2012-05-26

W3Lankaට කරන්ට් වැදිණි

උදෑසන වැඩ කරන තැන විදුලිය නැත. විදුලි බිලේ ඇති දුරකතන අංක දෙක ම එබුවෙමි. ස්ථාවර දුරකථනය ක්‍රියා විරහිත ය. ජංගම දුරකථන අංකය කාර්ය බහුල ය. 


ප්‍රදේශයේ විදුලි බල මණ්ඩල ඩිපෝව ඇමතීමි. එක් කලාවක විදුලිය විසන්ධි වී ඇති බව දැන සිටියේ ය. එහෙත්, තවම ප්‍රධාන කාර්යාලයෙන් දන්වා නැති බව කීවේ ය. ඔවුන්ට අලුත්වැඩියාවක අවශ්‍යතාව පිළිබඳ දැනුම් දිය යුතු නිසා රත්මලානේ ප්‍රධාන කාර්යාලයට පැමිණිලි කරන ලෙස දැනුම් දෙන ලදී. 


උදේ හතේ සිට එබුවෙමි. එබුවෙමි. එබුවෙමි. එබුවෙමි. එබුවෙමි. එබුවෙමි. එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.එබුවෙමි.


මම ඔබ ඔබා සිටින අතර දවල් නවයට පමණ බඩු ආවේ ය. (විදුලිය සන්ධි විය.) 


අද හොඳ ය. මැයි 23දා එතැනට ම විදුලිය එයි. යයි. හෙළවෙයි. විදුලි බිලේ ඇති දුරකතන අංක දෙක ම එබුවෙමි. ස්ථාවර දුරකථනය ක්‍රියා විරහිත ය. ජංගම දුරකථන අංකයට පිළිතුරු ලැබිණි. ප්‍රශ්නය කීවෙමි. අවට නිවෙස්වල විදුලිය ඇති නිසා ප්‍රශ්නය ඇතුළත කම්බි පද්ධතියේදැයි සැක බවට ගොන් කතාවක් කීවෙමි. වරද අපේ ය. ඇතුළත ප්‍රශ්නයක් නිසා විදුලි කාර්මිකයකු ගෙන්වා පරීක්ෂා කරවාගෙන ආපසු දන්වන ලෙස කීවේ ය. 


කාර්මික ආවේ 24දා ය. ඇතුළේ විදුලිය නැති බව ද එබැවින් පද්ධතිය පිරික්සිය නො හැකි බව ද කාර්මික කීවේ ය. ආපසු ගියේ ය. 


මණ්ඩලයට දන්වන ලදී. ආවේ ය. විදුලිය ඇති බව කියා ගියේ ය. විදුලිය තිබිණි යළි නැති විණි.


නැවත කාර්මික ගෙන්වන ලදී.  විදුලිය නැති බව ද වරින් වර පැමිණ යන බව ද කීවේ ය. 


යළි මණ්ඩලයට දන්වන ලදී. කලින් කතාව ද කියන ලදී. යනවා, එනවා කියා නො කියූ නිසා යන විට විදුලිය තිබුණු නිසා හැරී ආ බව කීවේ ය. වරද අපේ ය. 


ඉක්මණින් ම මණ්ඩලෙන් ආවේ ය. කණුවේ ඔතා ඇති වයරයේ කාබන් කඩා සම්බන්ධතාව සකසා විදුලිය දුන්නේ ය. තේ බොන්න කීයක් හෝ අවශ්‍ය බව කී බව කාර්මික කීවේ ය. මම නො සිටියෙමි. 


විදුලි කාර්මික විදුලි පද්ධතිය පිරික්සා බැලුවේ ය. දෝෂ නැත. ඔහුගේ ගාස්තුව රු. 1500කි. 


‍විදුලි බල මණ්ඩලයේ වරදට දඩය රු. 1500කි. වරද අපේ ය. 


සාමාන්‍ය විදුලි සේවකයෝ සටනේ ය. තමන්ට නො දුන් වැටුප් වැඩි වීමක් ඉහළ නිලධාරීන්ට පමණක් දීම අසාධාරණ නිසා ඔවුහු සටනේ ය. සටන සාධාරණ ය. 


මේ මණ්ඩලය භාර අමාත්‍යංශය භාර වන්නේ රටේ සිටින ලොකු ම දේශප්‍රේමියාට ය. පසුගිය කාලයේ මේ මණ්ඩලය ලාභ ලැබී ය. දැන් පාඩු ලබයි. විදුලි බිල ද වැඩි කරන ලදී. ඒත් පාඩු ය. එහෙත්, අලෙවි කරන විදුලියෙන් විශාල පංගුවක් අදත් නිෂ්පාදනය කරන්නේ වතුරෙනි. 


වරද අපේ ය. 

 මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

4 comments:

  1. නඩුත් හාමුදුරුවොන්ගේ බඩුත් හමුදුරුවොන්ගේ ....!!!!!!

    ReplyDelete
  2. කොහෙත් එකය....

    කාගේ කාගේත් වරදවල් වලට , දඩ ගෙවන්නේ අහක ඉන්න මේ අපිය.

    දුරකතනයේ අංක කෙසේ වෙතත් , මුන් ඔක්කම අල්ලා ගගක වැවක නොව මුහුදේම එබිය යුතු ය.

    ReplyDelete
  3. කරන්ට් වැදිලවත් මරුනේ නැද්ද ?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.