‍ටොරන්ට් සඳහා ලින්ක් සපයන බයිස්කෝප් එල්කේ වෙබ් අඩවියේ චිත්‍රපට ගැන ඇති විස්තර වැනි එකකි. මෙවැනි විස්තරයක් කලින් කියවන්න ලැබුණානම් මම නම් මේ චිත්‍රපටය නොබලන්නට තිබිණි. 

"අපේ අතට තුවක්කු දීලා, උඹලා පාස්පෝට් හදාගත්තා," යයි පුනරුත්ථාපිත තරුණයා ලවා කියවා ජාතීන්ගේ ප්‍රශ්නය පිළිබඳ ගැඹුරු දේශපාලන සංවාදයකට මුල පුරන හඳගම අන්තිමේදී ඒ ඩයස්පෝරා නියෝජිතයා හිස් පාතාලයකු බවට පත් කර සියලු සංවාද අවසන් කරයි. අපට තිබෙන්නේ පරණ ජීවිතම අලුත් විධියකට ගත කරන්නැයි ඩයස්පෝරා තරුණයා පුනරුත්ථාපිත තරුණයාට පවසයි.  සහෝදර ජනයාට රටක් දිනාදෙන්නට සටන් කළ තරුණයා ඉන්පසු පැවැත්ම වෙනුවෙන් වෘත්තීය අපරාධකරුවකු බවට පත්විය යුතුය. ඔහුට එසේ වන්නට සිදුවන සංදර්භය පශ්චාත් යුද සමාජයේ සුසමාදර්ශීය වෙනස සමග සංයුක්ත වන්නේ කුමන විද්‍යාවකින්ද?

හමුදා පොලිසිවලින් තොර, හොරබඩු ජාවාරමට පවා පූර්ණ නිදහස ඇති හඳගමගේ පශ්චාත් යුද සමාජය ඔහුගේම මනෝවිකාරයකි. ඔහුට සැබෑ පශ්චාත් යුද සමාජයක හා යුද්ධයෙන් බැට කෑ මිනිස් ජීවිතවල සියුම් චලනයන්ගේ නාඩි හසුවන්නේ නැත. නැතිනම් ඔහු නාඩි අල්ලන්නට අකැමැතිය. බයය. එයින් එහාට ඉනි අවන් පසුබිම් කරගෙන මේ විෂය ගැන කතා කරන්නටද දෙයක් ඉතිරි නොවේ.

පුනරුත්ථාපිත තරුණයා ඊළඟට කුමක් කළ යුතුදැයි හඳගම අපෙන් අසයි. ඔහු කවුරුද? ඔහු සැබෑ පශ්චාත් යුද සමාජයක පොළවේ පය ගසා සිටින සැබෑ මිනිසෙක්ද? එවැනි මිනිසුන්ගේ සංකේතයක්ද? නැත. ඔහු හඳගමගේ මනෝවිකාරයකි. ඔහු කළ යුතු දේ හඳගම අපෙන් ඇසිය යුතු නැත. හඳගමට ඕනෑ දෙයක් ඔහුට කරගැනීමේ නිදහස ඔහුට තිබේ.

ජාතීන්ේ ප්‍රශ්නය පැත්තකින් තබමු. හඳගමට අති භයානක ලෙස ජීවිතය මගහැරෙමින් තිබේ. මේ වනාහි කුරිරු අපගමනයකි. 

-අජිත් පැරකුම් ජයසිංහ

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-12-25

ධනවාදය හලාල් වීම හා සමාජවාදය හරාම් වීම

අධ්‍යතන සිංහල ජාතිකවාදයට සුළුතර ජාතීන් කෙරෙහි වෛරය පැතිරවීමෙන් තොරව පැවැත්මක් නැත.එයට හේතුව සිංහල ජාතිකවාදයේ මූලික පදනමම ප්‍රතිගාමී ස්වෝත්තමවාදී එකක් වීමයි. රාජ්‍යය තුළ සිංහල ජාතික ආධිපත්‍යය තහවුරු කරගැනීමෙන් පසුව පවා ජාතිවාදීන්ට සැනසීමක් නැත. සෙසු ජාතීන් වඩාත් පරාධීන කිරීමේ නොතිත් ආශාවෙන් පෙළෙන සිංහල ජාතිවාදියෝ සිය කාලය හා ශ්‍රමය යොදන්නේ සුළුතර ජාතීන්ට එරෙහිව සිංහල සමාජය තුළ බිය හා වෛරය පැතිරවීමටයි. 

සිංහල ජාතිවාදී ශ්‍රී ලංකාව වෙනුවට වඩා පුළුල් දේශපාලන ප්‍රජා අනන්‍යතාවක් වන, සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්, වැදි ආදී සියලු වාර්ගික ප්‍රජාවන්ට සමතැන් හිමි ලාංකීය අනන්‍යතාවක් වෙනුවෙන් අප අරගල කළයුතුබව අප කියන්මෙම සංදර්භය තුළයි. ඉතා පැහැදිලිවම එය ආරම්භ කළ හැක්කේ රාජ්‍ය ප්‍රතිසංස්කරණ ඔස්සේය. ජනතාව අතට බලය ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඔස්සේය. 

පෙරේදා ජවිපෙද ජාතිවාදයට එරෙහිව පිටකොටුවේ පත්‍රිකා බෙදාහැරියේය. ජාතිවාදයට උඩගෙඩි දෙමින් දෙමළ සංහාරයක ලේ දෑත්වල තවරාගත් ව්‍යාපාරයක් එවැනි තැනකට තල්ලුවීම නරක නැත. එහෙත් ගැටලුවක් තිබේ. ජවිපෙ කියන්නේ මේ සියලු ප්‍රශ්න විසඳීම සඳහා තමන් ළඟ සමාජවාදය නම් රහස්, ප්‍රාතිහාර්යයක් ඇති බවත්, එය කිරීම සඳහා තමන්ගේ පක්ෂය බලයට පත්කිරීම සඳහා සියලුදෙනා වැඩ කළයුතුබවත්ය. 

මෙම තර්ක හරය ජාතිවාදය ලෝක විනාශය දක්වාම මෙසේ පැවතිය යුතු බවය. මන්ද, අප දන්නා තරමින්නම් සමාජවාදය ගැන ජවිපෙට තිබෙන්නේ සුරංගනා කතාවක් මිස විග්‍රහයක් නොවන නිසාය. සමාජවාදය යනු දැන් සිටම ක්‍රියාත්මක කළයුතු දෙයක් මිස බලය ලැබුණාට පසු කරන ප්‍රාතිහාර්යයක් නොවේ. සමාජවාදය යාවජීව අරගලයකි. සමාජවාදය ගොඩනැඟීම ඔබෙන් පටන්ගත හැකිය. 

නිදසුනක් ලෙස මේ දිනවල තිබෙන හලාල් විරෝධී උද්ඝෝෂණය සලකා බලමු. හලාල් සහතිකය නිකුත්කිරීම සඳහා මුස්ලිම් ප්‍රභූ සංවිධානයක් වූ ජමියතුල් උලමා විශාල මුදලක් අයකරයි. හලාල් සහතිකය නැති ආහාර මුස්ලිම් ජනතාවට හරාම් නිසා, මුස්ලිම් වෙළඳපොළ වෙනුවෙන් ධේශ්වර කර්මාන්තකරුවෝ සිය නිෂ්පාදන වෙනුවෙන් හලාල් සහතිකය ලබාගනිති. ඒ සඳහා වැයවන මුදල් නිෂ්පාදකයෝ භාණ්ඩයේ වෙළඳ මිළට එකතු කරති. ජමියතුල් උලමා මෙසේ උපයන මුදලින් ඉස්ලාම් ආගමේ උන්නතිය වෙනුවෙන් වැඩකරනබව කියති.

අපේ මුස්ලිම් සහෝදරයකු කීවේ ජමියතුල් උලමා කියන පරිදි මේ මුදල් ඉස්ලාම් ආගමේ උන්නතියටවත් යොදවන්නේ නැති බවයි. හලාල් කමිටුව ඉතා දූෂිත එකක් බව කී ඔහු හෙළි කළ කරුණක් වන්නේ එහි දූෂණ සඟවා ගැනීම සඳහා පසුගිය දිනෙක එයින් අස්වූවෙකුට රුපියල් මිලියනයක් දුන් බවයි. ඔහුගේ තර්කය වන්නේ නබිතුමාගේ ඉගැන්වීම් වෙනුවෙන් කොපිරයිට් අයකිරීමට ජමියතුල් උලමාට අයිතියක් නැති බවයි. 

මුස්ලිම් නොවන වෙනත් පාරිභෝගිකයන්ට හලාල් සහතිකය වෙනුවෙන් මුදල් ගෙවන්නට සිදුවීම අසාධාරණය. එය හරියට දෙමළ ජනතාව මර්දනය කිරීම සඳහා හමුදා නඩත්තුකිරීම වෙනුවෙන් දෙමළ ජනතාව බදු ගෙවීම වැනි කරුණකි. 

මෙවැනි ප්‍රශ්නවලදී ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් සිදුවන්නේ සියලු සිංහලයන් හලාල් විරෝධීන් වීම හා සියලු මුස්ලිමුන් හලාල්වලට පක්ෂව පෙනී සිටීමයි. මේ ප්‍රශ්නය විසඳීමටත් අර අද්භූත සමාජවාදය ගොඩනඟනතෙක් බලා සිටිය යුතුද? නැත්නම් ඇතැම් වාමාංශික කණ්ඩායම් තර්ක කරන්නා ේ මුස්ලිම් ජාතිය පීඩිත ජාතියකය යන පදනමින් හලාල්වලට පක්ෂව පෙනී සිටීමද? (මෙවැනි වාමාංශික කණ්ඩායම්වලටද පීඩිත ජාතිය වන්දෙමළ පමණි.)

නැත. මෙතැන සමාජවාදය වන්නේ හලාල් සහතිකය මුවාවෙන් ජමියතුල් උලමා කරන සූරාකෑමට එරෙහිව මෙන්ම සිංහල ජාතිවාදීන්ගේ මුස්ලිම් විරෝධයට එරෙහිවද සටන් කිරීමයි. මුස්ලිමුන් 2050 වනවිට ලංකාවේ ආධිපත්‍යය පිහිටුවනු ඇතැයි භීතිකාවක් සිංහල සමාජය තුළ ඇති කරමින් පතුරුවන මුස්ලිම් විරෝධී මතවාදයන්ට එරෙහිව පෙනී සිටිමින් මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අප පෙනී සිටිය යුතුය. 

