2012-05-04

කිරි ගොවීන්ගේ උද්ඝෝෂණයෙන් ආණ්ඩුවට කිරි ඉතිරේ

කිරි විකුණා ගත නො හැකි යයි ‍කියමින් ගොවීන් උද්ඝෝෂණය කළ නිසා ආණ්ඩුව වහාම කිරිපිටි කිලෝවක් සඳහා 15%ක හෝ රු. 92ක ආනයන බද්දක් හෝ පනවා තිබේ. 


කිරි ගොවීන්ගේ උද්ඝෝෂණය ආණ්ඩුව පාවිච්චි කළේ සිය මඩිස්සලය පුරවා ගන්නට ය. මන්ද, කිරි පිටි මිළ වැඩි වූ පමණින් දේශීය කිරි අලෙවිය ඉහළ නො යන බැවිනි. 


දේශීයව නිපදවනු ලබන හයිලන්ඩ් කිරිපිටි ජනප්‍රිය නො වන්නේ ඒවා තත්වයෙන් පිටරටින් ආනයනය කරනු ලබන කිරිපිටි පහසුවෙන් දිය නො වීම, දිය නො වන කිරි පිටි අපතේ යාම, මිළ ද සැලකිය යුතු අඩුවක් නැතිකම හා දුර්වල අලෙවි කළමනාකරණය නිසා ය. 


‍දියර කිරි අලෙවි ජාලය ද ප්‍රමාණවත් තරම් පුළුල් වී නැත. නිවෙස්වලට කිරි ගෙන යන සේවාවන් ඇත්තේ ම නැති තරම් ය. 


ආණ්ඩුව අය කරන බදු මුදල් මෙවැනි ප්‍රශ්න විසඳීම සඳහා යොදා ගත යුතු ය. 


තවත් විස්තර මෙතැනින්

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

5 comments:

  1. MR way to go.... we pay.... you party.. yay..!!

    ReplyDelete
  2. kawda yako highland kiri hari neha kiyanne ? thopi ewa diya karaganne danne neha.mama mage 10 month old ekage indala denne highland. habai anith kiyapuwa atththa.

    ReplyDelete
  3. ඇත්තටම දියර කිරි බොන්න තියෙනවනම් අපි හරි ආසයි. එත් ඒවා පිටි බොනවට වඩා පාඩුයි. කාට හරි පුලුවන්නම් මේ අහක දාන කිරි කොලබට ලැබෙන්න සලස්වන්න ගොඩක් ප්‍රශ්න වලට විසදුම් ලැබෙනවා.

    ReplyDelete
  4. මොකද මේ බොරැ සද්ද? මැයි පලවෙනිදා දහස් සංක්‍යාත ජනතාවක් උඩ පැන පැන රජාට දීලා ඉල්ලුවේ මේවා නෙවෙයිද? හික් හික් හික් !!! අනෙක කෑම බීම ගණන් ගියාට මොකද මෙච්චර කලබල? ඇති වෙන්න තණ කොළ තියෙන රටේ. ඉන්න තරමක් ඉන්නෙ හරක්නේ. නැතිනම් වීරවංසගෙන් ජාති ආලේ ඉල්ලගෙන පවුලේ අයටත් ටික ටික දීලා කාපල්ලා. ඒකත් බඩගින්නට සෝයී..... හික් හික් හික් !!!

    ReplyDelete
  5. ආසියාවේ ආශ්චර්යමත් රටෙන් බිහිවු නව සොයාගැනීම් කල ලෝකයට මහඟු සේවාවක් කල විශ්වයේ නමක් රැන්දූ ශේෂ්ඨයන්,මහා දාර්ශණිකයන් ගේ ගුණ සැමරීමටත් ඔවුන් ලෝකය වෙනුවෙන් කල උදාර මෙහෙය ඇගයීමටත් මම මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා. මොවුන්ව ඇගයීමකට ලක් කර උපහාර උත්සවයක් පවත්වා සම්මාන ලබාදීමට හැකි කෙනෙක් ඉන්නව නම් ඒක කරන්න.

    1. බන්දුල ගුණවර්ධන – රු 2500 කින් මාසයක් ජීවත් වීවිය හැකි බව සොයා ගනිමින් ලෙවකන්නා වාදය ලොවට හදුන්වා දීම.
    *හාල්පිටි කිලෝවකින් ඉඳි ආප්ප 350 ක් නිපදවිය හැකි ක්‍රමයක් හදුන්වා දීම
    2. විමල් වීරවංශ – මහල්ලා සහ මුහුද” ලිව්වේ “ගී ද මෝපසාං” යැයි ගවේෂණාත්මකව සොයා ගැනීම.
    *බුදුන්ට ගල් පෙරලුවේ අංගුලිමාල බව පුරාවිද්‍යා පරීක්ෂණයකින් සොයා ගැනීම
    *තම පරිණත ඉංග්‍රීසි භාෂා දැනුම අනුසාරයෙන් ඉංග්‍රීසි භාෂාවට නව වචන මාලාවක් හඳුන්වා දීම.උදා :( PEPCI,CONDOM ).
    *කට අරින විට මොළය වැඩ කරන එක නතර වන බව විස්මිත් ජීව විද්‍යා පර්යේෂණයකින් සොයා ගැනීම.(තමාගේ මොළය ද දන්නේ නෑ පර්යේෂණයට භාජනය කලේ).
    *ලිබියානු වැසියන් වත් මෙතෙක් නොදැන සිටි ලිබියාවේ චෙන්නායි නමින් නගරයක් ඇති බව ගවේශණයකින් සොයා ගැනීම
    3. සුසිල් ප්‍රේමජයන්ත – මුලින්ම හඳට ගියේ යූරි ගගාරින් බව සොයා ගැනීම.
    4. විජිත් විජිතමුණි සොයිසා– ජේසුස් වහන්සේට ඇන ගැහුවේ අරාබි ජාතිකයින් බව පුරා විද්‍යා පර්යේෂණයක් සිදු කර සොයා ගැනීම.
    5. ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න – ගැලිලියෝට වස දීමෙන් මරා දැමුණු බව සොයා ගැනීම.
    6. ජැක්සන් ඇන්තනි – ජනපති බුදුන්ගේ ලේ නෑයෙක් බව ගුප්ත DNA පරීක්ෂණයකින් සොයා ගැනීම.
    7. මහින්ද යාපා අබේවර්ධන – ගොයම් පැලය පර පරාගනය සිදු කරන බව සොයාගැනීම.
    8. දි.මු ජයරත්න - ස්ත්‍රී දූෂණ සිදුවීමට හේතුව මිනිසුන් ආහර අනුභව කිරීම (බඩගින්නේ නොසිටීම) බව ගොක් කොල පෙනි පෙනී සිටිමින් රට ජනතාව ගැන සිතා අතිමහත් කැපවීමෙන් සිදුකල පර්යේෂණයකින් සොයා ගැනීම.
    9. ලලිත් වීරතුංග – පෘතුග්‍රීසීන් ලංකාවට පැමිණියේ 1905 දී බව සොයාගැනීම (08/04/12 දොරමඩලාව).
    10. රත්නසිරි වික්‍රමනායක – සීයා වරුන් (70+) සහ මිණිපිරියන්, මී මිණිපිරියන් (18-) අතර ලිංගික ක්‍රියාකාරකම් ප්‍රතිපලදායක බව හා අති සාර්ථක බව වසර ගණනාවක් තිස්සේ තමා විසින්ම අති මහත් වූ කැපවීමකින් පර්යේෂණ කටයුතු වල නියලෙමින් ඔප්පු කර පෙන්වීම
    11. චම්පික රණවක – මාධ්‍ය ඉදිරිපිට ප්‍රසිද්ධියේ තට්ටේ බෑමෙන්,රු 80000+ ඇඳක සැතපෙමින්,කාන්තා ලිංගික පරපීඩික ක්‍රියා සිදුකරමින්,ජනතා මුදලින් සුඛ විවරණයෙහි යෙදෙමින්,බේගල් ඇද බෑමෙන් ලැබෙන ආනිසංසයන්ගෙන් ඉතා ඉක්මනින් කෙටි මාර්ගයකින් නිවන් යා හැකිදැයි පර්යේෂණ මාලාවක් සිදු කරමින් හක්කේ බුදු රැස් බොක්කෙ දඩමස් න්‍යාය ලොවට හඳුන්වා දීම.
    12. මහින්ද රාජපක්ෂ - පවුල්වාදය ලොවට හඳුන්වා දීම (2005). උදා :( චාල්ස් ඩාවින් - පරිණාම වාදය(1859),ඇල්බට් අයින්ස්ටයින් - සාපේක්ෂතා වාදය (1916) ).
    13. කෙහෙලිය රඹුක්වැල්ල - (ඡන්ද පෝස්ටර් වල තිබුණේ(කොටි ත්‍රස්තවාදය පැරදූ අභීත රණහඬ) කියලා).. ඒ කියන්නේ කොලඹ A/C කාමරට වලට වී මාධ්‍ය ඉදිරියේ බෙරිහන් දෙමින් ඒ මගින් පිටවන ශබ්දය අධි ධව්නි තරංග බවට පත්කර අධි ධව්නි තරංග මගින් ත්‍රස්තවාදීන් ඝාතනය කල හැකි අමුතුම ආකාරයේ ගුප්ත අවියක් නිපදවා මොහු විසින් කොලඹට වී බෙරිහන් දෙමින්,ලිංගික අල්ලස් වශයෙන් ලැබෙන නිලියන් ගේ සහයෝගය ඇතුව කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම. .(කොටි මැරුණේ මූ කෑ ගහපු සද්දෙට ).
    14. රෙජිනෝල්ඩ් කුරේ - උක්වගාවට යටිරෝපනයක් හැටියට ගම්මිරිස් වගා කල හැකි බව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව හා එක්ව කල පර්යේෂණය කින් සොයා ගැනීම.
    15. නදීශා හේමමාලි - රටක ගණිකාවන් නොමැති වුනහොත් එම රටේ තරුණයන්ට මානසික රෝගආබාධ,අසහනය ඇතිවන බව පිස්සු හැදෙන බව තමා විසින්ම මහත්වු කැපවීමකින් ගණිකා සේවයේ යෙදෙමින් සිදු කල ගවේශණයකින් සොයා ගනිමින්,ගණිකාවන් රටක මූලික අවශ්‍යතාවක් බව ලොවට හඳුන්වා දීම.

    මොවුන් වෙනුවෙන් කවුරුන් හෝ උපහාර හෝ සම්මාන් උත්සවයක් පවත්වන්නේ නම් පැමිණෙන ජනතාවගේ රස වින්දනය පිණිස 18 වන ව්‍යවස්ථා සංශෝධනය,බලය බෙදීම හා ගෝලීය ආර්ථිකය පිලිබද දේශනයක් සිදු කිරීමට උපේකෂා සවර්ණමාලි මැතිනියට ලබාදෙන මෙන් මා ඉල්ලා සිටිනවා.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.