පීඩිත මුස්ලිම් ජනතාව හලාල් සහතිකය වෙනුවෙන් ජමියතුල් උලමා අසාධාරණ අන්දමින් මුදල් අයකිරීම වෙනුවෙන් පෙනී සිටියයුතු නැත. ජමියතුල් උලමා මේ මුදල්වලින් මුස්ලිම් ජනතාවට කළ සේවය කුමක්ද යන්න ප්‍රශ්න කළයුතුය. හලාල් කමිටුවේ පාරදෘෂ්‍යභාවය ප්‍රශ්න කළයුතුය. නබිතුමාගේ ඉගැන්වීම් ඔස්සේ කරන සූරාකෑම්වලට එරෙහි විය යුතුය. මුස්ලිම් සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වෙනුවෙන් සටන් කළ යුතුය.

මෙතැනදී පරිස්සම් වියයුතු අනෙක් කරුණ වන්නේ ආණ්ඩුව මේ මැදට පැන හලාල් සහතිකයෙන් තමන්ටද ගානක් ලැබෙන අන්දමින් මේ වැඩේ තමන් අතට ගැනීමට ඇති ඉඩයි. ආගම රාජ්‍යයෙන් ස්වාධීනව පැවතීමද අප අගය කළයුතුය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-12-24

ස්මාට් ෆෝන් යුගයේ දියේ ගිලුණ මිනිස්කම

"මෙම සිද්ධිය වන අවස්‌ථාවේ වන්දනාවේ පැමිණි සියයකට අධික පිරිසක්‌ වැව් කණ්‌ඩියට වෙලා බලාගෙන හිටියා. ඔවුන් කිසිවකුත් අපිට උදව් කළේ නැහැ. ඔවුන් කළේ ඔවුන්ගේ අත තිබුණු කැමරා ෆෝන්වලින් සහ වීඩියෝ කැමරාවලින් අපේ පින්තූර ගත්ත එකයි වීඩියෝ කරපු එකයි විතරයි."

මේ පසුගියදා තිස්සමහාරාම වැවේ බෝට්ටුවක් පෙරළීමෙන් පසු පීනාවිත් දිවි බේරාගත් පුද්ගලයකු කියූ කතාවකි.

"මළ සිරුරු ගොඩට ගන්නා අවස්‌ථාවෙහි මළ සිරුරු ගොඩට ගත් අයගෙන් සමහරු කිව්වා මේ අය මැරිලද නැද්ද කියලා අපි දන්නෙ නැති නිසා ඉක්‌මනට රෝහලට රැගෙන යමු කියලා. ඒ අවස්‌ථාවෙත් වැව්කණ්‌ඩිය දිගට මෙම සිද්ධිය බලන්න ආපු අයගේ රථවාහන පෝලිමේ ගහල තිබුණා. ඒ එක වාහනයක්‌වත් එම සිරුරු රෝහලට ගෙනියන්න ඉදිරිපත් වුණේ නැහැ."

මේ කොටසත් උපුටා දැක්විය යුතුය. "පසුව ත්‍රීවිල් රථ රියෑදුරන් දෙදෙනකු ඉදිරිපත් වෙලා දියේ ගිලුණු අයගේ සිරුරු රෝහලට රැගෙන ගියා."

ස්මාට් ෆෝන් යුගයේ ස්මාට් මිනිසුන්ගේ මේ හැසිරීම් අප තේරුම් ගන්නේ කෙසේද?

මේ ස්මාට් මිනිසුන් වැඩිදෙනෙකුට පීනන්නට බැරිබව සත්‍යයකි. දියේ ගිලෙන මිනිසකුගේ දිවි බේරාගැනීම සාමාන්‍ය පිහිනුම්කරුවකුට පවා පහසු නැත.

ඒත්, දියෙන් ගොඩගත් මිනිසකු රෝහලට ගෙනයාමනම් කළ නොහැකි දෙයක් නොවේ. එහෙත් මිනිසුන් එසේ කරන්නේ නැත. තමන්ට නීතිමය කරදර සිදුවනු ඇතැයි හා වාහනවල ලේ තැවරෙනු ඇතැයි ඔවුහු බියවෙති.

එහෙත්, මේ අය පසුව මේ ඡායාරූප බෙදාගැනීමට හෙවත් ෂෙයා කිරීමට පසුබට නොවෙති. මිතුරන්, ඥාතීන් සමග එක්වෙමින් ඔවුහු මේවා බලමින් "ඔන්න දැන් මූ ගිලෙනවා" ආදී දේ කියමින් මේවා බලති. "මචං මටත් දීපන්" ආදිය කියමින් හුවමාරු කරගතිති.

යමෙකු මාධ්‍යකරුවකුනම් මෙවැනි අවස්ථාවක ඔහු සිය මූලික රාජකාරියට ප්‍රමුඛත්වය දීම තේරුම් ගන්නට පුළුවන. ස්මාට් ෆෝන් යුගයේ කවුරුත් ජනසන්නිවේදකයෝය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-12-23

තාත්තා දරුපවුල පිළිස්සීම, ප්‍රශ්න පත්තර ලීක්වීම, ජාතිවාදය, ධනකාමය ..................

ශ්‍රී ලංකාව මේ වනවිට නෙළාගනිමින් සිටින්නේ පසුගිය දශක ගණනාවක් තිස්සේ වපුරනු ලැබූ ජාතිවාදයේ, ධනවාදී පරිභෝජනවාදයේ හා මිථ්‍යාවේ අස්වැන්නයි.

දෙමළ බස කතා කරන්නාට එරෙහිව සිංහලයාත්, සිංහල බස කතා කරන්නාට එරෙහිව දෙමළ බස කතා කරන්නාත් උසිගැන්වීම පිණිස සිංහල, දෙමළ දෙජාතියේම නායකයන් විසින් පසුගිය සමයේ ප්‍රවර්ධනය කරනු ලැබූ ජාතිවාදී හා ස්වෝත්තමවාදී අදහස් පද්ධතියේ ඵලයකි, අද රටේ පවත්නා තත්වය. මෙහිම කොටසක් ලෙස සමාජවාදී අදහස් සමාජයෙන් තුරන් කරන ලදී. නැතිනම් ඒවා ජීවිතයට සම්බන්ධ නැති පොතපතේ පමණක් ඇති දේ බවට පත් කරන ලදී. ඒ තත්වයටනම් ප්‍රධාන වශයෙන් වගකිව යුතු වන්නේ වාමාංශිකයෝ, බුද්ධිමත්තු, කලාකරුවෝ ආදීහුය.

විශේෂයෙන්ම සිංහල හා දෙමළ ජාතිවාදයන් ප්‍රවර්ධනය කිරීම පිණිස බටහිර විද්‍යාවට එරෙහි මතවාදයන් යොදාගැනීම පසුගිය සමයේ විලාසිතාවක් විය. බටහිර විද්‍යාව යනු දාර්ශනික තලයකදී ඉතා පරිස්සමෙන් සංවාදයට භාජනය කළයුතු දෙයකි. එය කළ යුත්තේ සමාජය පසුගාමිත්වය වැළඳගැනීම වැළැක්වීමේ වගකීමකින් යුතුවය. එහෙත් නලින්ද සිල්වා වැනි අය ඒ සඳහා යොදාගත්තේ ජාතිවාදය වැපිරීම පිණිස යොදාගන්නා දිවයින කොලමයි. එහි ප්‍රතිඵලයක් ලෙස මේ සංවාදය ශාස්ත්‍රීය තලයෙන් ඔබ්බට ආවේ අවිද්‍යාව වන්දනාමාන කරන තත්වයක් නිර්මානය කරමිනි.

අවසානයේදී නස්රුදීන්ගේ කතාවක සිදු වූ ආකාරයට බටහිර විද්‍යාවට එරෙහිව මතවාද ප්‍රවර්ධනය කරමින් සිටි නලින් ද සිල්වා පවා අවිද්‍යා අන්ධකාරයේ ගිලී දේව කන්නලව් පසුපස යන්නට පටන් ගත්තේය.

අද සිදුවී තිබෙන්නේ කුමක්ද?

රට පුරා භූත ආතුරයෝය. කොඩිවින කපන්නෝය. නැකැත්කරුවෝය. ගස් ගල් වඳින්නෝය. නිදන් හාරන්නෝය. පිටසක්වල ජීවියෝය. අද්භූත ආලෝක ධාරාය.ලෝක විනාශ, භූමිකම්පා, සුනාමි ආදිය ගැන පේන කියන්නෝය. එදා වේල පිණිස මේ පිස්සන් පසුපස යන මාධ්‍යකාරයෝය. දවස තිස්සේම මේ ගැන බණ කියන්නෝය. බණ අහමින්ම ධනය පොදි බැඳීමට මුල් තැන දෙන්නෝය. සමස්ථයක් ලෙස ලංකාවේ සිදු වී ඇත්තේ මිථ්‍යාව හා ධනකාමය දහම කරගත් අතාර්කික, දෙබිඩි, නොමිනිස් ජීවී පරපුරක වාසස්ථානයක් බවට පත්වීමයි.

අපි ආසන්න සිද්ධි කීපයක් විමසා බලමු. පෞද්ගලික අංශයේ විධායක නිලධාරියකු ගිය සතියේ සිය බිරිඳත්, තුන්හැවිරිදි දරුවාත් ගෙල සිර කර මරා දමා කිරිදරුවා පණ පිටින් පිළිස්සුවේය. ටයි ඇඳගෙන, එක්ස්කියුස් මී, සොරි ආදිය කියමින් ව්‍යාජ සමාජශීලීත්වයකින් හැසිරෙන, තමන් යටතේ වැඩකරන අය ඉලක්ක සපුරාගැනීම සඳහා හරකුන් සේ දක්කන, මිනිස් සම්බන්ධකම්වලට වඩා ඇඳුම, කාරය, නිවස ගැන සැලකිලිමත් වන මෙවැනි වෘත්තිකයෝ කොතෙකුත් සමාජයේ සිටිති. සුදු, හුරුබුහුටි, ලාබාල ලොලිටාවෝ මේ පෙළැන්තියේ බොහෝදෙනෙකුගේ ග්‍රස්ථියකි. ඉහත කී අපරාධකාරයා ඒ අපරාධය සැබැවින්ම කළේය. තව බොහෝ අය එය මනසින් කරති.

මේ පෙළැන්තියේ අයගේ පරමාදර්ශ වන සනත් ජයසූරිය වැනි අය ලිංගික, පවුල් හා සමාජ ජීවිතයේදී හැසිරෙන ආකාරය බලන්න.

අද සාමාන්‍යයෙන් සමාජ සම්භාෂණවල තිබෙන මාතෘකා මොනවාද? කාර්, මොබයිල් ෆෝන්, ඉඩම්, ගෙවල්, බඩුගැසීම්, ලෙඩ, ජ්‍යෝතිෂය හා ආණ්ඩුවේ දූෂණවලට තමන්ටත් සෙට් වෙන්නට ක්‍රම ගැන කතාකිරීම හැර වෙනත් හරවත් දෙයක් කතාබහට ලක්වෙනවාද?කතාබහ කලත් ඒවා ජීවිතයට සම්බන්ධ වෙනවාද?

අපි තවත් සිද්ධියක් ගෙන බලමු. ඒ සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 19ක් ලීක්වීමයි. විභාග දෙපාර්තමේන්තුවේද වැඩ කරන්නේ මේ සමාජයේ සිටින සෙසු මිනිස්සු වැනිම අයයි. එය දූෂණ සුලබ තැනකි. ඒ කාරණය පැත්තකින් තියමු. සෙසු ටියුෂන් ගුරුවරුන් අභිභවා යාම පිණිස ප්‍රශ්න පත්‍ර සොරකම් කිරීම ටියුෂන් ක්ෂේත්‍රයේ සුලබ සංසිද්ධියකි. දෙමව්පියන් සිය දරුවන් පංති යවන්නේද, සිසුන් වඳින්නේ පුදන්නේද එවැනි සොරුන් වෙතය. 

අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාර්ථක මිනිසුන් මනින්නේ ඉතා පැහැදිලිවම ධනයෙනි. ටියුෂන් ගුරුවරුන් වාහන මාරු කරන්නේත්, තිරිහන් වන්නට උත්සාහ කරන්නේත් ඒ වෙනුවෙනි. පාසල් සිසුන් අනුගමනය කරන්නේ මේ ධනකාමීන් මිස වෙනත් පරමාදර්ශ නොවේ. 

සිසුන් ටියුෂන් පංති යන්නේ  ගුරුවරයා තමන් නිකම් සිටියත් විභාග සමත් කළහැකි ප්‍රාතිහාර්යකරුවකු ලෙස සලකමිනි. උදාහරණයක් ලෙස, පසුගිය කෙටි කාලය තුළ ඉංග්‍රීසි ටියුෂන් දැන්වීම් පරිණාමය වී තිබෙන ආකාරය බලන්න. දැන් එක් දිනකින් ඉංග්‍රීසි උගැන්වීමට සමත් ගුරුවරු පවා දැන්වීම්වල සිටිති.

සමස්ත සමාජයම ‍සොයමින් සිටින්නේ ප්‍රාතිහාර්යයන්ය. මව්පියන් සිය දරුවන් දොස්තරවරු වැනි වෘත්තිකයන් බවට පත් කරන්නට උත්සාහ කරන්නේ ඉතා ඉක්මණින් මුදල් හා සමාජ තත්වයක් හම්බ කරගන්නටයි. ධන හා බල හිනිපෙතේ වේගයෙන් ඉදිරියට යන්නට මාර්ගය දේශපාලනයයි. 

කාටත් අවශ්‍ය ඉතා ඉක්මණින් මුදල් උපයන්නටය. වාහන මාරු කරන්නටය. තට්ටු පිට තට්ටු ගෙවල් හදන්නටය. රට යන්නටය. ජාතික ධනය සූරාකන්නටය. 

මේ මාර්ග වෙත ඉක්මණින් පිවිසෙන්නට ප්‍රාතිහාර්ය අවශ්‍යය. ඒ නිසා තව පිරිසකට ප්‍රාතිහාර්යකරුවන් ලෙස පෙනී සිටීමෙන් ධනවතුන් හා බලවතුන් බවට පත්වීමේ අවස්ථාවක් ලැබී තිබේ.

ඒ ප්‍රාතිහාර්යකරුවන් අතර තවත් ඇතැමෙක් දාර්ශනික ගැලවුම්කරුවෝ ලෙස පෙනීසිටිති. ඔවුහු බණ කියති. ජනප්‍රිය බණකාරයන් වන්නට තරග කරති. බණට මුදල් අයකරති. විමුක්තියටත් මාකට් එකක් තිබේ.

මේ සටහන සම්පූර්ණ නැත. මන්ද, ප්‍රශ්නය සංකීර්ණ නිසාය. අවශ්‍ය අප මේ ගැන කතාකිරීම මිස මුල, මැද, අග සම්පූර්ණ විග්‍රහ නොවේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-12-20

ගුනදාස අමරසේකර අරුණලු දකින්නේ කවදාද?

ගුනදාස අමරසේකර ලංකාවේ විශිෂ්ටම නවකතාකරුවන් අතරින් කෙනෙකුබවට තර්කයක් නැත.

ලේඛකයා යනු කවරෙක්ද? ඔහු තවත් එක් වෘත්තිකයකු පමණි. ඔහු අනිවාර්යයෙන්ම මානව හිතවාදියකු, යථාර්ථවාදියකු, ප්‍රගතිශීලියකු විය යුතු නැත.

විශිෂ්ට ලේඛකයකුට කෙතරම් වර්ගවාදියකු, ප්‍රතිගාමියකු හා මානව පමණක් නොව ඉතිහාස විරෝධියකු පවා වීමට පුළුවන්ද යන්නට නිදසුනකි, ගුනදාස අමරසේකර.

අමරසේකරට වතුර කොරහේත් ඇමරිකන්, බටහිර හා කොටි කුමන්ත්‍රණ පෙනීම ඔහුගේ සමාජ න්නෝන්මාදයේ දීර්ඝකාලීන රෝග ලක්ෂණයකි. ජාතිවාදය යනු ලංකාවේ බොහෝ සිංහල, දෙමළ මිනිසුන්ගේ පොදු රෝගයක් බැවින් එය එතරම්ම අසාමාන්‍ය නැත. ඒ නිසා ගුනදාස අමරසේකරගේ ජාතිවාදී අදහස් පවා යම් පමණකට ඉවසිය හැකිව තිබිණි.

එහෙත්, මේ විශිෂ්ට මිනිසා දැන් කොන්දේසි විරහිතවම ආණ්ඩුව විසින් දෙනු ලබන ඕනෑම අසූචි බාල්දියකට කරගැසීමට සූදානම්වීම ඇත්තෙන්ම ගුනදාස අමරසේකර යන නමටද කැළලකි. ගුනදාස අමරසේකරට තමා කැමතිනම් ජාතිවාදියකු, ඉතිහාස විරෝධියකු වීමට අයිතියක් ඇත. දීනයකු, බැලයකු වීමට වුව හැකිය.

ඒත්, මෙතරම්ම ලජ්ජා විරහිතව

කුමන මතයක් ප්‍රකාශ කරමින් වුව ෝ කතාකරුවකු ලෙස සිටියයුතු ේ මහළු මිනිසා පුවත්පත්සාකච්ඡා කතාකරුවකු බවට පත් කරන ගැරඬියා පවා දරණුවට තබා වළං බාන මිනිසුන් කරන්ේ තමන්මෙන් ොවූ වටිනා කාලයක්, ශ්‍රමයක් නාස්ති කරදැමීමයි. 

ගු
ඇයිද ප
මෙමෙ වු
ඔබට අ   

මෙහෙම ලියන්නට හේතු වුණ ප්‍රවෘත්ති මාලාවක් අතරින් එකක් මෙන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-12-18

රාජපක්ෂ පාලනයේ වසන්තය නිමාවෙමින් තිබේ

කරුණු කීපයක් නිසා මහින්ද රාජපක්ෂ පාලනය අර්බුදයට ගොස් තිබේ. ඉන් පළමුවැන්න ආර්ථික කළමනාකරණයේ අසමතුලනයයි. ඔවුන් විසින් ලංකාවේ ප්‍රවර්ධනය කරමින් සිටින සංචාරක කර්මාන්තය (හා විදේශ රැකියා) මූලික කරගත් ආර්ථිකය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඔවුන් දරන පිරිවැය මේ වනවිට ලංකාවේ ජනතාව මත සුවිසල් බදුබරක් පටවා ඇත.

මෑතදීම කරන ලද පෙට්‍රල් මිළ වැඩිකිරීම මේ බදුබරේ අලුත්ම පියවරයි. සියලු බර දරා සිටින මහජන බූරුවාගේ කොන්ද කැඩෙන පිදුරු ගස කොයි මොහොතේ හෝ පටවන්නට ඉඩ තිබේ.

දෙවැන්න, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කාරණයයි. ස්වභාවිකවම ප්‍රජාතන්ත්‍රවාදයට නැඹුරුවක් නැති ග්‍රාම්‍ය මානසිකත්වයක් සහිත පාලක පවුල තමන් විසින්ම පත් කරගන්නා ලද දූෂිත අගවිනිසුරුවරියට එරෙහිව මතු කරගෙන ඇති දෝෂාභියෝග අර්බුදය සියතින්ම කරගන්නා ලද හානියකි.

දුර්වල පෞරුෂයක් වන අගවිනිසුරුවරිය පාලනය කරගැනීම සඳහා ඇය විසින්ම ඇද දී තිබුණු රැහැන් පාවිච්චි නොකර, ඒකාධිපතිවාදී සංදර්ශනයක් පවත්වන්නට යාමෙන් මේ වනවිට පාලක‍ රෙජිම පස්ස බිම ඇනගෙන ඇත.

බටහිරට ලෝක ආධිපත්‍යය අහිමි වෙමින් තිබෙන වත්මන් සංදර්භය තුළ බටහිරට ගැලවුම ඇත්තේද ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම තුළය. එසේම ලෝක බලතුලනය වෙනස්වීම මහින්ද රාජපක්ෂ පාලනය බලාපොරොත්තු වනතරම් ඉක්මණින් සිදුවන්නේ හෝ ඔවුන් බලාපොරොත්තුවන අන්දමින් ප්‍රජාතන්ත්‍රවාදයේ සිට රාජ්‍ය ඒකාධිපතිවාදය දෙසට සිදුවන්නේ හෝ නැත. එබැවින් මෙවැනි අර්බුද ඇති කරගැනීම රාජපක්ෂ පාලනයේ යහපතට හේතු වන්නේ නැත. රාජපක්ෂ පාලනය සිය දහසකුත් එකක් ෂ අතරට ෝෂාභිෝග ෝෂයත් එකතු කරගෙන බටහිරින් ේම ඉල්ලමින් සිටියි.

ලංකාවට ආසන්නයෙන්ම පිහිටි කලාපීය බලවතා වන ඉන්දියාව මෙහිදී ඉතා වැදගත්ය. මන්ද ඉන්දියාව තනි බලයක් නොව බටහිර ආශිර්වාදලත් බලයද වන බැවිනි. චීනය සමග එක්වී ඉන්දියාවට ගේම දෙන්නට ලංකාව දරන වෑයම මුග්ධකමකි. ඇත්තෙන්ම, මෙය චීනය විසින් බලාපොරොත්තු වන තත්වයක්ද නොවේ. එහෙත් ලංකාව පැනලා දෙනවිට චීනයට එය නොගෙන සිටීමට හේතුවක්ද නැත.

නිදසුනක් ලෙස ලංකාවේ වාහන ආනයන බදු මේ වනවිට ඉන්දියාවේ වාහන කර්මාන්තයට දැඩිලෙස බලපා තිබේ. ලංකාව ඒ අතරේ චීනයේ ගීලි කාර් කොම්පැනියේ එකලස්කිරීමේ කම්හලක් හම්බන්තොට පිහිටුවීමට උත්සාහ කරමින් සිටින්නේ ඉන්දියාවේ වාහන කර්මාන්තයේ මිනී පෙට්ටියට ඇණය ගසන්නාක් මෙන් සතුටිනි. එහෙත්, ලංකාවේ ආණ්ඩුව තේරුම් නොගන්නා කරුණ වන්නේ චීනයට මෙය තවත් එක් බිස්නස්එකක් පමණක් බවයි.

තීරණාත්මක අවස්ථාවකදී චීනය ලංකාවට කියනු ඇත්තේ ඉන්දියාව කියන විදියට කරන්න කියන කරුණයි. නැතිව වත්මන් චීනය කියන්නේ ලංකාව වෙනුවෙන් ඉන්දියාව සමග යුද වදින රාජ්‍යයක් නොවේ.

ඉන්දියාව අවුස්සාගැනීමේ ආදීනව විඳින්නට සිදුවනු ඇත්තේ ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව හැසිරෙන ආකාරයට ප්‍රතිචාර ලෙසයි. මන් මෝහන් සිං පාලනය හැමදාම පවතී යයි බලාපොරොත්තු විය නොහැකිය. 2014දී පැවැත්වීමට ඉඩ ඇති මහමැතිවරණයකදී ලංකා විරෝධය ලොකු බලපෑමක් වනු ඇත.

දෙමළ ජනයාගේ දේශපාලන බලය පිළිබඳ ඉල්ලීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය වන්නේ කිසිවක් නොදීමයි. තම පවුලෙන් හා එහි අන්තේවාසිකයන්ගෙන් පිට කිසිවකු සමග බලය බෙදාගැනීමට සූදානම් නැති ඒකාධිපති පාලනයකින් ජාතීන්ගේ ප්‍රශ්නය හෝ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම විෂයෙහි තීරණාත්මක මැදිහත්වීමක් අපේක්ෂා කිරීම ඉබ්බන්ගේන් පිහාටු පැතීම වැනි දෙයකි.

දැන් නැවතත් දෙමළ ජාතිකවාදය හිස ඔසවමින් තිබේ. ආණ්ඩුව සුපුරුදු මර්දනය මුදාහැර තිබේ. තත්වය ත්‍රස්තවාදයට යළි දළුලන්නට පස සකසා තිබේ. මෙය සිංහල ජාතිවාදීන්ටද යළි අවස්ථාවක් උදා කරදෙනු ඇත.

කෙසේ වෙතත්, රාජපක්ෂ පාලනයේ වසන්තය නිමාවෙමින් තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-12-17

යාපනයේ තරුණ මර්දනය ඇයි?

දකුණේ ඉල්මහ විරු සමරුවක්
ආණ්ඩුව මේ වනවිට යාපනයේදී ජාතීන්ගේ ප්‍රශ්නයට 'විසඳුම්' දෙමින් සිටි‍යි. 

පසුගිය 'මහවිරු දිනයේදී' මියගිය සිය නෑ මිතුරන් වෙනුවෙන් පහන් දැල්වූ 'වරදට' සරසවි සිසුන් ප්‍රමුඛ යාපනයේ මිනිසුන් අත්අඩංගුවට ගෙන  සිරගත කරනු ලබමින් තිබේ. 

ලංකාවේ සිංහල තරුණයෝ 1971දී හා 1989දී කැරැලි ගැසූ අතර ඒ කැරැලිවලින් මියගිය අය අවුරුදු පතා සැමරීම සඳහා මහා උත්සව පැවැත්වීම සඳහා කිසිදු බාධාවක් නැත.

මියගිය මිනිසුන් වෙනුවෙන් පහන් දැල්වූ පළියට ඔවුන් නැගී සිටිනු ඇතැයි ඝාතකයින් බිය විය යුතු නැත. අනෙක් පැත්තෙන් ඝාතකයින්ට දේශීය මහජන හා රාජ්‍ය ආරක්ෂාවද ජාත්‍යන්තර නීතියේ දුබලතාවල රැකවරණයද ලැබී, අපරාධ සම්බන්ධයෙන් මුක්තිය තහවුරු වී තිබෙන සංදර්භය තුළ කුමට බිය වන්නද? 

මෙතරම් බිය හෘදය සාක්ෂියටද? එය නම් පිළිගත නොහැකිය. ඔවුන්ට හෘදය සාක්ෂියක අංශුමාත්‍රයක්වත් තිබේ යයි මෙතරම් කලක්නම් පෙනෙන්නට තිබුණේ නැත.

එසේනම් ආගමට බයද? මොවුන් වනාහි ගස් ගල් වඳින ප්‍රාථමික ආගම් අදහන්නෝය. ඔවුන්ගේ ආගම් දියුණු ආගම් නොවන ඔවුන්ට සැනසීම ලබාගැනීම සඳහා ඕනෑ ආකාරයකට විග්‍රහ කරගතහැකි ආගම් වේ. 

මේ ඔවුන් දන්නා දේශපාලනයයි. ඔවුන් දන්නා දේශපාලනය ජාතිවාදය හා මර්දනයයි. ඔවුන් බලාපොරොත්තු වන අන්දමට දෙමළ මිනිසුන් සිතන එකත් නතර කළ යුතුය.

මේ වනාහි පාලකයන්ේ ජාතිවාදී මුග්ධකේ තරමයි. මර්දනයෙන් මිනිසුන්ේ සිතුවිලි පවා පාලනය කළ හැකි යයි ඔවුහු සිතති. 

ලංකාේ ජාතීන්ේ ප්‍රශ්නයට ේ විසඳුම කිසිදා සාර්ථක ොවන එකකි. මෙයින් සිදුවන්ජාතිවාදයට බර වූ රැඩිකල් දෙමළ ේශපාලනය නැවතත් ත්‍රස්තවාදය වෙත තල්ලුවීම පමණකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-12-15

ඔබත් පාර්ලිමේන්තු සිහිවටනයක් මිළදීගන්න

ලංකාවට එන විදේශ සංචාරකයන්ට සිහිවටනයක්‌ ලෙස විකිණීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ ආකෘතියක්‌ ඇමැති ඩග්ලස්‌ දේවානන්දාගේ උපදෙසින් නිර්මාණය කර තිබෙන බව අද දිවයින පුවත්පතේ දැක්වේ.

ලංකාවට එන විදේශ සංචාරකයන් මේ දැවැන්ත සිහිවටනය රැගෙන යනු ඇතැයි දේවානන්දා බලාපොරොත්තු වනු ඇත.

මේ සිහිවටනය නිකම් විකිණෙන්නේ නැ. එය අලෙවි කළ යුතුය. ඒ සඳහා ලංකාවේ පාර්ලිමේන්තුවේ ඇති වැදගත්කම පැහැදිලි කර දිය යුතුය.

දේවානන්දා වැනි ත්‍රස්තවාදීන් අවි අත දරාගෙනම ඡන්ද විස්සෙන් තිහෙන් තේරී පත්වී දිගු ගමනක් පැමිණි පාර්ලිමේන්තුව මෙයයි.

ලංකාවේ කළු සල්ලිවලින් සුදු වූ රෙදි ඇඳගත් ලජ්ජා රහිතම මිනිසුන් සිටින තැන මෙයයි.

ජනතාව බලවත්ම පල් හොරුන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, මහජන දේපල සොරකම් කරන්නන් ආදීන් තෝරා පත් කර එවන ස්ථානය මෙයයි. 

මෙහි නිෝජිතයකු වීමට මුවාවී මහජන මුදලින් අසීමිත සැප සම්පත් විඳින මිනිසුන් සිටින පාර්ලිේන්තුව මෙයි. 

මේ ලැයිස්තුවට ඔබේ අදහසුත් එක්කරන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-12-12

දෝෂාභියෝගයේ අලුත්ම ඩීල්එකද මේ?

අගවිනිසුරු ශිරානි බංඩාරනායකට එරෙහි චෝදනා විමර්ශනය පිණිස පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කමිටුව ජනාධිපතිවරයා විසින් දෙකේ කොළේට දමා තිබේ.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ නව බහු මහල් ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීම නිමිත්තෙන් ඊයේ (11) පැවැති උත්සවය අමතමින් ජනාධිපතිවරයා කළ කරුණු දැක්වීමෙන් පෙනී යන්නේ ඔහු සිය මුල් සැලැස්ම වෙනස්කරන්නට සැරසෙන බවකි.

දෝෂාභියෝග වාර්තාව සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීම සඳහා ස්වාධීන කමිටුවක් පත්කිරීමට පියවර ගන්නා බව දැන් ඔහු පවසයි.

එවැනි කමිටුවක් ගැන පොතක පතක ලියවී නොමැති බවද, නීතියක් නොමැති නමුත් එය තමා සෑහීමට පත්වීම සඳහා කරන්නක් බවද මේ උතුම් මහතා කීයා සිටී.

මේ පිළිබඳ එතුමා හරිහැටි නොදැන සිටි බවද, අර එතුමාගේ හොඳකම නිසා මෙය කරගෙන ගිය නසරානින්ට එය කරන්නට බුරුල දුන් බවද එතුමාග් ප්‍රකාශයෙන් පෙනේ.

අල්ලස් කොමිසම වෙත ගොස් පැමිණිලි කොට දෝෂාභියෝගයක් රැගෙන එන බවට ප්‍රචාරය කළ බවත්, පසුව අදාළ දෝෂාභියෝගයට අත්සන් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ බවත්, කමිටුවක් පත්කොට වාර්තාවක් නිකුත් කිරීම සිදුවූ බවත් දැන් එය පාර්ලිමේන්තුවේ පවතින බවත් සඳහන් කරන එතුමාණෝ "වෘත්තියෙන් නීතීඥයකු වශයෙන් මේ පිළිබඳව කණගාටුවන බව සඳහන් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අධිකරණය හෑල්ලුවට ලක් කිරීම සම්බන්ධයෙන් තමා විරුද්ධ වන බවද යම් පුද්ගලයකුගෙන් වරදක් සිදුවී නම් එය ප්‍රසිද්ධ නොවිය යුතු බවද පැවැසීය." (දිනමිණ)

අනේ මේ මානව දයාව මොකද? විරෝධය නිසාද?

අනෙක යම් පුද්ගලයකුගෙන් වරදක් සිදුවී නම් එය ප්‍රසිද්ධ නොවිය යුතුය කියා එකක් තිබෙන්නේ කොහේද? අගවිනිසුරුවරිය විෂමාචාරවල යෙදුණිනම් ඒක ප්‍රසිද්ධ නොකර තබාගතයුතු එකක්ද?

මේගොල්ලෝ ඩීල් එකක් දාගෙනද? 

නැතිනම් අධිකරණය හෑල්ලුවට ලක්කිරීේ අරමුණ දැන් සම්පූර්ණ නිසා ේ කියන්ේ දැන් ඉතින් අල්ලලා දාලා අපඕනැ හැටියට නටවන්න තියාගමු කියාද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-12-11

අධිකරණ අර්බුදයේදී අප ගතයුතු මග කුමක්ද?

අගවිනිසුරුවරියගේ ක්‍රියාකලාපය බරපතල ප්‍රශ්න මතුකරයි. එහෙත් ඇයටද සාමාන්‍ය පුරවැසියකු ලෙස සාධාරණ නඩුවිභාගයක් සඳහා හිමිකමක් ඇත. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඇයට එවැනි සාධාරණ නඩු විභාගයක් සඳහා අවස්ථාව දී නැත.

වීදි බැස උද්ඝෝෂණ කරන්නන් සටන් කරන්නේ අසරණ සාමාන්‍ය පුරවැසියකුට සාධාරණ නඩු විභාගයක් දිනාදීම සඳහා නම් එයට කාගේත් සහයෝගය ලැබිය යුතුය.

මේ වනවිට මෙම සිද්ධිය ලාංකීය පාලන ක්‍රමයේ ගැඹුරු න්‍යායික හා ප්‍රායෝගික අර්බුදයක් බවට පත් වී තිබේ. ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ඇති වී තිබෙන ගැටලුව ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ අභියෝගයකි. මහජන උද්ඝෝෂණ අරමුණු කරගත යුත්තේ වඩා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ප්‍රතිසංස්කරණයකි.

එහෙත්, බොහෝ විරුද්ධ පාක්ෂිකයන්ට අවශ්‍යව තිබෙන්නේ මහින්ද රාජපක්ෂ පවුල් පාලනය පෙරළා දැමීම සඳහා කුමක් හෝ කරත්තයක නැගීමටයි. මහින්ද රාජපක්ෂ පවුල් පාලනය යනු ප්‍රජාතන්ත්‍රවාදය හරහා වැටුණු පොල්ලක් බවට තර්කයක් නැත. එහෙත්, එය ශක්තිමත්, මුල් බැසගත් බලවේගයකි. එය සෙලවීම ලෙහෙසි නැත.

ඔවුන්ගේ කෙරුවාවල් සමග සන්සන්දනය කර බැලූ කල අගවිනිසුරුවරියගේ කෙරුවාවල් නතිංය. එහෙත්, එහිද සම්තිං තිබේ. ලොකු වැරදිකරුවන්ට එරෙහිව සටන් කරන්නට පොඩි වැරදිකරුවන් පසුපස පෙළගැසීම අපනම් දකින්නේ මුග්ධකමක් ලෙසයි. 

වඩා බලවත් ව්‍යවස්ථාදායකයද, අධිකරණයද යන්න පීඩිත ජනතාවගේ ප්‍රශ්නයක් නොවේ. මන්ද, මේ දෙකම විසින් කරන්නේ පීඩිතයා තවත් පීඩාවට පත්කිරීම වන බැවිනි. එහෙත් ඒ සංවාදය ඔස්සේ  මතු කරගතහැකි වෙනත් කාරණා තිබේ. 

මහජන නියෝජිතයෝ වැඩිදෙනෙක් අවිධිමත් අන්දමින් පත් වූ නුසුදුස්සෝය. එහෙත්, ඔවුන් කවදා හෝ මහජනතාව ඉදිරියට පැමිණිය යුතුය.

නඩුකාරයන් පත්වන්නේ විධිමත් අන්දමකටද? අවෘත්තික, නිර්දය සූරාකන්නන් පිරිසක් වන ලංකාපසුගාමී නීතිපෙළැන්ති ආධිපත්‍යයට යට කරන ලද අධිකරණය සාධාරණද? නිදහස්ද? සාමාන්‍ය පුරවැසියකුට මෙතැනින් යුකිතිය දිනාගැනීමට තිබෙන අවස්ථාව සාධාරණද? මේවාේ සිටින නඩුකාරයෝ දේශපාලකයන් තරමට කවදා හෝ කාට හෝ වගකියනවාද? 

ේවා ගැන සිතා බලනවිට අසාධාරණ, අත්තෝමතික නඩු තීන්දු නිසා විඳවන දිළින්දන් ගැන සිහිපත් කරගැනීම වැදගත්ය. 

මෙවැනි සංදර්භයක් තුළ අධිකරණයේ උත්තරීතරභාවයක් වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ කුමටද? 

තුලනයක් තිබිය යුතුය. තුලනය නැති වී තිබෙන්නේ පවත්නා ක්‍රමයේ අර්බුදය නිසාය. අප මැදිහත් විය යුත්තේ මේ අර්බුදය ඔස්සේ පීඩිත ජනතාවට වැඩි ප්‍රජාතන්ත්‍රවාදයක් හා නිදහසක් දිනාගැනීම පිණිස උපක්‍රමශීලී ලෙසය. 

නැතිව එක් සොරෙකුට එරෙහිව තව සොරෙකු හෝ සෙරක තොරොම්බල් කරන්නට නොවේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-12-09

අභියෝගෙට මෙන්න නීති උපදෙස්!

අගවිනිසුරුතුමිය වැරදිකාරිය බව ඉන්ස්ටන්ට් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් තීන්දු කර තිබේ. 

එයනම් පට්ට ජෝක් නඩු විභාගයකි. ඒ වුණාට ඒ නඩුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූලය. ඒවා ව්‍යවස්ථාවට අනුකූලය. එතකොට නියම ජෝක් එක මේ ව්‍යවස්ථාවය. ඕක ඉතින් අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. ජනතා පරමාධිපත්‍යේ මුදුන් මල්කඩ කීවාම ඇතිය.

ලංකාවේ පොඩිමිනිස්සුන්ට පටලවනු ලබන රථවාහන වැරදි, ඩෙංගු වැරදි වැනි සුළු වැරදි සම්බන්ධ නඩු අහන්නේත් ඔය විදියටම බව හා ඒවායේ පරම අරමුණ නීතිඥයන් හා ආණ්ඩුව මහජනයාගෙන් දඩමුදල් ගසාකෑම පමණක් බව අගවිනිසුරුතුමියනි ඔබ දන්නවාද? 

කොහොමවුණත්, දොෂාභියෝගයට එ‍රෙහි අරගලය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් චාන්ස් නැති හා මදි අයට එජාප ආණ්ඩුවක් තල්ලුකරගැනීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ රාජ්‍ය නොවන සංවිධානවලට සල්ලි ටිකක් පොම්ප කරගැනීමටත්, මොනවා හෝ කිරීම අරමුණු කරගත් අපේ වාමාංශික සහෝදරයන්ට ටික කලක් පිකටිං, පෙළපාලිවල රස්තියාදුවෙමින් උගුර ලේ රහකරගනිමින් ස්වපීඩක ආස්වාදයක් ලබන්නටත් අවස්ථාවක් ලබාදෙනු ඇත.

ඕනෑනම්, ේ අලකලංචි අලුත් චින්තනයක් මුවහත් කරගන්නට හා සංවාද ෝෂණය කරගන්නටත් ොදාගන්නට වුව බැරි නැත. 

කෙසේවෙත්, අප මේ ගොඩ පෙරකදෝරු උපදෙසක් දෙන්නට යන්නේ අපේ අගවිනිසුරුතුමිය නිවැරදිකාරිය කරගැනීමටයි. එතුමිය තමන් ඇසූ නඩුවකට සම්බන්ධ කොම්පැනියකින් ගෙයක් ගත්තාලු. ගේ ගත්තේ සෝදරියක් වෙනුවෙන්ලු. එයා පිටරට ඉඳන් ගෙට සල්ලි එව්වාලු. ඒවා මෙයාගේ නමින් ඇති ගිනුමක් හරහා ගියාලු. එහෙමලු. මෙහෙමලු. වත්කම් ප්‍රකාශනවලදි සඳහන් කරන්න බැරිවුණාලු. 

නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නෙමෙයිලු. හැබැයි, ඒ අපටලු. එයාලට නොවෙයිලු. 

ඒ වුණාට ඉතින් කවුද දන්නේ ඔය නීති හැම එකම. 

අපි දන්න නීතියක්ද මොකක්ද එකක් තියෙනවා, කපුවට දේවාලෙ රෙන්න පුළුවන්ය කියලා.ේකත් අර ඉස්ටෑන්ඩිං ඕඩර් වේ පිළිගත්, හැම තැනකම ක්‍රියාත්මක වෙන, කවුරුවත් අභිෝගයට ලක් කරන්ේ නැති දෙයක්.

ඔය කපුවෝ එළිපිටම රෙන්නේ දේවාලවල! 

'හෙල් පින් හම්බන්තොට' කියන්නෙත් ඒ වගේ රීපු බෙට්ටක්නේ. 

එතොට තර්ක කරන්න පුළුවන් නීතිය ඉදිරියේ සියලුම කපුවන් සමාන විය යුතුය කියලා විතරයි. 

කොහොමද මගේ ටිකිරි මොළේ! නීති උපදෙස් අවශ්‍යනම් විමසන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-12-06

ඩයස්පෝරා එක සල්ලි බෙදන ගැනක් දන්නවානම් අපටත් කියන්න

යකෝ මේ ඩයස්පෝරා එකනම් මාර සල්ලි කඳක්නේ. මර්වින් සිල්වා කියන විදියට ඩයස්පෝරා එක අග්‍ර විනිශ්චයකාරිටත් සල්ලි දීලා. 

තව ඔය එන්ජීඕවලට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, අන්තරේට, පෙරටුගාමී සමාජවාදී පක්ෂයට, එජාපට එහෙමත් කාලෙන් කාලෙට සල්ලි දුන් බව කියනවානේ. 

මං හිතන්නේ ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන කණුවක් වෙන්නේ මේ ඩොලර්. ඩොලර් කියන්නේ විදේශ විනිමයනේ. අපට මාර විදියට ඒවා ඕනෑ කරලානේ තියෙන්නෙත්. 

හැබෑටම කවුරුහරි දන්නවද ඔය ඩයස්පෝරා එක සල්ලි බෙදන්නේ කොහේ ඉඳලද කියලා. අපිත් කීයක්හරි ඉල්ලගන්න. අපි ඔය දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැන මේ බ්ලොග් පඩංගුවේ ලියලා, ලියලාම සෑහෙන්න කතන්දරත් අහගෙන ඉන්න එකේ මේ නැතිබැරි කාලෙ අපේ පොඩිවුන්ට පාන් කෑල්ලක් අරන් දෙන්න බැරිද ඩයස්පෝරා එකට අපටත් කීයක් හරි දෙන්න. 

ඩයස්ෝරා එක සල්ලි දෙනවා, සල්ලි දෙනවා කියලා කියලාම ආණ්ඩුවටත් හිතෙයිද දන්නෙ නැහැ, අර නස්රුදීන්ට වේ සල්ලි ඉල්ලගන්න යන්න. 

මේ ළඟදි මරු අත්දැකීමක් ලැබුණා. අපේ කාර්යමණ්ඩලයේ ඉන්නවා තරමක සිවිල් හයියක් තියෙන හාදයෙක්. මිනිහා ප්‍රසිද්ධියේම දෙමළ කතාකැන මිනිස්සු ගැන කතා කරන්නේ පර දෙමළු, ගෙරි තම්බි ආදී වශයෙන්. මේ ලියන්නා (ලේඛකයා කියන වචනය පාවිච්චි කළාම සමහරු කියනවා ඒක මානසික ලෙඩක්ය කියලා) ඉතින් කවදාවත් සිය ජීවිතේදී ඔය වගේ වචන පාවිච්චි කරලා නැතිවා වගේම, ජාතිවාදයට විරුද්ධව වැඩකරලා පොඩි, පොඩි පරිප්පුත් කාලා තියෙනවා, ඔය රට හැර යන්නවීම, රස්සාව නැතිවී හිඟමනට වැටීම වගේ. 

මේ ළඟදි අපි වැඩකරනතැන දෙමළ මුස්ලිම් අයගේ උත්සවයක් තිබුණා. මේ ලියන්නාත් ඉඳිද්දිම ඒඅය ඇවිත් ආරාධනා කළා අර පට්ට ජාතිවාදී ොරට විතරක්. ජාතිවාදයට එරෙහිවීමට වඩා සිවිල් හයිය කොච්චර වැදගත්ද සුළුජාතීන්ට? ඌ ගියේවත් නැහැ, මං හිතන්නෙ. ඌ ඔය පර දෙමළුන්ගෙ, ගෙරි තම්බින්ගෙ ඒව කන එකෙක් නෙවෙයි. නියම වීර සිංහල කොල්ලෙක්.

ජාතිවාදෙට විරුද්ධව පෙනීහිටියයි කියල වැඩල්ලෑ ඕයි, ේ ඩයස්ොරලාවත් අපි ගැන බලන්නෙ නැහැ. උනුත් හරියට දෙයිො ව, බලන්නෙම ොකු ොකුවුන් දිහා විතරයි.

ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-12-05

සුදු රටකජු - රතු රටකජු හෙවත් දිළිඳුකම නැතිකරන පද පෙරළි

ධනවාදී ගෝඨාභය රාජපක්ෂගේ නගර අලංකරණය තුළ මිනිස් කසල ලෙස බැහැරවීමේ උරුමය ලැබ තිබෙන ලංකාවේ දිළින්දන්ගේ ඉරණම මෙම ඡායාරූපයෙන් කියැවේ. 

මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ගාලු බස්නැවතුමේ රටකජු ලෑල්ලක් පවත්වාගෙන ගිය දිළිඳු කාන්තාවක් එම රටකජු ලෑල්ල ඉවත්කර සිය ජීවෝපාය අහිමිකිරීම පිළිබඳ ගාලු මහනගර සභාවට විරෝධය පළ කළ අන්දමයි. 

ලංකාවේ බහුතරයක් වන දිළින්දන්ට ජීවනෝපාය අහිමිකරන සංවර්ධනයකින් ඇති ඵලය කුමක්ද? එේම තමන්ට දැනෙන තැනින් පමණක් මෙේ සටනකිරීමෙන් ඇති ඵලය කුමක්ද?

රටකජුකාරයා, සිඟන්නා පවා අේ සම්ප්‍රදායික දරිද්‍ර ජනජීවිතොටස්ය. දිළිඳුකම නැති ොකර, බටහිර රටවල් අනුකරණය කරමින් ොරු ෝබනය පිණිස කරන ේ සංවර්ධනයෙන් ඇති ඵලය කිම?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-12-04

සරෝජා, මහින්ද (චන්ද්‍රසේකර), දීපිකා, රත්තරං, රෝහිත භාෂණ හා ජාතීන්ගේ ප්‍රශ්නය

මහින්ද චන්ද්‍රසේකර 'මාතොටින් එන උතුරු සුළ‍ඟේ - ගිනි සිඹින මඩු පල්ලියේ - දෑස් අග නෙතු කඳුළු රන්දන සරෝජා මගෙ දෝනියේ' ගීය රචනා කළ සමයේ ඔහු ජාතිවාදයට විරුද්ධ ස්ථාවරයක් දැරුවෙකි. කලක් හේ ජයතිලක බංඩාර සමග 'සාදුජනරාව' සංගීතමය සාම වැඩසටහන කරගෙන ගියේය. 

1994දී චන්ද්‍රිකාගේ බලයට පැමිණීම බොහෝ ශුද්ධ වූ දේ කෙළෙසීමේ ආරම්භය වූ අතර 2009දී මහින්ද රාජපක්ෂ දෙමළ අරගලය ලෙයින් යකඩින් මර්දනය කරනවිට මහින්ද චන්ද්‍රසේකර මෙන්ම රජරටින් බිහිවූ තවත් රැඩිකල් කලාකරුවන් වන කරුණාරත්න දිවුල්ගනේ වැනි අයද මහින්ද පසුපසින් වැටී සිටියහ. ඔවුන්ගේ හදවත්වල කෙසේ වෙතත් දෑත්වලනම් දෙමළ ලේ තැවරී ඇතැයි මට සිතේ. (ේ පරපුේ අය අතරින් සුවිෂ මිනිසා ජයතිලක බංඩාර බව ෞරවයෙන් යුතුව සටහන් කරමු.)

කෙසේවෙතත්, මහින්ද චන්ද්‍රසේකර සොඳුරු මිනිසෙකි. මහඟු මිතුරෙකි. වරක් මෙම සටහන තබන ලේඛකයා ස්ථානමාරුවක් නිසා අතිශය දුෂ්කර තත්වයක සිටියදී මහින්ද ඔහුගේ මිතුරකු මගින් ‍එම ගැටලුව විසඳා දුන්නේ උණුසුම් මිත්‍රශීලී හැඟීමකිනි. එදා ඔහු මා සමග අනුරාධපුරයේ රාජ්‍ය නිලධාරියකුගේ නිවසට යන්නට පැමිණියේ ඔහුට කිසියම් ගුවන්විදුලි වැඩසටහනකට සවන් දීමට තිබියදීය. එකී රාජ්‍ය නිලධාරියාගේ නිවසේදී අපි එම ගුවන්විදුලි වැඩසටහන ඇසීමු. සරෝජා චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹී තිබුණු ඒ දිනවල එම වැඩසටහනට සහභාගිවී සිටියේ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකයි. මහින්ද චන්ද්‍රසේකර උනන්දුවුණේ එම චිත්‍රපටයට නම තැබීමේදී ඔහු‍ගේ ගීතය බලපෑවාද යන්න දැනගැනීමටයි. එය එසේ වූ බව සෝමරත්න දිසානායක කීවේය. 

සරෝජා ගීතය මෙන් නොව නරක දෙමළ සටන්කරුවන් හා හොඳ සිංහල සොල්දාදුවන් ගැන කියැවුණු සරෝජා චිත්‍රපටය සිංහල ස්වෝත්තමවාදී කතිකාවේම කොටසක් විය.

සාදුජනරාව තුළින් යුද විරෝධී සංස්කෘතික ව්‍යාපාරයේ ප්‍රබල චරිතයක් වී සිටි මහින්ද චන්ද්‍රසේකර එතැනින් ඈත්වන්නට යුද විරෝධී සංස්කෘතික ව්‍යාපාරයේ ඇතැම් අඩුපාඩුද ඉවහල් විය. යුද විරෝධී සංස්කෘතික ව්‍යාපාරය අර්බුදයට ලක්වුණේ දෙමළ අරගලයේ සාධාරණත්වය පිළිගැනීමේ පදනමින් දෙමළ සටන්කාමීන් පිළිබඳ අවිවේචනාත්මක ස්ථාවරයක් වෙත තල්ලුවීමත් සමගයි. දෙමළ සටන්කාමිත්වය ප්‍රතිරෝධය ලෙස පමණක් සැලකිය හැකිද යන්න ප්‍රශ්නයකි. දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය පැහැදිලිවම දෙමළ ජාතිවාදී ව්‍යාපාරයක් වූ අතර ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයන්ගේ පදනම ප්‍රතිරෝධයට වඩා දෙමළ ස්වෝත්තමවාදය විය.

මහජාතිවාදයට එරෙහිව සුළුතර ජාතීන් විසින්ද ඔසවා තබනු ලබන්නේ ජාතිවාදයම නම්, මහජාතිවාදයට එරෙහිව පීඩිත ජාතීන්ගේ ප්‍රතිරෝධය සාධාරණ වන්නේ නැත. එවැනි සංදර්භයක් තුළ ප්‍රගතිශීලීන් විසින් කළයුතුව තිබුණේ සුළුතර ජාතිවාදය ප්‍රවර්ධනය කිරීම නොවේ. වඩා පුළුල් පොදු අනන්‍යතාවක් ප්‍රවර්ධනය කිරීමයි. විශේෂයෙන්ම මහ ජාතියට අයත් ප්‍රගතිශීලීන්ගේ වගකීම එය විය. 

මහින්ද චන්ද්‍රසේකර යුදවිරෝධී සංස්කෘතික ව්‍යාපාරයෙන් ඈත්වීමට හේතු වූ දේශපාලන සංදර්භය මෙයයි. ඔහු වැනි ආධිපත්‍යවාදී නොවන සිංහල අනන්‍යතාවක් අගය කළ මිනිසුන්ට‍ සාදුජනරාවට බලපෑ හිරු කණ්ඩායමේ මතවාදය විසින් බලපෑම් කළේ දෙමළ ජාතිවාදය වැළඳගැනීමටයි. සිංහල මිනිසුන් දෙමළ ජාතිවාදය වැළඳගතයුත්තේ කුමකටද? 

ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය හා සම්බන්ධ කතිකාවට හිරු කණ්ඩායම හෙවත් රෝහිත භාෂණ කළ මැදිහත්වීම සම්බන්ධයෙන් මතු කරගත යුතු සංවාදය එයයි. සිංහල සමාජය තුළ ජාතික ප්‍රශ්නය විෂයෙහි වූ ඔහුගේ සාධනීය මැදිහත්වීම නිශේධනීය එකක් බවට පත් වන්නේ මේ සීමාසහිතකම නිසාය. (ඇමති රත්තරං ලියූ පොත් දොරට වැඩීමේ උත්සවයට රෝහිත භාෂණ කියා නම දැමීමෙන් පෙනෙන්නේ සැබෑ රෝහිත භාෂණව ලංකාවේ සමාජයට අමතකවී ඇති තරමයි. මේ නම රත්තරංට යෝජනා කළේ භාෂණගේ පැරණි මිතුරකු වූ විමල් වීරවංශ වන්නට පුළුවන)

හිරු කණ්ඩායමේ දේශපාලන මතවාදය කැටිකරගත්විට ඉන් කියැවුණේ පීඩිත දෙමළ ජාතියේ විමුක්ති අරගල මාදිලියද ස්වයංනිර්ණ හිමිකමේම කොටසක් බැවින් ප්‍රගතිශීලීන් විසින් කළයුතුව තිබෙන්නේ දෙමළ අරගලය ඒහැටියෙන්ම භාරගෙන එයට මැදිහත්වීම බවයි.  

හිරු කණ්ඩායමේ ගැටලුව වන්නේ ඔවුන් දෙමළ ජාතිවාදය ඉදිරියේ යටත්වීමයි. දෙමළ අරගලයට බලපෑමක් සහිතව සාධනීය මැදිහත්වීමක් කරනවා වෙනුවට දෙමළ ජාතිවාදය කරේ තබාගෙන නටන  තත්වයට පත්වීමයි. දෙමළ දේශපාලන ප්‍රජාවේ විශ්වාසය දිනාගත් සිංහල සිවිල් සමාජ කණ්ඩායමක් ලෙස දෙමළ අරගලයට තමන්ට කළ හැකිව තිබුණු සාධනීය මැදිහත්වීම නොකළ හිරු කණ්ඩායමද දෙමළ අරගලයේ පරාජයට හා එයින් සමස්ත ලාංකීය දේශපාලන ප්‍රජාවටම අත්වූ විනාශයට වගකිවයුතුය. 

කලක් හිරු කණ්ඩායමේ ක්‍රියාකාරිකයකුව සිටි මෙම ලේඛකයා විසින් ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි මෙම කාරණා දිගින් දිගටම මතු කර තිබේ. ඔහු සිතන අන්දමින් ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි සංවාදය ඉදිරියට යා යුතුව තිබෙන්නේ ප්‍රායෝගික මැදිහත්වීම් පිළිබඳ සංවාද ඔස්සේය. 

ආරක්ෂිත බටහිර හරිත තණබිම්වල සිටිමින් 'මල්වැවීම, මුද්දර එකතුකිරීම හා අවංක මිතුරු ඇසුර' වැනි විනෝදාංශද ෆේස්බුක්වල බොළඳ කෙළිකවටකම්ද කරන පැරණි සහෝදරයින්ට අප කියන්නේ ේවාලවලින් බිමට බසින්නට කියාය. 

මේ සටහන තබන්නට හේතුවුණේ දිවුල්ගනේගේ බලපෑම නිසා සරෝජා ගීතය අකැමැත්තෙන් ගැයූ, පසුව එයට හිලව් වන්නට යුද්ධය වෙනුවෙන් ඇතිතරම් ගීත ගැයූ දීපිකා ප්‍රියදර්ශනීට ගුසී නම්වූ ජාත්‍යන්තර සාම සම්මානයක් ලැබීමයි. එහි අපට තිබෙන එකම වැදගත්කම එම ගීයේ සංකල්පමය නිර්මාතෘවරයා වන මහින්ද චන්ද්‍රසේකර ඔස්සේ ජාතික ප්‍රශ්නය ගැන කතාකරන්නට අවස්ථාවක් ලැබීමයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-12-02

අධිකරණ භීතිකාව මනෝව්‍යාධියක්ද? ජ්‍යෝතිෂමය කාරණයක්ද?

හැමදාමත් උසාවියෙන් රැග්වන ලුම්පං නිර්ධනයන්ගෙන් ලුම්පන් ප්‍රභූන්ට කණේ පාරක්
වසර තිහක යුද්ධයෙන් දිනා ගත නොහැකි වූ දේ අලුත්කඩේ ගොස් දිනා ගන්නට ඇතැමුන් උත්සාහ ගන්නා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ කීවේය. 

ේ යුද්ධයෙන් දිනාගත ොහැකිවූ දෙය ඊලමයි. ඒ අනුව, අගවිනිසුරුවරිය ඊලම ලබාදෙන්නට ගියාද? 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංෝධනයට අනුකූලව තීන්දුවක් දුන් පළියට ඇය ඊලම හදන්න ගියා කියා විමල් වීරවංශටවත් කිව හැකිද? 

ඇත්තෙන්ම එහෙම එකක් තිබේද? එතරම් පිරිසුදු පසුබිමක් නැති, සුවිශේෂ ප්‍රගතිශීලී දේශපාලන ස්ථාවරයක්ද නැති, කිසිදු විශේෂ ජන ප්‍රසාදයක් හෝ සිවිල් සමාජ ගෞරවයක්වත් නැති අගවිනිසුරුවරිය එහෙම මාර ගේමක් ප්ලෑන් කළාදැයි සිතන්නටවත් බැරිය. එහෙම දක්ෂකමක් ඇයට ඇතිබවක් නොපෙනේ. 

අනෙක ඇය පසුපස සිට එහෙම ගේමක් මෙහෙයවන්නට ඉන්නේ කවුරුද? ේ දූෂිත සැමියාද?

සිංහල ජාතියේ නොමඳ සහයෝගයෙන් දියත් කරන ලද යුද්ධයෙන් පසු යුද අපරාධ පිළිබඳ චෝදනා හේතුවෙන් නිරතුරුවම ජාත්‍යන්තරයට බියෙන් සි‍ටින රාජපක්ෂ පවුල වතුර කොරහේත් කිඹුලන් දැකීම බලාපොරොත්තු විය හැකිමුත්, මෙතනනම් වතුර කොරහක්වත් නැත.

අපට සිතෙන පරිදි නම් අගවිනිසුරුවරියට මෙතරම් බියෙන් අවි අමෝරාගන්නට හේතුව එක්කෝ මනෝ ව්‍යාධියකි. නැතිනම් මනෝ ව්‍යාධිවලම පැතිකඩක් වන ජ්‍යොතිෂමය හේතු මත සිදුවන්නකි.

කොහොමවුණත්, මේ දිනවල සර්වබලධාරී අධිකරණයට එරෙහිව අපේ ත්‍රීවීල් මල්ලිලාට පවා පෙළපාලි යන්නට පුළුවන් පසුබිමක් නිර්මානය වී තිබීම නම් සතුටට කරුණකි.

අපට නම් අධිකරණයත් ව්‍යවස්ථාදායකයත් දෙකම එකම සමාන ගුණ ඇති මිනිසුන්ගෙන් සැදුම්ලත් තැන් වන හෙයින් මේ සටනේදී අපට කීමට ඇත්තේ 'උසී' කියන සටන් පාඨය පමණි.විමල් වීරවංශ හෝ රාජිත සේනාරත්න වැනි පොල්කටු උසාවි අත්දැකීම් ඇති අය අගවිනිසුරුවරියට එරෙහිව නඩු අසනඑක ගැන අපටනම් කිසිම අප්සෙට් එකක් නැත. අවසානයේදී බලන කල මේ ඔක්කෝම එකවල්ලේ පොල්ය.

අලුත්කඩේ කළුකෝට්කාරයන් වෙනුවෙන් සටන් පාඨ කියන්නට, පොල් ගසන්නට යන අපේ වාමාංශික සහෝදරයන් ගැන ඇත්තේ අතිශය කණගාටුවකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Jaffna student activist arrested

(This is a story received by us via email. We publish it in view of the safety of the student arrested)

Jaffna university students' union Secretary P. Tharshananth aged 24 years was arrested by Kopay police from his residence was the statement made by his mother to "Udayan" newspaper.

She further said, “at about 1.00 a.m during midnight hours, four persons attired in civil clothes knocked their home door. After examining the identity card of Tharshananth, they informed that they need to take him to the Kopay police station to take a statement. I yelled and cried it is not proper to take him, but ignoring my pleas, they took away Tharshananth. I saw them taking Tharshananth, in a vehicle which was parked outside”.

Mother of Tharshanth with tears informed that the police did not submit any documents for his arrest.

Regarding this complaint, when contacted the Kopay police station over the phone to confirm the information, a reply was in half Tamil, and the caller informed there is none who is conversant in English or Tamil available in the police station.

Meanwhile Deputy Vice Chancellor Siriyar Velnambi informed that two students from the Jaffna University were taken for police investigation.

Regarding a complaint made to the Kopay police, two students’ names were sent to the University Vice Chancellor.

Vice Channellor said, “I took them to the police station, and after investigation they were proved innocent, and were released today”.

K.Jenamenon the leader of the arts faculty students’ union and science faculty student S.Solaman were under police investigation.

Two days back a petrol bomb was flung at a party office located at Thirunelveli area, and after a complaint made, these two students was arrested was mentioned by the police.

Photographs of S.Solaman who was trapped in the midst of police baton charge at the protest held on last Wednesday at the Jaffna university on, was published in all medias. Hence this may be the reason for his arrest, is speculated by the students.

Recently Sinhala web media Reported Tharshanan and other Student detained @ TID (Terrorist Investigation Department) office main Branch in Colombo

Share -->

2012-12-01

Sri Lanka's major opposition United National Party leader Ranil gains mandate for six years's leadership

Sri Lanka major opposition United National Party (UNP) general assembly today passed a proposal to amend the party constitution so as to pave way the leader of the party to hold the position for six years.

Of the 6143 UNP members that participated in the48th annual congress 4978 voted in favour of the proposal while 337 voted against it.

UNP national list MP and the Chairman of Bar Association of Sri Lanka Wijedasa Rajapaksa moved the proposal which was seconded by MP Ajith P. Perera.

Deputy Leader Sajith Premadasa was a notable person that voted against the proposal. MPs Karu Jayasuriya, Dayasiri Jayasekara, Thalatha Athukorala and Buddhika Pathirana also voted against it.

Several MPs and activists of the UNP were observed leaving early after this proposal was passed.

Although there were some tension at the well guarded gates since only the pass holders were allowed to enter the UNP headquarters for the annual congress, the general assembly was held peacefully.

Several MPs of UNP yesterday complained to the Deputy Speaker of the parliament Chandima Weerakkodi that the firearms of the police officials who were providing security to the UNP MPs had been removed for today, December 01.

The MPs said that the taking over of the firearms was valid only for today and questioned the reason for the move.

UNP MP Ranjith Madduma Bandara said that the order to take back the firearms was issued by the Director of the Ministerial Security Division.

MP Buddhika Pathirana said that of the 42 UNP MPs 33 MPs are facing this problem while the firearms of the police officers of nine other UNP MPs have not been taken back.


Share -->

2012-11-30

මෙයා තමයි ඒ මිනිසා (නෑ, ගැහැනිය)


(පරමාදර්ශී විප්ලවවාදී ජීවිතයක් ගැන අසම්පූර්ණ කවියක්)

දිවියේ ග්‍රහ පිහිටන හැටි
ගැන හිත හිත තැවෙන ලොවක
අප වෙනුවෙන් උපන් මොහොත 
පමණක් සටහන් කළ නුඹ

අමාවකේ තරු වියනක
අසිරිය රසවත් කළ නුඹ
තරු අතරේ සැඟවී ඇති
පුළුල් ලොවට ඇස් දුන් නුඹ

අම්මාවරු දරුවන් ගෙන
පංති දුවන අතර හැල්මෙ
පුංචි අතින් අල්ලාගෙන
වත්තට අරගෙන ගිය නුඹ

නිදිකුම්බා මැළවෙන හැටි
බංඩක්කා පැළවෙන හැටි
කිරිමැටි ගුලි හැඩවෙන හැටි
සිත්තම් අත හුරු කළ නුඹ

තරුවක් වෙන්නට නොකියා
සිංදු නැටුම් කියා දීපු
කලා රසය බෙදා දීපු
කවි හදන්න උගන්නාපු

වත්තෙන් පිටියෙන් ගෙන ආ
කොළ මල් මුල් රසවත් කර
ආදරයෙන් අනා කවපු
නි කන්න එපා කියපු

මන්දිර දැස දසුන් යාන
 නැතැයි කියා සුසුම් හෙලු
පෙ දුප්පත් ොඩි පැල්පත
සෙනෙහෙ කැදැල්ලක් කරවපු   

නරලොව හොල්මන් බලන්න
ගම පිටින්ම දුවන විටදි
නෑ අපි යන්නේ කියාපු
අපට ඕනැ නැහැ කියාපු

වන්දනීය වූ ධනයට
නොවැන්ද ඒ ගැහැනිය නුඹ
තපසට පැන යන්නෙ නැතිව
හෙට වෙනුවෙන් වැඩ කළ නුඹ

නෙළාගන්න බැරි ඉර හඳ
වෙනුවෙන් නොහැඬූ ළඳ නුඹ
නෙලූ පළා මිටින් සතුට
විඳින අයුරු දන්නා නුඹ

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

2012-11-29

ඩලස් විතරද කොල්ලා

ශ්‍රී ලංකාවේ පළමුවන යොවුන් සරසවිය හෙවත් යෞවන විශ්වවිද්‍යාලය දකුණු පළාතේ කරන්දෙණිය ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන පිහිටුවීමට තීරණය කර ඇති බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසූ බව වාර්තා වේ.

එතකොට හත්වලාමේ මේ තියෙන අනෙක් විශ්වවිද්‍යාල හැටහුටහමාර මොනවද?

ඩලස්ගෙ හුට්ටලමෙ විතරද කොල්ලො ඉන්නේ?

කැම්පස් 'අංකල්ලා' උත්තර දෙන්න.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

2012-11-28

පරමාදර්ශී ජීවන විලාසිතාවක් සොයා යමු

අප පසුගිය ලිපිය අවසන් කළේ මෙසේ කියමිනි.

පවත්නා ක්‍රමයට එරෙහිව ඔසවා තැබිය යුත්තේ මිනිස් සාරයකි. ජීවගුණයකි. 

පරමාදර්ශී ජීවන විලාසිතාවකි.

අප මින් පෙරද සඳහන් කළ මේ පරමාදර්ශී ජීවන විලාසිතාව යනු කුමක්ද?

පරමාදර්ශී දේශපාලන ජීවිතයක් පිළිඳ කතා කළ සැණින් අප ඉදිරියේ මැවී පෙනෙන්නේ සමාජයට ඉදිරියෙන් සිටින බව කියන පෙරටුගාමී (vanguard) පක්ෂ විසින්තොරොම්බල් කර තිබෙන ගතානුගතික වෘත්තීය විප්ලවවාදියාය. නැතිනම්, අප දන්නා ජවිපෙ ෆුල්ටයිමර්ය. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතසියල්ල හැර දමා තපසට යන්නා සේ පක්ෂය වෙනුවෙන් දිවිදෙන්නට කැප වී පසුව ඒ දිවියත්, සාමාන්‍ය මිනිස් ආශාත් අතර ගැටුම කළමනාකරණය කරගැනීමට බැරිව අර්බුදයට පත්ව නන්නත්තාර වන හෝ ඒ දිවියෙන් ගැලවුණු පසු විසිගුණයක් කෑදරකමින් ආශාවන් පසුපස හඹා යන හෝ මිනිසෙකි.

අප කියන පරමාදර්ශී ජීවන විලාසිතාව කිසිසේත්ම මේ ෆුල්ටයිමර් නම් නොවේ. මේ ෆුල්ටයිමර්ගේ හෙළුවැල්ල දැන් හෙළි වී හමාරය.

අප යෝජනා කරන්නේ කුහක තපස් ව්‍රතයක් නොවේ.  විවෘත, සක්‍රිය, සාමාන්‍ය, සරළ මිනිසෙකි. ඔහු / ඇය පවත්නා තත්වයන් සමග පැවතිය හැකි අයකු මිස උත්තර ජීවියෙක් ලෙස පෙනී සිටින්නෙක් නොවිය යුතුය. මන්ද, සාමාන්‍ය මිනිසකුට එවැනි දේශපාලනයක් දරා ගන්නට බැරිය. 

කොටින්ම කීවොත් අප යෝජනා කරන්නේ දේශපාලන ගරිල්ලෙක් නොවේ. 

මේ මිනිසා (ගැහැනියද ඇතුළුව) වැඩකරන, ආදරය කරන මිනිසෙකි.

මේ මිනිසා ගැන හරිහැටි යමක් කීමට මමද නොදනිමි. අපි ඔහු / ඇය සොයාගත යුතුය.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->